ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ බෙදුම්වාදී සැලැස්මට හා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුවට එරෙහිව දස දහස් ගනනක් විරෝධතාකරුවන් ටෙල් අවිව් සහ ඊශ්‍රායලය පුරා නගර වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නෙතන්යාහුගේ ආන්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් කරන ලද ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් බව ඊශ්‍රායල ජාතිකයින් විශ්වාස කරන අතර ඊයේ(22) පැවැති මහජන රැළි වලදී ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ පූජනීය උසාවි සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම්, ඔවුන් දේශපාලනයෙන් ස්වාධීනව සිටිය යුතු බවයි.
අගමැති නෙතන්යාහුගේ නව ප්‍රතිසංස්කරණය මඟින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට සහ නීති සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති හැකියාව සීමා කිරීමට බලය ලැබෙනු ඇති අතර අගමැතිවරාට විනිශ්චයකරුවන් පත්කිරීමේ අවසාන හිමිකම ලැබෙනු ඇත. මීට එරෙහිව පසුගිය මාසයේ පටන් ඇරඹි විරෝධතාවයන් හේතුවෙන් ඊශ්‍රායලයේ ප්‍රධාන නගරයන්ගේ ක්‍රියාකාරීත්වය ඇණ හිට ඇති අතර මෙම අධිකරන ප්‍රතිසංස්කරණ නැවත හකුලාගන්නා මෙන් මහජනතාව අගමැති බෙන්ජමින් නෙතන්යාහුට බලකරමින් සිටියි. එමෙන්ම මේ වන විට දහස් ගණනක් හමුදා නිලධාරීන් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂප කර ඇති අතර රටේ වෘත්තීය සමිති පවා මහා වැඩ වර්ජනයක් කැඳවා තිබේ.
අගමැති නෙතන්යාහු ප්‍රමුඛ ආණ්ඩුවට විදෙස් නායකයන්ගේද විවේචන එල්ල වෙමින් පවතින අතර එක්සත් ජනපදය ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ මේ තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවයි.
සශිකලා මධුෂාණී_
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.