කාලීන

‘‘අපිව ඉත්තන් කර ගන්න එපා‘‘- ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ඉල්ලති.


සිංහල බෞද්ධයන්ගෙන් 90%ක්ම තමන්ගේ අලෙවි සැලට පැමිණීම ප්‍රතික්ෂේප කළ බව මොහොමඩ් ඉල්ලෙයාස් පවසයි.

මෙයට මාස කිහිපයකට පෙර දක්වාම මොහොමඩ් ඉල්ලෙයාස් බස්නාහිර පළාතේ පිහිටා තිබූ සිය හාඩ්වෙයා වෙළඳසැල කිසිදු අපහසුවකින් තොරව පවත්වාගෙන ගියේය. කොට්ටාරමුල්ල ගම්මානයේ පිහිටා තිබෙන ඔහුගේ වෙළඳසැලෙහි තීන්තවල පටන් විදුලි බල්බ දක්වා හැම දෙයක්ම විකිණීමට තිබෙන අතර, එය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් විය.

කොළඹට කිලෝමීටර 95 ක් පමණ ඈතින් පිහිටා තිබෙන මෙම ප්‍රදේශයේ ජීවත් වන බහුතරය සිංහලයන් ය. සුළුතර මුස්ලිම් ජාතිකයෝ ද එහි වෙසෙති. දශක ගණනක් මුළුල්ලේ මුස්ලිම් ජාතිකයෙකු වන ඉලියාස්, ඔහුගේ වෙළඳසැලෙන් සියලුම ආගමික ප්‍රජාවන්ට අයත් ජනතාවට සේවය කළේය.

නමුත් අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සියල්ල වෙනස් විය.

‘‘බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ මගෙ සිංහල පාරිභෝගිකයන්ගෙන් 90%ක්ම මගෙ අලෙවිසැලට එන එක නතර කළා. මගෙ ව්‍යාපාරය සීඝ්‍රයෙන් කඩාගෙන වැටුණා. මට රුපියල් ලක්ෂ ගාණක් පාඩු වුණා..“ ඉලියාස් බීබීසී පුවත්සේවය සමග පැවසුවේය.

කොළඹ කොටුවේ මුස්ලිම් වෙළෙන්දෙක්

දේශීය ජනතාව ඉතා සුළු වශයෙන් දැනගෙන සිටි කණ්ඩායම්වලට සම්බන්ධිත ඉස්ලාම් ආගමිකයන් සුඛෝපභෝගී හෝටල් සහ දේවස්ථානවලට එල්ල කළ ප්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම විනාශකාරී ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය භටයන් (අයිසිස්) විසින් භාරගැනීම දේශය කම්පනයට පත් කළේය.

‘‘පසුගිය සතිවලදී පාරිභෝගිකයන් සුළු පිරිසක් ආපහු කඩේට එන්න පටන් ගත්තා. නමුත් බොහොම සුළු පිරිසක්. මේ තත්වය දිගටම පැවතුණොත් මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.“ යැයි ඉලියාස් පවසයි.

බොහෝ මුස්ලිම්වරුන්ට දැනෙන්නේ මරාගෙන මැරෙන අයිසිස් බෝම්බ ප්‍රහාරවලින් පසු තමන්ව යක්ෂයන් හෝ තර්ජනාත්මක පිරිසක් සේ දැකීමට සමාජය පුරුදු වී ඇති බවයි. තමන් මේ වන විට ‘ඉලක්ක‘ බවට පත්ව ඇති බවද ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ජීවත් වන මුස්ලිම්වරුන් පසුගිය මැයි මාසයේ පටන් විවිධ ප්‍රහාරවලට ද ලක් වී සිටිති.

පසුගිය ජූනි මාසයේදී සිංහල බෞද්ධ මහනායකවරයෙකු ප්‍රසිද්ධියේම, මුස්ලිම් කඩසාප්පුවලින් බඩු භාණ්ඩ මිලදී නොගන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිිටියේය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දැඩි විවේචනයක් ද එයට එල්ල විය. ඔහු ‘සැබෑ බෞද්ධයන්‘ගෙන් අයැද සිටියේ කලාපයේ ‘තලෙයිබාන්කරණය‘ ට එරෙහිව ‘සැබෑ බෞද්ධයන්‘ට එක්සත් වන ලෙස ය.

බහුවාර්ගික, බහුආගමික ශ්‍රී ලංකාව තුළ වාර්ගික සහ ආගමික පැලුම් රේඛා ගැඹුරට සටහන් වෙයි. ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වන ජනගහනයෙන් බහුතරය සිංහල බෞද්ධයන් වන අතර, 10%ක් පමණ මුස්ලිම් ජාතිකයෝ වෙති. ජනගහනයෙන් 12%ක් හින්දූන් වන අතර, ඔවුන්ගෙන් බහුතරය වාර්ගික දමිල සුළුතරයයි. ජනගහනයෙන් 7%ක් ක්‍රිස්තියානි ආගමිකයන් ය.

ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 250කට අධික පිරිසක් මරු දුටුවහ.

ශ්‍රී ලංකාව 2009 වසරේදී දශක ගණනක සිවිල් යුද්ධය අවසන් කළේය. යුධ සමය තුළ දස දහස් ගණන් ජනතාව මරා දැමිණි. දස අවුරුද්දකට ආසන්න කාලයක් පැවති සාපේක්ෂ සාම සමය, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිඳී බිඳී ගියේය.

මෙහිදී රට පුරා ජීවත් වන මුස්ලිම්වරු සිත්පිත් නැති ඝාතන හෙළා දුටුවහ. නමුත් ඔවුන් විසින් එකහෙළාම සිදුකළ එකී හෙළාදැකීම දැඩි මතධාරී සිංහලයන් තෘප්ත කර නැත. මූලික වශයෙන් ඔවුන්ගේ කෝපය එල්ල වූයේ ඉස්ලාමයේ දැඩි මතධාරී වහාබිවරුන් වෙත ය.

මුළු මුස්ලිම් ප්‍රජාවම එදිරිවාදී තත්වයකට පත්ව ඇතැයි දැන් මුස්ලිම් නායකයෝ පවසති. ඔවුන්ට හැඟී යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මුස්ලිම් දේශපාලකයන් සහ ආරක්ෂක අංශ, තමන්ට එරෙහිව නොවෙනස් ලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරින බවයි. වාර්ගික ප්‍රජාවන් අතර ප්‍රචණ්ඩත්වයන් ඇති වීම අවම කිරීම සඳහා ආරක්ෂාව දැඩි කර ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

යුක්තිය කවදා ඉටු වේද?

‘‘මේ අවුරුද්දේ ජූනි මාසයේදී මුස්ලිම් දේපළ කොල්ලකමින් සිටි සිංහල මැර කණ්ඩායමක් මගේ සහෝදරයාව නිවස අසලදී මරා දැමුවා. ඒ ගැන යුක්තියක් ඉටු වේදැයි අපට විශ්වාසයක් නැහැ.‘‘වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් වන මොහොමඩ් නජිම් පවසයි.  

පොලීසිය පවසන්නේ මොහොමඩ් නජීම්ගේ සොයුරු මොහොමඩ් අමීර් මොහොමඩ් සාලිගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සහ විමර්ශන තවදුරටත් පැවැත්වෙන බව ය.

ආරක්ෂක හේතුන් මත බව පවසමින් ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ ස්ථානවල මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමෙන් පසු සම්ප්‍රදායික ඉස්ලාම් ඇඳුම අඳින මුස්ලිම් කාන්තාවන් ද ඉලක්ක වී තිබේ. මුහුණෙන් වැඩි කොටස හෝ සම්පූර්ණ මුහුණම ආවරණය කරන හිජාබ් සහ නිකාබ් වශයෙන් මෙහිදී මෙම ඇඳුම් නම් කරනු නොලැබුවද, මුස්ලිම් ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ හිස් ආවරණය කරන රෙදි පැළඳගෙන සිටින කාන්තාවන් පවා තාඩන පීඩනවලට ලක්වූ බවයි.

‘‘ගෙදර ගිහින් සාරියක් ඇඳගෙන එන්න!“

‘‘රජයේ කාර්යාලවල වැඩ කරන මුස්ලිම් කාන්තාවන් ගැටළුවලට මුහුණ දෙමින් සිටිනවා. ඇතැම් ස්ථානවල හිස් ආවරණ පැළඳගෙන සිටින මුස්ලිම් කාන්තාවන්ට ගෙදර ගොස් ආපසු සාරියක් ඇඳගෙන එන ලෙස පවසා තිබෙනවා.“ යැයි මුස්ලිම් කාන්තා සංවර්ධන භාරයේ අධ්‍යක්ෂිකා ජුවාරියා මොහිදීන් පවසයි.

පොදු ප්‍රවාහන බස් රථවල සම්ප්‍රදායික අබාය පැළඳගෙන සිටින මුස්ලිම් කාන්තාවන් අසල වාඩි වීම ද ඇතැම් සිංහල කාන්තාවන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඇය පැවසුවාය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි මුස්ලිම් වෛරය ඇවිළවීම වෙනුවෙන් චෝදනා ලබයි.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම ඇතුළු ක්‍රියාවන්, දේශීය බෞද්ධ මහනාහිමිවරුන්ගේ ක්‍රියාවන්ගෙන් උත්තේජනය ලද බෞද්ධ හිමිවරුන් විසින් ලබාදුන් පණිවුඩයේම කොටසක් යැයි ප්‍රජා නියෝජිතයෝ පවසති.

අතීතයේ මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය වැපිරවීම සම්බන්ධයෙන් එක් භික්ෂූන් වහන්සේ නමක් චෝදනා ලැබූහ. ඒ, ජාතිවාදී කණ්ඩායමක් වන බොදු බල සේනා හි නායක ගලගොඩ අත්තේ ඥානසාර හිමි ය.

‘‘අපිට කරන්න දෙයක් නෑ‘‘ – ඥානසාර

‘‘කිසිම සංවිධානයක් මුස්ලිම් කඩ සාප්පුවලින් භාණ්ඩ මිලට ගන්න එපා කියල මිනිස්සුන්ට කියල නෑ. මිනිස්සු එහෙම කරන්නෙ තමන්ගෙ කැමැත්තෙන්. අපිට මේකට කරන්න දෙයක් නැහැ“ යැයි ඥානසාර හිමි පැවසූහ.

අධිකරණයට අපහාස කිරීම නිසා සය අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටි මෙම භික්ෂුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පසුගිය ජූනි මාසයේදී සමාව දුන්නේය.

‘‘මුස්ලිම් ප්‍රජාව තමන් අතරම මේ ගැන කතා කර මේකට පිලිතුරු සොයාගන්න ඕනෙ. අපි කියන්නෙ නෑ සියලුම මුස්ලිම් ජාතිකයො ප්‍රචණ්ඩත්වයට සම්බන්ධයි කියලා.. නමුත් මුස්ලිම් ව්‍යාපාරිකයො හොයාගන්න ඕනෙ දැඩිමතධාරී ඉස්ලාමයට සහාය දෙන්නෙ කවුද කියලා. ඔවුන් ව හෙළිදරව් කළ යුතුයි..‘‘ යැයි බොදු බල සේනා නායකයා පැවසීය.

‘‘අපිට බණ කියන්න එපා“ – අමාත්‍ය රවුෆ් හකීම්

නමුත් මුස්ලිම් නායකයන් පැවසුවේ මෙම භික්ෂුව තමන්ගේම දැක්ම ප්‍රශ්න කළ යුතුව ඇති බවයි. ‘‘ඔහු අපිට අනුශාසනා කිරීම නතර කරන්න ඕනෙ. තමන්ගේම ඇතුළතින් ආලෝකය සොයාගැනීමට ඔහු යොමුවිය යුතුයි.‘‘ යැයි පවසන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ අමාත්‍යවරයෙක් වන රවුෆ් හකීම් ය.

ඔහු පැවසුවේ මුස්ලිම්වරුන් ප්‍රජාවක් වශයෙන් තමන්ට වැරදුණු තැන් සොයාගැනීම සඳහා බරපතළ ප්‍රත්‍යවේක්ෂණයකට යොමුවීමට සූදානම් බවත්, ඔවුන් දැනටමත් ස්වෙච්ඡාවෙන් එසේ කරමින් සිටින බවත් ය.

‘‘ආගමික බලය සඳහා පෙළ ගැසුණු ඉහළම අධිකාරියේ සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත කොටසක් විසින් වෛරී කථනය දේශනා කිරීම අතිශයින්ම බලාපොරොත්තු සුන් කරවන දෙයක් සහ ඉතාම පිළිකුල් සහගත දෙයක්‘‘ යැයි ඇමති හකීම් පවසයි.

‘අයිසිස් ශ්‍රී ලංකාව තෝරාගත්තේ තමන්ගේ පැවැත්ම ප්‍රදර්ශනය කරන්න‘ – ශ්‍රී ලංකා ජනපති

ශ්‍රී ලංකා මුස්ලිම් වරුන් විෂයෙහි යම් ප්‍රගතියක් ඇතිවන ලකුණු පසුගිය සතිවල දක්නට ලැබිණි.

සිය සම්පූර්ණ මුස්ලිම් ප්‍රජාවම ත්‍රස්තවාදයට ඈඳා ගැනීම ගැන විරෝධය පළ කරමින් පසුගිය මැයි මාසයේදී ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු, නැවත දිවුරුම් දුන්හ.

දහස් ගණනක් බෞද්ධ මව්වරුන් වඳ භාවයට පත් කළ බවට චෝදනා ලද මුස්ලිම් ජාතික නාරි වෛද්‍යවරයෙක් ද ඇප පිට නිදහස් කර ඇත. එම වෛද්‍යවරයා වන මොහොමඩ් සාෆි පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගැනුණේ සිංහල පුවත්පතක පළ වූ ලිපියක් මගින් කිසිදු සාක්ෂියක් නොමැතිව එල්ල කළ චෝදනා හේතුවෙනි. ඔහුට එරෙහිව සාක්ෂි කිසිවක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නද ඔහුව සති කිහිපයක්ම රඳවා තබා ගැනිණි.

කාර්යබහුල කොළඹ පිටකොටුව මාර්කට්ටුවේ මුස්ලිම් වෙළඳුන් ඇතැමෙක් සඳහන් කළේ, අඩු වේගයකින් වුවද සිංහල පාරිභෝගිකයන් නැවත තමන් කරා පැමිණීම ආරම්භ කර ඇති බවයි.

නමුත් දෙසැම්බර් 9 ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ඉදිරි කාලයේදී මේ තත්වය කෙසේ වර්ධනය වේදැයි ඔවුහු පසුතැවිල්ලෙන් යුතුව විමසිලිමත්ව සිටිති.

මුස්ලිම් විරෝධය දේශපාලනයේදී ලකුණු ලබාගැනීම සඳහාත් ප්‍රජාවන් බෙදා වෙන් කිරීම සඳහාත් පාවිච්චි කරනු ඇතැයි මුස්ලිම් නායකයෝ බියට පත්ව සිටිති.

‘‘මේ ආකාරයේ ධ්‍රැවීකරණයක් සහ ප්‍රජාවක් වෙත තර්ජනාත්මක වීමක් මගින් තවදුරටත් මුස්ලිම් රැඩිකල්කරණය ඇති වන බව ඔවුන් වටහාගත යුතුයි.“ යැයි අමාත්‍ය හකීම් අනතුරු ඇඟවීය.

තමන්ව දේශපාලන බල ක්‍රීඩාවේ ඉත්තන් බවට පත් නොකරනු ඇතැයි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වෙති.

ප්‍රධාන ඡායාරූපය – The New York Times

Source: BBC | Sri Lanka’s Muslims ‘demonised’ after Easter bombings
By Anbarasan EthirajanBBC News, Colombo

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

11 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

14 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

15 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

15 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

16 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

16 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

16 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

19 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

21 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago