අරුම පුදුම

කළු බිළයේ සිරකරුවෝ – The Story of Black Hole Prison

කළු බිළය (Black Hole Prison) කල්කටාවේ අති ප්‍රචලිත ස්ථානයකි. එය වර්ග අඩි දහඅටක් පමණ වූ අතර යකඩ පට්ටම් ගැසූ කුඩා ජනේල දෙකකින් සමන්විත විය. දහඅටවන ශත වර්ෂයේ සිරකරුවෙකුට ලබාදිය හැකි උපරිම දඬුවම ඔහුව නොමරා මැරිය හැකි කල්කටාවේ කළු බිළයට දැමීමයි. 

එම 1756 වසරේ එකී වර්ග අඩි දහඅට තුළ මිනිසුන් එකසිය හතළිස් පස් දෙනෙකු ද එක් ගැහැණු ළමයෙකු ද එතුළ සිරවී සිටියහ. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක අනූ ගණනෙහි රැඳී තිබුණේ සිරකුටියේ බිත්තිවල තිබූ අධික තෙතමනය නිසා විය යුතුය. මහා මිනිස් ඕඝයට නතුව තෙරපෙමින් ඔවුන් අතරින් ඇදී යද්දී හොවෙල් එම තරුණිය සමග මද සිනහ පෑවේය. මාරි නම් වූ ඇය වැටලීමකට සහභාගි වූ තරුණ නාවිකයෙකු වූ පීටර් කෙරීගේ ඉන්දියානු බිරිඳයි. හොවෙල් ඔවුන් දෙදෙනාව හොඳින් දැන සිටියේය. උන්මාදිත මිනිස් පොදියට හසුව බිරිඳ තෙරපීම වළක්වන්නට ඒ වන විට පීටර් සිටියේ තම බිරිඳගේ ඉණ වටා අත්යවා ඈ ආරක්ෂිත ලෙස අල්ලාගනිමිනි. හොවෙල් ඇතුළට දැමීමට විවර කළ දොරෙන් බාහිර නිදහස් ලෝකය දුටු ඔවුහු හඬගාමින් ඒ වෙත දිවයාමට තැත්කළහ. එහිදී ඇද වැටුණෝ මුල් මිනිත්තු කිහිපය තුළ දී මරණයට පත්වූයේ සහචරයින්ගේ පෑගීමට හා පා පහර වලට ලක්වීමෙනි. නැතිනම් පිටත රැඳී සිටි මුරකරුවන් එල්ල කළ මුගුරු පහර වලට ලක් වීමෙනි. එම මළ සිරුරු වල හිස් කබල් පොඩිවී- තැලී මුහුණු වලින් ඕජස් ගලමින් තිබිණි.හදිසි තෙරපීමෙන් ඉවත පැනීමට කළ වෑයමේදී සිරකරුවන් ගණනාවක් බන්ධනාගාරයේ පොළොවට සමාන්තරව දිගු අතට දිවෙන බිම්ගෙය තුළට වැටී තිබිණි. මද වෙලාවකින් ඔවුන් වටහාගත්තේ හුස්ම ගැනීමට ප්‍රමාණවත් තරම් වාතය එ තුළ නැති බවයි.

කළු බිළය බන්ධනාගාරය සිත්තරකෙුගේ ඇසින් (ThoughtCo)

ඔවුහු දුබල ලෙස එයින් පිටතට ඒමට වෙර වෑයම් කළහ.වාතය එන එකම මග කුඩා ජනේල දෙක පමණකැයි ඇතැම්හු ස්වභාවික ඥාණයෙන් හඳුනාගත්හ. එහෙත් එය ප්‍රමාණවත් නොවීය. එම ග්‍රීෂ්මාධික බෙංගාලයේ ජූනි රාත්‍රින්හි හැමූ එකම සුළඟ වූයේ නැගෙනහිරින් හා දකුණු දිගින් හමා එන කුඩා සුළං කැළඹීමක් පමණි. එහෙත් බටහිර දෙසට ඇරී ඇති කුඩා කවුළු දෙක වැරැන්ඩාවේ සෙල්මුවා කවයන් දෙකකට සවි වී තිබුණේ එල්ලෙන ජනේල දෙකක් සිහිගන්වමිනි. සිරකරුවෝ තම සගයින් පිටට නැග ඔවුන් පාගා දෑතින් හා දෙපයින් වැර දමමින් ඔවුන් ජනේලය අසලින් ඉවතට තල්ලු කළේ ජනේලය අසලට ම ඇදුණහොත් පිරිසිදු  වාතය ටිකක් හෝ ලැබෙන බව දන්නා හෙයිනි.

දොර අසලම සිටි සිරකරුවෝ නිරතුරුව දොර විවෘත කිරීමට එය සමග පොර බැදූහ. එහෙත් අලුත් සාමාජිකයෙකු පැමිණෙන සෑම විටකම දොර විවෘත වූයේ පිටතට නොවේ. ඇතුළටම ය. ඒ ක්ෂණයෙන් වැසෙන එ දොර දෑතින් ග්‍රහණය කරගැනීමට ද ඔවුහු අසමත් වූහ.ජනේලයේ තවමත් එල්ලී සිටින හොවෙල් පියවි සිහියට එළඹීමට තවත් මිනිත්තු කිහිපයක් ගතවිය. තමා මත රාජකාරියක් පැවරී ඇතැයි හොවෙල් හට දැණිනි. 1756 ජූනි 15 වූ බදාදාවේ කල්කටාවේදී සමාගම සමග ඇතිකරගත් එකඟතාවය බි්‍රතාන්‍යයින් සමග බද්ධ වෛරයෙන් පෙළුණු බෙංගාලයේ මෝගල් රාජධානියේ අණදෙන්නා විසින් කඩා බිඳ දමනු ලැබීය. සෙනසුරාදා වන විට ඔහුගේ හමුදාව විජයග්‍රාහී ලෙස කල්කටා නගරයට ඇතුළු ව එය කොල්ලකෑම අරඹා තිබිණි. යුරෝපා ජාතිකයින්ගේ අවසන් නැවතුම් පළ වූ විලියම් බලකොටුව ඒ වන විට ඔවුහු සමතලා කරමින් සිටියහ. ශනිදා රාත්‍රියේ බලකොටුවේ සිටි කාන්තාවන් හා ළමයින් ඩොඩල්ඩි නෞකාවට නංවා ගැනීම ඇරඹිණි. යුද්ධයෙන් තුවාළ ලැබුවන්ට උපස්ථාන කළ මාරි කෙරී නෞකාවට නංවා ගැනීම ප ්‍රතික්ෂේප වූයේ ඇගේ ඉන්දියානු සම්භවය නිසාය. 

කළු බිළය බන්ධනාගාරයේ ඡායාරූපයක් – The Concrete Paparazzi

මද වේලාවකට කළු බිළය තුළ පැතිර ගියේ සන්සුන් බවෙකි. එහෙත් මිය යන්නන් හා තුවාලකරුවන්ගේ කෙඳිරිලි හඬින් එම සන්සුන් බවට නැවත ද බාධා ඇතිවිය. මදින් මද හොවෙල්ගේ සිත තුළ ද ලැගුම් ගත්තේ අවිනිශ්චිත බවකි. අඳුරු ශෝකයකි. තමා කුමක් කීවත් මේ බිම්ගෙයි සිරකරුවන්ගෙන් එක් අයෙකු හෝ පසුදා උදෑසන වන විට ජීවතුන් අතර රැඳී සිටීවිද යන්න සැක සහිත ය.බිම්ගෙය තුළ උපරිම ඉඩකඩ හා වාතය ලබාගනු පිණිස සිරකරුවෝ තම වස්ත්‍ර ගළවා බිම දැමූහ. තම කලවා මත බිම ඇණතබා වාඩිවුවහොත් අපහසුව මදකින් හෝ අඩුවේ යැයි ඇතැම්හු කීහ. එහෙත් එය අනුගමනය කළවුන්ගෙන් බහුතරය යළි නැගිට්ටේ නැත. එක්කෝ සිහිවිසංඥ වී, එසේ නැතිනම් මිය යමින්, ඔවුහු පොළොව මත ම වැටී සිටියහ. 

රාත්‍රී නවය වන විට ජීවතුන් අතර සිටි අන්‍යයින්ගේ පිපාසය රතු ඉර තෙක් වැඩි වී තිබිණි. හුස්ම ගැනීම ඉතා අපහසු කාරියක් විය. හෘදය වස්තුවේ වේදනාවෙන් පෙළෙන්නට වූ ඇතැමෙක් අප්‍රාණික ව, පපුවේ අමාරුවක් ගැන මැසිවිලි නැගීම ඇරඹූහ.කිහිපදෙනෙක් මුරභටයින්ට නින්දිත, අශික්ෂිත බසින් බැණ වැදීම ඇරඹුවේ ඔවුන් කෝපයට පත්ව තමාට ගිනිතබනු ඇතැයි අපේක්ෂා කරමිනි. එය එසේ වුවහොත් මේ නරකාදියේ කරන විඳවීම එතෙකින් නිමාවනු ඇත. එහෙත් මුරභටයින් එසේ නොකළේ එයින් ඇතිවිය හැකි ප්‍රතිඵලය පිළිබඳ දෙගිඩියාවකින් පසු වූ නිසාය.කළු බිළයේ උමතු රංගනය, මුරභටයින් බහුතරයකගේ විනෝදයට හේතු විය.

සුදු හම ඇති බ්‍රිතාන්‍ය ජාතිකයින් මරණයට නියම වූ සත්ව රංචුවක් මෙන් එකා පිට එකා වැටී පොරබදන ආකාරය දැකගනු රිසියෙන් එකෙකු දෙන්නෙකු ජනේල දෙකෙහි යකඩ පොලු අතරින් විදුලි පන්දම් ද කළු බිළය කරා එල්ල කළහ. වරින් වර ජල බඳුන් පෙන්වමින් පිරිස ප්‍රකෝප කළහ. පුරා දෙපැයකට ආසන්න කාලයක් ඉන්දියානු මුරභටයින් කළ මේ අමානුෂික ම්ලේච්ඡ ක්‍රීඩාව හොවෙල් නරඹමින් දරා සිටියේ ඉතා අසීරුවෙනි. ඉන්දියානුවෝ ක්‍රම ක්‍රමයෙන් එකම දසුන නැරඹීමෙන් විඩාපත් වූහ. බිම්ගෙයි සිටි බහුතරය එවිට මිය ගොසිනි. ශක්තිවන්තයා විසින් දුබලයා මරණයට කැඳවාගෙන ගොස් තිබිණි. ඉතිරිවුන් සිටියේ සිහි එළවා ගත නොහැකි තරම් අසංවේදී තත්ත්වයකය.

ජනේල කූරුවල එල්ලී වැටී සිටි හොවෙල්, පිටකොන්දට හා කලවා වලට තදබදය නිසා දැනුණු පීඩනයෙන් මරණාසන්නව සිටියේ ය. අවසානයේ හොවෙල් තීරණය කළේ ජනේලය අසලින් මෑත්ව, කළු බිළයේ කෙළවරක සිටි ශක්තිමත් තරුණයෙකුට තමා සිටි තැන ලබා දී, මරණය වැළඳ ගැනීම සඳහා බිත්තිය අසලට ඇදෙන්නටය. කළු බිළයේ සිට බලන විට ආණ්ඩුකාර නිල නිවස වසාගත් ගිනිදළු යන්තමට පෙනෙයි. හොවෙල්ට පිය මැනීමට සිදුවූයේ මළසිරුරු කළාලයක් මතිනි. ඒවායින් ඇතමක් දැනටම කුණුවීම ආරම්භ කර තිබුණේ අධික උණුසුම හේතු කොටගෙන ය. එම දුගඳ හොවෙල්ට ඔක්කාරය ඇති කළේය.

ඇතුළත බිත්තිය අසල උෂ්ණත්වය ඉතා අධික ය. උණුසුම් පෝරණුවක් මෙනි. බිත්තියට පිටදී මළ හා මිය යමින් සිටි මිනිස්සු ඉතා අසීරුවෙන් සිටගෙන සිටියහ. මළ මිනිසුන්, පණ අදින මිනිසුන්ගේ උරමතට පතිත වී සිටි නමුදු ජීවතුන් අතර සිටිනවුන්ට ඒ බවක් නොදැනෙයි. එල්ලී වැටෙන මළ මිනිසුන්ගේ අතපය හා හිස් එහා මෙහා කරමින් ඔවුහු හුස්ම ගැනීමට ඉඩ අවකාශ සෙවූහ. දහවල් ආලෝකය පතිතවත්ම ආණ්ඩුකාර නිල නිවාසයේ පිළිස්සී ඉතිරි වූ සුන්බුන් ඔහුගේ නෙත ගැටිණි. නෙයිබොබ් ගේ නිලධාරින්ගෙන් එක් අයෙකු හොවෙල් ට ඒ සමගම පෙනුණි. එම නිලධාරියා කළු බිළය වෙත පැමිණ හොවෙල් අමතා කීවේ, කළු බිළයේ මිනිස් සංහාරය ගැන ඇසූ වහාම, හොවෙල් ජීවතුන් අතර සිටීදැයි සොයා බැලීමට තමා මෙහි එවූ බවයි. කළු බිළයේ දොර විවෘත කර සිරකරුවන් නිදහස් කිරීමට ද නෙයිබොබ් විධාන කර තිබිණ. එහෙත් කළු බිළය තුළට ඇරෙන සේ තනා තිබූ දොර එකවරම විවෘත කිරීම පහසු කාරියක් නොවීය. ජීවතුන් අතර සිටිවුන් එකාපිට මත එකා නැගී දොර වෙත කඩා වැදුණු නිසාය. සිරකරුවන් පිටතට ගැනීමට මිනිත්තු විස්සක පමණ කාලයක් ගත විය. ඒ වන විට ද හති හරිමින් ජනේල කම්බි වල එල්ලී සිටි හොවෙල් ට, විවර කළ දොරෙන් කළු බිළය තුළට වැටුණු හිරු එළියේ ආධාරයෙන් තමා සිටි නරකාදියේ තරම මැනවින් පෙණිනි.

එම බිම්ගෙයි සිරගතව සිටි 146 දෙනාගෙන් ඉතිරිව සිටියේ 49 දෙනෙකි.  ජීවත් වීමට භාග්‍යය ලද්දවුන් අතර මේරි ද වූවා ය. හොවෙල් ඇය ද කැටිව කළු බිළයෙන් පිටතට විත් ස්වර්ගයේ සිට හමා එන පිරිසිදු, නැවුම් වාතය ළය පුරා හුස්ම ගත්තී හති හළමිනි. උදෑසන 6 කණිසම වැදුණේය. නිමාව දුටුවේ කළු බිළයේ ඔවුන් ගත කළ අවසාන-දසවැනි පැයයි. කළු බිළයේ සිට දිවි බේරාගත්තවුන් අතරින් මාරි කෙරී හැර ඉතිරි අය නිදහස් කරනු ලැබීය. ඇය ඉන්දියානුවන්ගෙන් මිදී පළායාමට බැරි තරම් තරුණ හා සියුමැලි කමින් අධික වූවා ය. මාරි කෙරී, නෙයිබොබ්ගේ අන්තඃපුරයට ගෙන යන ලද්දේ යැයි කල්කටාව පුරා කටකතා පැතිරී ගියේය. 

කළු බිළය බන්ධනාගාරයේ මාරක රාත්‍රියේදී මියගියවුන් සමරා ඉදිකර ඇති ඵලකයක් (Alamy)

පසු සටහන

නෙයිබොබ්ගේ ජයග්‍රහණයට තිබුණේ කෙටි ආයුෂකි. ක්ලයිව් අප්‍රමාදව ප්‍රති ප්‍රහාර එල්ල කළේ නෙයිබොබ්ගේ මෝගල් හමුදාව විනාශ කරමින් හා ඔහු පළවාහරිමිනි. වසරකට පසු ඔහු මළේය. බ්ලැක් හෝල් හෙවත් කළු බිළය බන්ධනාගාරයට සිරකරුවන් ගාල් කරද්දී එහි දිග පළල ගැන  අවබෝධයක් ඔහුට නොතිබූ බවට සාක්ෂි තිබේ. හොවෙල් පසුකාලයේ බෙංගාලයේ ආණ්ඩුකාර පදවියට පත් විය.  ඔහු මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයේ පිනර්හිදී 1798 වසරේ මිය ගියේ අසූහත් හැවිරිදිව සිටිය දී ය.

Share

Recent Posts

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

29 mins ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

16 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

22 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

24 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago