කාලීන

සෞදි අරාබිය දේශපාලන ක්‍රියාකාරිනියකගේ ගෙළ සිඳ මරා දැමීමට සැරසෙයි.

ඉස්රා සහ ඇගේ සැමියා මවුසා අල්-හෂේම් (Moussa al-Hashem) අත්අඩංගුවට ගැනුණේ 2015 දෙසැම්බරයේ ය. ඔවුන්ට එරෙහිව නැගුණු චෝදනාව සෞදි රාජධානියේ නැගෙනහිර පළාත වන ක්වාටිෆ් හි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමයි.

සෞදියේ ක්‍රියාත්මක ත්‍රස්ත මර්දන නීතිවලට අනුව මෙම වරදට දඬුවම මරණයයි.

ඒ අනුව මේ මස මුලදී සෞදි අධිකරණය නියම කළේ ඉස්රා සහ තවත් පස් දෙනෙක් ගෙළ සිඳ මරා දමන්නට ය.

මෙහි මුලින්ම දැක්වෙන්නේ ඉස්රාගේ ළමා කල ඡායාරූපයකි. ඉස්රා සමග ගෙළ සිඳ මරා දැමීමට නියමිත සය දෙනා මෙහි දැක්වේ. | https://www.middleeasteye.net

ඇයව මේ වන විට පුරා වසර 3කට අධික කාලයක් රඳවා තබාගෙන සිටින්නේ නීතීඥ සහායක් පවා ලබාගැනීමට ඉඩ නොදෙමිනි.ඔක්තෝබර් මාසයේදී ඇය වෙනුවෙන් අධිකරණයේ අභියාචනය කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරීහු කටයුතු කරමින් සිටිති.

සෞදියේ මානව හිමිකම් පිළිබඳ යුරෝපියානු සෞදි සංවිධානය (European Saudi Organisation for Human Rights) ඉස්රා ව හඳුන්වා දෙන්නේ ‘මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී වැඩ කළ ප්‍රකට චරියයක්‘ ලෙස ය. ඇයව වහාම නිදහස් කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.

නමුත් මේ හඬට කන් දෙන්නේ කවුද? මේ මරණ දණ්ඩනය නතර කළ හැක්කේ සෞදියේ සලමන් රජුට පමණි. නමුත් ඔහු සාමාන්‍යෙයන් කිසිම මරණ ලැයිස්තුවක් සංශෝධනය කරන්නේ නැත. ඔහු කරන්නේ අනුමත කිරීම පමණි.

සෞදි අරාබියේ සලමන් රජු | Wikipedia

සෞදියේ රැවුල් කුමාරයා යනුවෙන් විරුදාවලි ලත් ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් ය. රට තුළ අතිශය ප්‍රගතිගාමී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන අයෙක් වශයෙන් ඔහු ව සැලකේ. සෞදි අරාබිය ගතවූ කාලයේදී සමාජයීය සහ ආර්ථික වශයෙන් විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් වෙත යොමුවුණේ මේ කුමරු නිසා ය. ආගමික අන්තවාදය සහ දූෂණය නතර කිරීම සඳහා ඔහු විසින් වැදගත් පියවර ගණනාවක් ගෙන තිබේ. සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර ලබාදීම එයින් එකකි. නමුත් සෞදියේ මානව හිමිකම් තත්වය නංවාලීම සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත් වීම ඉතා අඩු ය.

සෞදියේ ප්‍රගතිශීලී රැවුල් කුමාරයා | Al Jazeera

මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය ඉස්රාට ගැළවීමක් නැති බවද? ඇගේ ගෙළ කපා මරා දැමුණහොත්, එය පැහැදිලිවම සෞදියේ සියලුම දේශපාලන ක්‍රියාකාරිනියන් සම්බන්ධයෙන් සෞදි අධිකරණය ලබාදෙන ‘භයානක පූර්වාදර්ශයක්‘ වනු ඇත. ඇම්නේස්ටි ඉන්ටනැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට අනුව සෞදි අරාබිය ලෝකයේ වැඩි වශයෙන්ම අළුගෝසුකම කරන රටයි. එනම්, ලෝකයේ වැඩිපුරම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන රටයි. මේ මොහොතේ ද සෞදියේ මරණ දණ්ඩන ලැයිස්තුවේ 58 දෙනෙක් සිටිති.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

9 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

13 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

16 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

18 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

18 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago