ඊශ්‍රායලයේ මාධ්‍ය ආයතනයක් වන Bldtna හි ප්‍රධාන කතෘ නිදාල් අග්බරියා නම් මාධ්‍යවේදියා මහමඟ වෙඩි තබා ඝාතනය කළ පුවත අප ඔබට වාර්තා කළේ ඉකුත් සැප්තැම්බර් 07 වන දින ය.
මේ වන විට මෙම ඝාතනයට අදාළව සැකකරුවන් දහ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉකුත් සතිය තුළ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ (26) දින වන විට තවත් සැකකරුවන් සය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැප්තැම්බර් 04 වන දින සිදුවූ මෙම ඝාතනය හමුවේ ඊශ්‍රායල පොලීසිය කටයුතු කළ අන්දම පිළිබඳ බොහෝ විවේචන එල්ල වූ අතර, ඊශ්‍රායලයේ මනුෂ්‍ය ඝාතන රැල්ල හමුවේ බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට මාධ්‍ය ප්‍රජාව මඟින් එල්ල වී තිබිණි.
නිදාල්ගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය පළකරමින් සිදුවීමෙන් කැළඹීමට පත් ඊශ්‍රායල මාධ්‍ය ප්‍රජාව පොලීසියට චෝදනා කළේ නිදාල් ගේ ඝාතනය වළක්වා ගැනීමට පොලීසිය අසමත් වූවා පමණක් නොව ඔහුගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට උනන්දුවක් ද නොමැති බවයි. ඒ වෙනුවට ඔවුන් එම ඝාතනය සිදුව ඇති ස්ථානයට විත් ඡායාරූප ගනිමින් කාලය ගත කරන බව ඔවුන් විසින් චෝදනා කර තිබිණි.
මෙම ඝාතනයට එරෙහිව ප්‍රභල ජන හඬක් සහ විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට ද ක්‍රියාකාරීන් කටයුතු කර තිබිණි.
ඡායාරූප: Ahmad Gharabli/AFP via Getty Images
සබැඳි පුවත්:
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.