කාලීන

බ්‍රිතාන්‍ය ක්‍රමයට ඉංග්‍රීසි කතා කරන ඇමරිකාවේ අමුතු දූපත

The tiny US island with a British accent යනුවෙන් ජාත්‍යන්තර ශීර්ෂ පාඨ මැවෙන්නේ Tangier Island නමැති මේ දූපත ගැන ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර සිට සැතපුම් 90ක් පමණ ගිනිකොණ දෙසට සහ වර්ජිනියාහි නැඟෙනහිර වෙරළේ සිට සැතපුම් 12ක් ඔබ්බට ගිය තැන ටැන්ගියර් දූපත හමු වේ. දුබලව වැඩුණු වගුරු තණකොළවලින්ද, සාගර උදමෙන් වෙහෙසට පත් ආරවලින්ද, මූදු බඩ පරිසර පද්ධතිවලට හුරුවුණු විහඟුන්ගෙන්ද අලංකෘත මේ දූපත චෙසාපීක් බොක්ක මධ්‍යයේ හැපෙන සුවිශේෂ බිම් කඩකි. එමෙන්ම එය පුද්ගලයන් 460කට පමණ සෙවණ සදන බිමකි. භූගෝලීය වශයෙන් හුදකලා තත්ත්වයට පත් තැනක් බැවින් අනන්‍යතා රැසකින් ද සමවිත සංසකෘතියක් එහි ගොඩනැඟී ඇත. පසුගිය වසර සිය ගණනක් මුළුල්ලේම මේ දූපතට ආ ගිය අය තම ගමනාගමන අවශ්‍යතා ඉටු කර ගත්තේ බෝට්ටු මඟිනි. ගත වුණු ඒ කාලය පුරාම බෝට්ටු සේවය වර්ධනය වුණේ තරමක් සෙමෙනි. මේ නිසා අවට ඇති ඇමෙරිකා එක්සත් ජනපද මහා සංස්කෘතියෙන් වියුක්තව වැඩෙන්නට ටැන්ගියර් දූපතට හැකි විණ.

ටැන්ගියර් දූපතේ භාෂාව, එහි ජීවත්වන්නවුන්ගේ ජීවන විලාසයන් පමණක් නොව දූපතත් ක්ෂය වී යමින් පවතී.

දූපතේ ජල ටැංකිය සහිත උස් කුලුන ඈතට දිස් වේ. ජල ටැංකියේ එක් පැත්තක පිංතාරු කර තිබෙන්නේ කුරුසයකි. අනෙක් පස දැකිය හැකි වන්නේ නිල් පැහැ කකුලුවකුගේ රූපයකි. දූපත් වැසියන්ගේ ශ්‍රද්ධාව සහ ධීවර කර්මාන්තය මෙමඟින් සංකේතවත් කෙරේ. දූපතටම තිබෙන්නේ එක් ග්‍රොසරි සාප්පුවක් සහ අවන්හල් දෙකක් පමණි. ඒ කවර තැනෙකවත් මී විත නැත. දූපත් වැසියෝ සෑම ඉරිදාවකම පල්ලියට පැමිණෙති. එය ඔවුන්ගේ ජීවිතවල ඉතාම වැදගත් අංගයකි. දූපතෙහි කෙනෙකු මියගියහොත් භූමදානය පිණිස සුසන භූමියක් නැත. මියගිය පුද්ගලයා ජීවත්වුණු නිවසේ පසුපස ඇති හිස් බිමක දේහය භූමදානය කෙරේ. දූපත වර්ග සැතපුම් 1.2ක පමණ සරියකින් යුක්තය. මේ සරියෙහි කවර තැනෙකට වුව දූපත්වාසීන් ගමන් කරන්නේ එක්කෝ පාපැදිවලිනි; නැත්නම් ගොල්ෆ් කරත්තවලිනි. දූපතේ කොතැනකවත් මෝටර් රථ ධාවනයක් නැත. වඩාත් පුදුමය ජංගම දුරකතන භාවිතයක් ද දූපත තුළ නොතිබීම ය. පොලිසියකින් ලැබෙන තරමේ ආරක්ෂාවක්වත් දූපතට නැත. එහි සියල්ලන් අතර පවතින්නේ දැඩි විශ්වාසයකි. හොර සතුරන්ගෙන් කරදරයක් වේයැයි කියා අනියත බියක් උපදවා ගන්නට දූපත් වැසියන් කාටවත් හේතුවක් නැත. එනිසා නිවෙස් යතුරු ලෑමේ සම්ප්‍රදායක් එහි දැකිය නොහැකි ය.

TANGIER ISLAND | Sunshine Tours

එක්දහස් නවසිය පනස් ගණන්වලදී මේ දූපතට පිවිසි කෙනෙකුට දැනුණේ එක්දහස් හත්සිය පනස් ගණන්වල ජීවත්වන්නාක් වැනි හැඟීමකි. එවැනි හැඟීමක් ඇතිවන්නට වැඩිපුරම බලපෑවේ දූපත තුළ භාවිතයට ගැනෙන භාෂාවයි. ඓතිහාසික වාර්තාවන්හි දැක්වෙන අන්දමට ටැන්ගියර් දූපතේ පළමු පදිංචිකරුවන් 17 වන සහ 18 වන සියවස්වලදී බ්‍රිතාන්‍යයයේ කොර්න්වෝල්හි සිට එහි පැමිණි පිරිසකි. ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණ විලාසය කාලයත් සමඟ වෙනස් වීමෙන් දූපතටම අනන්‍යය වූ භාෂා ව්‍යවහාරයක් සැකසී ඇත. එසේ වුවත් ඒ බස සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාරයට ගැනෙන ඉංග්‍රීසියට වඩා බෙහෙවින්ම වෙනස් ය. ඉංග්‍රීසියේ සඳහන් “yours” යන වචනය ශබ්ද එහි කෙරෙන්නේ “yorn” කියාය. “sat” යන්න “sot” යනුවෙනුත්, “going to” යන්න “iggy” යනුවෙනුත් ඔව්හු වහරති. බසෙහි ගාත්‍රාක්ෂර තරංගයක් ඉහළ පහළ යන්නක් මෙන් උස් පහත් වේ. මේ අමුතු ඉංග්‍රීසි උච්චාරණයට ටික වෙලාවක් සවන් දෙනවිට මේ කවර නම් අපභ්‍රංශයක්දැයි කියා කෙනෙකුට සිතෙන තරම් ය.

දූපතට පැමිණෙන ආගන්තුකයෝ මේ බස වහරනු බලා විටෙක පුදුම වෙති. තවත් විටෙක කිසිවක් තේරුම් ගන්නට බැරිව තම හිස් නිය අගින් අගිස්සවමින් අසරණව බලා සිටිති. ඔවුන්ගේ වාක්‍යාංශවලින් මතු කෙරෙන අරුත් ඒ අතරමටම පරස් පරය. ඉංග්‍රීසි බසට සම්බන්ධයක් නැති වචන 300ක් පමණ මේ බස තුළ ඇති බැව් දූපත් වැසි බෘස් ගෝර්ඩි පවසයි.

ටැන්ගියර් දූපතට යන එන සංචාරකයන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී දිනකට බෝට්ටු පහක් පමණ යොදවන්නට ඇමෙරිකා බලධාරීන් පියවර ගෙන ඇත. එනිසා දූපතට බැහැරින් පැමිණෙන සංඛ්‍යාව මෑත භාගයේදී තරමක් වැඩි වන්නට පටන් ගෙන ඇත. මේ තත්ත්වය වඩාත් තදින් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ 2010 වසරේ සිටයි. එලෙස පැමිණෙන සංචාරකයන් නිසා කේබල් රූපවාහිනි සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ද දූපතට ලැබී ඇත. ටැන්ගියර් දූපතේ මෙතෙක් පැවති අනන්‍යතාවය බිඳ වැටෙන්නට මෙවැනි කාරණා හේතු වනු ඇති බවට සමහරු අනතුරු අඟවති. නූතන සමාජ සම්ප්‍රදායන්ට අනුගත වීම හේතුවෙන් දූපතේ බාල පරම්පරාවල සාමාජිකයන්ට එහි බස වැහැරීම පවා අසීරු වන තත්ත්වයක් දැන් පැන නැඟී තිබේ. දූපත් බසෙන් වචන විශාල සංඛ්‍යාවක් සෑම පරම්පරාවක් අතින්ම ගිලිහි යනු දක්නට පුළුවන.

ටැන්ජියර් දුපතේ දරුවෝ | Business Insider

ටැන්ගියර් දූපතෙහි පවත්නා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 61දෙනෙක් අධ්‍යාපනය ලබති. ඔවුන් වයස අවුරුදු 5ත් 17ත් අතර වයස් ඛණ්ඩයට අයත් වූවන්ය. අධ්‍යාපනය ලැබුවද දූපතෙහි රැකියා හිඟය. අනෙක් අතට බොක්ක ආශ්‍රිත මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීම සීමා කර තිබේ. තරුණ තරුණියන්ට රැකියා සොයාගෙන දූපතෙන් බැහැර ලෝකයට පිවිසෙන්නට මේ නිසා සිදුව ඇත. තමන්ට එවැනි අනාගතයක් උරුම බව දැන දැනම දූපතේ භාෂාව ප්‍රගුණ කිරීම වැඩකට නැති දෙයක් බව ඔවුහූ දනිති. දූපත් බසෙහි අභාවය ඒ සමඟ ආරම්භ වී ඇත. තරුණ කොටස් දූපත හැර යන බැවින් දූපතේ ඉතිරි වන්නේ වයසින් වැඩිමහලු පිරිස් පමණි. දූපතේ ජනගහනය ශීඝ්‍රයෙන් අඩු වී යෑම ඊටත් වඩා අවාසනාවන්ත තත්ත්වයකි. 2010දී දූපතේ ජනගහනය 727ක් විණ. අද එහි ජනගහනය 460 දක්වා අඩු වී ඇත. කෙටි කාලයක් තුළදී එහි ජනගහනය සැලකිය යුතු මට්ටමෙන් පහළ වැටීම දූපත ජන ශූන්‍යය තැනක් බවට පත්වෙමින් ඇති සැටි මැනැවින් විදහා දක්වයි.

ටැන්ගියර් දූපතේ භාෂාව, එහි ජීවත්වන්නවුන්ගේ ජීවන විලාසයන් පමණක් නොව දූපතත් ක්ෂය වී යමින් පවතී. 1850 සිට මේ දක්වා වූ කාලය තුළදී දූපතෙන් තුනෙන් දෙකක් මුහුදු ජලයෙන් යට වී ගොස් ඇති බව ඇමෙරිකාවේ සාමුද්‍රික ජෛව විද්‍යාව පිළිබඳ විද්වතුන් පිරිසක් කරන ලද පර්යේෂණයකින් තහවුරුව ඇත. දූපත උපරිම උසකින් පැවැති සමයේදී එහි උස අඩි 4ක් පමණ වී යයි කියැවේ. කාලගුණ විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ නඟින්නට පටන් ගැනීමත් සමඟම දූපත මුහුදු බත් වීම ආරම්භ වී ඇත. ටැන්ගියර් දූපතෙන් අක්කර නවයක පමණ ප්‍රමාණයක් සෑම වසරකම මුහුදට දිය වී යයි. 2037 වසර එළඹෙන විට දූපත්වාසීන් දූපතෙන් ඉවත් වීම ආරම්භ කළයුතු බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 2050 වන විට ටැන්ගියර් දූපත පත්ලට එකතු කරමින් සාගර ජල කඳ ඒ මතින් ගලා යනු ඇත. කෙසේ වුවත් ඇතිවිය හැකි මේ අන්තරාකාරී තත්ත්වය තරමක් දුරට හෝ මඟ හැර ගැනීමට දූපත වටා ප්‍රාකාරයක් ඉදි කිරීමට ඇමෙරිකා යුධ හමුදාව තීරණය කර තිබේ. ඒ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 30ක ප්‍රතිපාදන අවශ්‍ය බව සඳහන් වේ. කෙසේ වුවත් ගෝලීය කාලගුණ විපර්යාස නිසා සරණාගතයන් තත්ත්වයට පත්වන පළමු ඇමෙරිකා ජාතිකයන් පිරිස ටැන්ගියර් දූපත් වාසින් ද යන්න ගැන සැකයක් ඇත.

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

6 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

14 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago