පසුගිය ඔක්තෝම්බර් 29 වන දින දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සව අතරතුර ඇතිවූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 156 දෙනෙකු මිය ගිය අතර තවත් 196 දෙනෙකු තදබදය හේතුවෙන් තුවාල ලැබීය.
සිදුවීමෙන් සතියකට පසු බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අනාගතයේදී ජන සමූහය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට ප්‍රතිඥා දී ඇති ජනාධිපති යූන් සුක්යෙයෝල් මෙන් ම ජාතික පොලිස් ප්‍රධානියා අනතුර සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලා ඇත.
මේ පිළිබඳව සිය විරෝධතාවය ප්‍රකාශ කිරීමට සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන කණ්ඩායම් සෝල් අගනුවර පුරා විරෝධතා හතක් පමණ සංවිධානය කර තිබූ අතර විශාලතම රැළිය සංවිධානය කර තිබුණේ ජනාධිපති යූන්ට එරෙහිව නිතිපතා දේශපාලන විරෝධතා පවත්වමින් සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල සන්ධානයක් වන Candlelight Action විසිනි.
කළු හැඳි දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සිය සමීපතමයන් ඉවත්වීම ශෝකයන් බව සඳහන් කරමින් කළු විරෝධතා පුවරු මෙන්ම, කොරියානු සංස්කෘතියේ ශෝකයේ මල් රැගෙන විරෝධතාවයට එක්ව සිටියහ. වේදිකාවේ දී, බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් කියවන ලද ශෝකජනක ගීතවලට අමතරව විරෝධතා සංවිධානය කරන ලද ක්‍රියාකාරීන් මාරුවෙන් මාරුවට මෙම අනතුර ඝාතනයක් බවට රජයට චෝදනා කරනු ලැබීය.
විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කරනු ලැබුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන අපරාධකරුවන් සොයමින් සිටීන මුත් රජය විසින් සිය වගකීම පැහැර හැර ඇති බවයි.
රජයන් සෑම මැතිවරණයකදීම වෙනසක් පොරොන්දු වනමුත්, හැම විටම සමාජ ව්‍යසනයක් සිදුවන බවට ඔවුන් තර්ක කරයි. මෙම සිදුවීම සිදු වූයේම රජය විසින් සිය මූලික කාර්යභාරය ඉටු නොකිරීම හා වගකීම පැහැර හැරීම නිසා බවත්, මේ සමාජය සාමාන්‍ය නොවන බවත්, රට තුළ ආරක්ෂාවක් නොමැති බවත්, විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබිණි.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…