ලොව යන අත

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වින කෙටූ අගමැති බොරිස් ජොන්සන්ගේ අවාසනාව

පාර්ලිමේන්තු ඉතිහාසයේ  මව ලෙස හැදින්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලෝකයේ පැරණිතම පාර්ලිමේන්තු වලින් එකකි. නමුත් පසුගිය දින දෙක තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පොර පිටියක් වූයේ අනපේක්ෂිත අයුරිනි.

පසුගියදා අලුතින් පත් වූ අගමැතිවරයා වන බොරිස් ජොන්සන්ගේ හැසිරීම කාලයක් තිස්සේ පැවත් බ්‍රෙක්සිට් වැඩපිළිවල සම්බන්ධව පවතින නොසන්සුන් තාව මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු විය.

බ්‍රෙක්සිට් යෝජනාව සම්බන්ධව නව අගමැතිවරයාගේම පාර්ෂවයේ නීති සම්පාදකයින් 20 දෙනෙක් ඔහුට විරුද්ධව ගොස් ඇත. එසේ ඔහුට විරුද්ධව ඡන්දය භාවිත කළ පිරිස අතර දෙවන ලෝක යුද්ධයට නායකත්වය දුන් වින්ස්ටන්ඩ් චර්චිල් බ්‍රිතාන්‍ය නායකයාගේ මුණූපුරාද වෙයි.

පසුගියදා උපක්‍රමික ලෙස පාර්ලිමේන්තු සභාවාරය අවසන් කරමින් බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින් සිය අරමුණු ඉටු කර ගන්නට ගන්නා ලද අවසන් උත්සහයද මේ වන විට අසාර්ථක වී ඇත.

ඒ අනුව කොටින්ම කිවහොත් මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පාලනය අගමැතිවරයාගේ ග්‍රහණයෙන් ගිලිහී ඇති බව පෙනී යයි. ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි යෝජනාව එසේ පරාජය වීමෙන් පසු නොනැවතුණ බොරිස් ජොන්සන් අගමැතිවරයා නැවතත් මැතිවරණයක් සදහා සූදානම් විය යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනා කලේ අවසන් තුරුම්පුව ලෙසයි. නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීම සඳහා මහජන නියෝජිතයන් 434කගේ සහයෝගය අවශ්‍ය විය. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්. කෙසේ වෙතත් යෝජනාවට පක්ෂ වී ඇත්තේ මහජන නියෝජිතයන් 298 දෙනෙක් පමණි. 56 දෙනෙක් ඊට විපක්ෂ වුණා. මේ අයුරින් ඔහුගේ තුරුම්පුවද ගිලිහී ගොස් ඇත්තේ එකී යෝජනාවද පාර්ලිමේන්තුව තුළ පරාජය වීම හේතුවෙනි.
ඔහුගේ මෙම තීරණ හේතුවෙන් ඊයේ රාත්‍රිය වන විටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එකම පොරපිටියක් වී තිබිණි.

මාන්නය හා උඩගු බවින් පිරිණු අගමැතිවරයෙකු ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විවේචන වලට පාත්‍ර වුණ නායකයෙක් වන බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයයේ අගමැතිවරයා ලෙස පත් වී ගත ව ඇත්තේ ඉතා කෙටි කාලයකි.

හිටපු අගමැතිනිය තෙරේසා මේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග බොරිස් ට අගමැති ධූරය වෙනුවෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවී අතර ඔහු සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපරය තුළද පෙන්වා ඇත්තේ දේශපාලනයේ ලාබාල බවකි.

පසුගිය අගහරුවාදා දිනය ඇමරිකානුවන් විසින් බීබීසී සේවය දිනක් තුළ සජීවීව වැඩිම පිරිසක් නැරඹූ දිනය විය. එතුලින් ගම්‍යමාන වන්නේ ඇමරිකානුවන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සිදු වන්නට යන දේ පිළිබදව රස විදින බවයි.

තමන්ගේ නව රජය යටතේ පළමු පාර්ලිමේන්තු ඡන්ද විමසීමම පරාජය වී බෝරිස්ගේ අවාසනාවම වන්නේය. තමන්ගේම පක්ෂයේ උදවිය තමන්ටම එරෙහිව ඡන්දය භාවිතා කිරීමම ඔහුගේ අවාසනාව මෙන්ම ඔහු කෙතරම් දුරය සිය පක්ෂයේ සාමාජිකයන් පිළිබදව අවබෝධයෙන් සිටියාද යන්න මනාව පැහැදිලි වෙයි.

වින්ස්ටන්ට් චර්චිල් බ්‍රිතාන්‍ය නායකයාගේ මුණුපුරා වන දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති නිකොලස් සාඔමෙස් සිදු වූ සිදුවීම පිළිබදව දුක්බර ලෙස පැවස්වේ .. ”තමන් සිදුවූ තත්ත්වය පිළිබදව අතිශය වේදනාවට පත් වූ බවයි . පවතින තත්ත්වය පිළිබදව සමථයකට පත්වීම සදහා අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ඔහු මන්ත්‍රීවරුන්ට යෝජනා කරන ලදී.

ඔහු පවසන්නේ ඔහු මින් පෙර තෙරේසා මේ අගමැතිවරියගේ තීරණ සම්බන්ධව සිය සහයෝගය ලබා දුන් බවත් බොරිස් ජොන්සන් ගේ ක්‍රියාකලාපය සම්බන්ධව තමන් ට එකගත්වයකට පැමිණි නොහැකි බවත්ය.
එමෙන්ම අත්දැකීම් බහුල පාර්ලිමේන්තු සාමාජිකයෙකු වන “Father of the House” නමින් හදුන්වන කෙනත් ක්ලාක් ද ජොන්සන්ගේ තීරණයට විරුද්ධව මෙවර සිය ඡන්දය භාවිත කළ අතර ඔහු පවසන්නේ අගමැතිවරයාගේ ක්‍රියාකලාපය අවංක නොවන එකක් බවයි.

මේ සියල්ලටම වඩා මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තත්ත්වය ගුණදායක නොවන්නට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බොරිස් ජොන්සන්ගේ වචන භාවිතය සහ හැසිරීමයි. අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට සහභාගී වූ පළමු දිනයේදීම ඔහු සිය විපක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති විවේචනය කිරීමට “shit” යන වචනය යොදා ගන්නා ලදී. ඒ ඔහුගේ ලාබාල හැසිරීමේ එක් අවස්ථාවක් පමණි.
බොරිස් ජොන්සන්ගේ අවාසනාව තවදුරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලපා ඇත්තේ ව්‍යවස්ථා විරෝධී තීරණ පාර්ලිමේන්.තුව තුල ක්‍රියාත්මක වීමය. ලොව පරණිතම ව්‍යවස්ථා සම්පාදන ආයතනයන්ගෙන් එකක් එසේ අවුල් සහගත වීම යහපත් දෙයක් නොවන බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතයයි.
බ්‍රිතාව්‍ය ව්‍යවස්ථාව අලිඛිත එකකි. ඒ අනුව එහි පැවැත්ම බොහෝ දුරට රදා පවතින්නේ පූර්වාදර්ශයන් මත වීම මෙයට හේතුවයි.

ඒ අනුව ඉතිහාසයේ කිසිදාක නොවුන ලෙස බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකය මේ වන විට අසරණ වී ඇත. එමෙන්ම පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළ ඇති වූ තත්ත්වයද ගුණදායක නොවන්නේය. බ්‍රෙක්සිට් යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන ආ පළමු අවස්ථෘව මෙය නොවන්නේය . යෝජනාව පරාජය වුවද පාර්ලිමේන්තුව තුළ ගෞරවය රැක ගැනීමට මන්ත්‍රී වරුන්ට හැකිවී තිබිණි. නමුත් මේ වන විට එම තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. එයට හේතුය බොරිස් ජොන්සන්ගේ අවාසනාවම නොවේද

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

4 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

7 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

16 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

16 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago