ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරක්ෂාවට පාකිස්ථානයේදී තර්ජනයක්? – ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරියේදී නියමිත ව තිබෙන පාකිස්තාන සංචාරයේදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමට ඉඩ තිබේද යන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානයට යොමු වී ඇති  ඉන්ඩියා ටුඩේ (India Today)  වාර්තා කරයි. 


අද දින (12) පළ වී තිබෙන වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ අගමැති කාර්යාලයෙන් මේ පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබීමෙන් පසුව ය. පාකිස්ථාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම ගැන තමන්ට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කර ඇති අතර අදාළ පණිවුඩය ඔවුන් වෙත යොමු කර ඇත්තේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ය. මේ අනුව තරග සංචාරය ආරම්භ කිරීමට පෙර මේ පිළිබඳ නැවත සලකා බැලීම අත්‍යාවශ්‍ය බව ක්‍රිකට් බලධාරීන්ගේ මතය වී තිබේ.     


පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ ලාහෝර් නුවර පැවැත්වෙන T20 තරග ගණනාවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 9 දක්වා කාලය තුළ සහභාගි වීමට නියමිත ය. 

උද්ගත ව ඇති තත්වය මත ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සහයෝගය ඇතිව ආරක්ෂක තත්වය නැවත තක්සේරු කිරීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරයි. 
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාමාජිකයන් 10 දෙනෙක් පාකිස්ථාන සංචාරය සඳහා අකමැත්ත පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මේ වන විට නිවේදනය කර තිබෙන්නේ දෙවැනි එක්දින ජාත්‍යන්තර සහ ටී 20 කණ්ඩායමයි. 


මේ අනුව පාකිස්ථාන සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩකයන් වූයේ නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, ඇන්ජෙලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න ය. ආබාධයකට ලක්ව සිටීම නිසා කුසල් මෙන්ඩිස් හට මේ සඳහා ඉදිරිපත් වීමට හැකි වූයේ නැත. 

මේ අතර, පාකිස්ථාන සංචාරයට සූදානමින් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන් ද ආරක්ෂාව පිළිබඳ ගැටළුව හේතුවෙන් කණස්සල්ලට පත්ව සිටින බව ඉන්ඩියා ටුඩේ සඳහන්  කරයි. 

මේ අතර, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් කියා තිබෙන්නේ උද්ගතව ඇති තත්වය මත, ශ්‍රී ලංකාවෙන් එවනු ලබන කිනම් කණ්ඩායමක් වුවද තරගාවලි සඳහා පිළිගන්නා බවයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන 2009 වසරේදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය විදේශීය කණ්ඩායම් සඳහා සත්කාරකත්වය ලබාදීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙයි. 

කෙසේ වෙතත් 2017 ඔක්තෝබරයේදී T20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පිල ලාහෝරයට පැමිණි අතර, ගතවූ වසර 2 ක කාලය තුළ බටහිර ඉන්දීය කොදෙව් පිල ද කිසිදු ගැටළුවකින් තොරව පාකිස්ථානයේදී T20 තරගාවලි සඳහා ක්‍රීඩා කර තිබේ. 
– අමාලි ජයවීර 

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

10 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

17 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

18 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

19 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

20 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

20 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago