මේ බව අනාවරණය කරන්නේ සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් වන Group-IB විසිනි.
කෙසේ නමුත් බංග්ලාදේශයෙන් හැර අනෙකුත් රටවලින් මේ නිසා සිදුවූ හානිය පිළිබඳ තවම වාර්තා නොවේ. බංග්ලාදේශයේ ඩච් බංග්ලා බෑන්ක් ලිමිටඩ් (Dutch Bangla Bank Limited) වෙත එල්ල වූ හැකර් ප්‍රහාරය බලපා තිබුණේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර – ATM වලින් මුදල් ලබාගැනීමේදී ය. එහිදී මැයි මාසය තුළ මෙම බැංකුවට සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් බව වාර්තා වේ.
මෙම හැකර් ප්‍රහාරය සිදුකර ඇති කණ්ඩායම තමන්ව හඳුන්වාගන්නේ ‘නිහඬතාවය‘ – “Silence”යනුවෙනි.
මෙම හැකරුන් 2016 වසරේ පටන් ලොව පුරා රටවල බැංකු පද්ධතිවලට සිය ප්‍රහාර දියත් කර තිබේ. ඒ අනුව පැරණි සෝවියට් රාජ්‍යවලට මෙන්ම රුසියාවට සහ නැගෙනහිර යුරෝපයට මෙම ප්‍රහාර සිදු කර තිබේ. එහිදී නැගෙනහිර යුරෝපයට එල්ල වූ ආක්‍රමණය සාර්ථක ලෙස මැඩ පවත්වන්නට Group-IB සයිබර් ආරක්ෂණ සමාගම සමත් විය.
නමුත් ඔවුන් විසින් ආසියාව ආක්‍රමණය කළ පළමු අවස්ථාව මෙයයි.
බංග්ලාදේශයේ ඩච් බංග්ලා බැංකු පද්ධතියට පිවිසීමට ඔවුන් සමත් වී තිබෙන්නේ එහි සර්වරය සමග සම්බන්ධ වීම හරහා ය. ඒ අනුව හැකර් කණ්ඩායමේ සර්වරය 2019 පෙබරවාරි මාසයේ පටන් බැංකු සර්වරය සමග සම්බන්ධ වී තිබේ. එහිදී සයිලන්ස් නමැති මැල්වෙයා වෛරසය ඔවුන් විසින් මුදා හැර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැරදි නියෝග නිකුත් කිරීම සහ අසාමාන්‍ය අන්තර්ජාල තදබදයක් (ට්‍රැෆික්) වාර්තා වීම ද සිදුව තිබේ.
බංග්ලාදේශයේ තවත් බැංකු දෙකක් වන NCC Bank සහ Prime Bank වෙත ද මෙම හැකර් ප්‍රහාරය මේ අන්දමින්ම එල්ල වී තිබුණත්, ඔවුන් විශාල හානියක් සිදුවීමට පෙර එය යථා තත්වයට පත් කර ගත් බව ද වාර්තා වේ.
මෙම හැකර් කණ්ඩායම විසින් “FlawedAmmyy loader” නමැති malware වෛරසයක් තාක්ෂණිකව ලියා නිර්මාණය කර ඇති බව ද වාර්තා වේ.
සෙසු රටවල් 3 හිද බැංකු මෙම සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රහාරයට බඳුන් වී ඇති බව Group-IB සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසා සිටියත් ඔවුන් එම බැංකුවල නම්, වෙන් වෙන් වශයෙන් හෙළිදරව් කරන්නේ නැත.
ප්‍රධාන ඡායාරූපය – Themorning.lk
මූලාශ්‍රය – zdnet.com
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…