යුරෝපා සංගමය සහ ඉරානය අතර අද (14) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ 2015 න්‍යෂ්ටික අවි නියාමන ගිවිසුමට අදාලවයි.
ඉන්දියාවේ නව දිල්ලියේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවට වාර්තා වේ.
යුරෝපා සංගමයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයකු සේ සලකනු ලබන ජොසෙප් බොරෙල් හා ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහමඩ් ජවාඩ් සරිෆ් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මීට ඉහත දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය විසින් ඉරානය 2015 න්‍යෂ්ටික අවි නියාමන ගිවිසුම උල්ලංඝනය කොට ඇති බවට චෝදනා කර තිබිණි.
ඉහත සාකච්ඡාව සාධාරණ මට්ටමින් පැවැත්වූ බවට යුරෝපා සංගමය අද දින නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව මේ සම්බන්ධ ඒකාබද්ධ පරිපූර්ණ ක්‍රියාකාරී සැලැස්ම (Joint Comprehensive Plan of Action) වැඩිදියුණු කර ගත යුතු අන්දම පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වූ බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එක්සත් ජනපදය විසින් ඉරාන කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි ඝාතනයට ලක්කිරීමෙන් පසුව ඉරානය හා යුරෝපා සංගමය අතර මුල් වරට පැවැත්වෙන මුහුණට මුහුණ සංවාදය මෙය බවද සඳහන් වේ.
සොලෙයිමානි ගේ ඝාතනයෙන් පසු දෙපාර්ශවය අතර සාකච්ඡා පැවතියේ දුරකතන සංවාද තුළිනි.
එම දුරකතන සංවාද තුළදී ඉරානය තම කෝපය ප්‍රකාශ කළ අයුරු ද යුරෝපා සංගමයේ නිලධාරීන් මීට ඉහත දී ප්‍රකාශ කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…