කාලීන

ලෝකයේ ලොකුම කෝටිපතියාගේ ජෙට් යානය ට්‍රැක් කළ 19 හැවිරිදි කොලුවාගේ කතාව සහ සිරිසේනට තරම් මොළයක්වත් එලන් මස්ක් ට නැති හැටි

ටෙස්ලා සහ SpaceX සමාගම් අධිපති එලන් මස්ක්, ඔහුට ඩොලර් 5,000 ක් දී ඔහුගේ කට වැසීමට උත්සාහ කළේය. නමුත් 19 හැවිරිදි කොලුවා සැලුණේ නැත.

19 හැවිරිදි ජැක් ස්වීනිගේ ට්විටර් ගිණුම, ලෝකයේ ලොකුම බිලියනපතියාගේ ජෙට් යානය යන එන තැන් ගැන නිරන්තරයෙන්ම ඇස ගසාගෙන සිටියේය. එනම් ඔහුගේ ට්විටර් ගිණුම වැඩ කළේ flight tracker එකක් වශයෙනි.

පසුගිය වසරේ එලන් මස්ක් හට “security risk” එකක් පිළිබඳ අනතුරු අඟවමින් පණිවුඩයක් ලැබුණේය. ජැක් ස්වීනි ඒ වෙනුවෙන් ඉල්ලා තිබුණේ Model 3 ටෙස්ලා කාරයකි. ලෝකයේ ලොකුම කෝටිපතියා අවුරුදු 19 ක කොල්ලෙක් ඉදිරියේ ඇඹරෙන්නට කැමති වුණේ නැත. ඔහු එ් වෙනුවට ‘ඩොලර් පන්දාහක් දෙන්නම්’ යැයි කීවේය. නමුත් එවිට ජැක් ස්වීනි කියා තිබුණේ මෙයයි.

තමන් එලන් මස්ක්ගේ කල් ක්‍රියාව ගැන සෙවීම නිසා ලබන ආත්ම තෘප්තිය ඩොලර් 5000 ට වඩා බොහොම වැඩි යැයි ඔහු කීවේය.

තවද ඩොලර් 5000 වෙනුවට ඩොලර් 50,000 ක් ඉල්ලා සිටියේය. ඔහු එම මුදල් ඉල්ලා සිටියේ සිය පාසල් ගාස්තු ආවරණය කර ගැනීම සඳහා ය.

පහත දැක්වෙන්නේ ජැක් ස්වීනි, එලන් මස්ක්ටත් පෙරම, ඔහු මීළඟට කරන්නට යන දේ ගැන දැන සිටි ආකාරය සහ සිය ට්විටර් ගිණුම හරහා එය පළ කර තිබූ ආකාරයයි.

ජැක් ස්වීනි විසින් එලන් මස්ක්ගේ ජෙට් යානය ට්‍රැක් කිරීම සඳහා සාදාගෙන තිබූ ට්විටර් ගිණුමේ නම @ElonJet ය. එය 2020 ජූනි මස නිර්මාණය කර තිබේ. “Anything space, Tesla or aviation.” යනුවෙන් එහි හැඳින්වීමේ දැක්වේ. මේ අතර එලන් මස්ක් විසින් Elon Musk’s Jet යනුවෙන් ඔහුගේ ජෙට් යානය වෙනුවෙන් වෙනම ගිණුමක් සාදාගෙන තිබිණි. අවසානයේ එලන් මස්ක්ගේ ජෙට් යානයේ නිල ට්විටර් ගිණුම විසින් ජෙට් යානයේ ගමන් පථ ට්‍රැක්කිරීමට පෙරම @ElonJet විසින් ට්‍රැක් කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

එලන් මස්ක්ගේ ට්වීට්ස් හෙවත් ට්විටර් සටහන් ලොව පුරා අනුගාමිකයන් මිලියන 71 ක් විසින් ලුහුබඳිනු ලැබේ. තවද ඔහු පිළිබඳ නවතම පුවත් ශීර්ෂපාඨ මැවෙන්නේ ද ඔහුගේ ට්විටර් ගිණුම ආශ්‍රිතව ය.

දැන් මේ වන විට, එලන් මස්ක්ගේ ඩොලරයක්වත් නොවටිනා කුම්මැහි කම අවම වශයෙන් මිලියන 71 ක්වත් දනියි.

ජනාධිපති වෙබ් අඩවිය හැක් කළ කොලුවා කැඳවා මුලින් පරිවාසයට යවා පසුව ජනපති මන්දිරයට කැඳවා තෑගි දුන් ජනපතිවරයා සිටියේ ලංකාවේ ය. නමුත් දැන් පෙනෙන හැටියට ලෝකයේ ලොකුම කෝටිපතියාට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයාට තිබූ මොළයවත් නැත!

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

34 mins ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 hour ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

15 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

19 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

23 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago