සෞඛ්‍ය

‘අත් සෝදන්න‘ යැයි කී නිසා 19 වන සියවසේදී ඔහුට සැලකුවේ පිස්සෙකුට සේ ය !

නමුත් මෙයට සියවසකට පෙර ලෝකය පුරා මේ ආකාරයේම ගෝලීය වසංගතයක් පැතිර යන විට ද එක් දුර දක්නා නුවණැති වෛද්‍යවරයෙක් මේ උපදෙසම දුන්නේය.

නමුත් එදා ඔහුට ලෝකය සැලකුවේ පිස්සෙකු ලෙස ය.

මේ ඒ කතාන්දරයයි.

19 වන සියවසේදී හංගේරියාවේ ජීවත් වූ වෛද්‍ය ඉග්නාස් සෙමෙල්වෙයිස් (Ignaz Semmelweis) අද සැලකෙන්නේ antiseptic procedures හෙවත් විෂබීජ හරණ ක්‍රමවේදයන්ගේ ආදි කාලීන නියමුවෙකු ලෙස ය. නමුත් ඔහු ජීවත් වූ කාලයේ නම් ඔහුට ඒ ගෞරවය කිසි සේත්ම හිමි වුණේ නැත.

19 වන සියවසේ මැද භාගය වන විට වෛද්‍ය විද්‍යාත්මක තීරණවල විද්‍යාත්මක භාවය ගැන ගැටළු රාශියක් පැන නැගී තිබුණේය.

ඒ නිසා මේ කතාව, අත්සේදීම ගැන පුදුමාකාර ඉතිහාස කතාව ද වේ.

1847 වසර වන විට ඔස්ට්‍රියාවේ වියානා නුවර සිටි වෛද්‍ය ඉග්නාස්, සෞඛ්‍ය සම්පන්න අම්මාවරුන් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමෙන් පසු මුහුණදෙන අබග්ග ගැන මහත් සේ සිත් කරදරකරගෙන සිටියේය. දරුවන් ප්‍රසූත කරන මව්වරුන් 5 දෙනාගෙන් 1 අයෙකු බැගින් ‘චයිල්ඩ් බෙඩ් ෆීවර්‘ (child bed fever) හෙවත් ‘‘වැදූ ගෙයි සන්නියෙන්‘ මිය යමින් සිටියෝය. ඒ නිසා වෛද්‍ය ඉග්නාස් කල්පනා කළේ දරු ප්‍රසූතියට සම්බන්ධ වන වෛද්‍යවරුන්ගේ කල්ක්‍රියාව ගැන අවධානයෙන් සිටින්නට ය.

එවිට ඔහු නිරීක්ෂණය කළේ කුමක්ද?

මෙවැනි රෝහල්වල ප්‍රසූතිකාගාරවල සේවයට යොදවන්නේ මළ සිරුරු කපා පරීක්ෂා කිරීමේ යෙදී සිටින (autopsy) වෛද්‍යවරුන්ම බවයි! එනම් ඔටොප්සි පරීක්ෂණවල නියැළෙන වෛද්‍යවරුන්ම ඊළඟ ඇසිල්ලේ ප්‍රසූතිකාගාරවල ද රාජකාරි කරන බවයි.

එනම් මේ රාජකාරි දෙක අතර කාලයේදී වෛද්‍යවරුන් අත් සෝදන්නේ නැති බව ඔහු දැනගත්තේය.

නමුත් එසේ වෛද්‍යවරුන් අත් සෝදාගන්නේ නම් (හෑන්ඩ් හයිජීන්) මව්වරුන්ගේ මරණ අනුපාතිකය 18% සිට 1% දක්වා අඩු වන බවත් ඔහු සොයාගත්තේය.

නමුත් වෛද්‍ය ප්‍රජාව ඔහු දුටුවේ උපදෙස් දීමට පැමිණි උන්මත්තකයෙකු ලෙස ය. ඔවුන් වෛද්‍ය ඉග්නාස්ගේ බස පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ඔහුට සතුරන් ඇති විය. ඒ එක්දහස් අටසිය හතළිස් ගණන්වල විශ්වාස කෙරුණේ මව්වරුන් දරු ප්‍රසූතියේදී මිය යාමට හේතුව වාතය මගින් පැතිරෙන විෂබීජ බවයි.

මව්වරුන් තුළ ආසාදනයන් ඇති වන්නේ තමන් නිසාය යන චෝදනාව වෛද්‍යවරුන් ව කෝපයට සහ නොසන්සුන්තාවයට පත් කළේය.

ඒ නිසාම, වෛද්‍ය ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් ඇති වීමට සහ ඒවා නියමයන් බවට පත් වීමට තවත් දශක ගණනාවක් ගත විය. පර්යේෂණ ගණනාවක් ද අවශ්‍ය විය.

ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ලෝකයේ මුලින්ම පර්යේෂණ කළේ ලුවී පාස්චර් විසිනි. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් වෙනත් ක්ෂුද්‍රජීවීන් හටගන්නා බව ඔහු සොයාගත්තේය. එය, ක්ෂුද්‍රජීවීන් ඉබේ හටගන්නේය හෙවත් ‘ස්වයංසිද්ධ ජනනවාදය‘ ට ගැසූ කණේ පහරක් විය. මේ අතර, ජෝසප් ලිස්ටර් විෂබීජ නාශක සොයාගත්තේය. රොබට් කොක්ගේ පර්යේෂණ සනාථ කළේ විශේෂිත විෂබීජ මිනිස් ශරීරය තුළ රෝපණය වීමට ඇති හැකියාවයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, විෂබීජයකට විශේෂිත රෝගයක් මිනිස් පටක තුළ ඇති කිරීමට ඇති හැකියාවයි. මේ සියලු දේ අන්තර් වශයෙන් සම්බන්ධ කළ විට රෝග කාරකය සහ රෝගය එකිනෙකට සම්බන්ධ විය. මිනිසුන් මේ පිළිබඳ විද්‍යාත්මක වශයෙන් විශ්වාස කරන්නට පටන් ගත්තේ එයට පසුව ය. එනම් වෛද්‍යවරුන් සිය සනීපාරක්ෂක පුරුදුවල ඇති වැදගත්කම අවබෝධ කර ගත්තේ එයින් පසුව ය.

ලුවී පාස්චර්

ජෝසප් ලිස්ටර්

රොබට් කොක්

වෛද්‍යවරුන් සැත්කම්වලට පෙර හැමවිටම සිය අත්වල සනීපාරක්ෂාව පිළිබඳ විමසිලිමත් වීමටත්, අත් ආවරණ පැළඳීමටත් උත්සුක වන්නේ වෛද්‍ය ඉග්නාස් ඒ බව කියා දශක ගණනාවකට පසුව ය.

නමුත් මේ කිසිවක් දැකීමට තරම් වෛද්‍ය  ඉග්නාස් සෙමෙල්වෙයිස් වාසනාවන්ත වූයේ නැත. ඔහු ට පිස්සෙකුට සේ සැලකිණි. ඔහුට රස්සාව නැති විය. නමුත් ජීවිතයේ අවසාන භාගය ද ඔහු ගත කළේ මිනිසුන්ට අත් සේදීමේ ඇති වැදගත්කම අවධාරණය කර දීමට ය.

අවසානයේ 1865 වසරේදී ඔහු ස්නායු බිඳ වැටීමකට ලක් විය. කාත් කවුරුත් නැති අයෙකු සේ ඔහු අවසානයේ අවුරුදු 47 දී ගර්හාවට ලක්වීමෙන්ම මිය ගියේය.

වෛද්‍ය ඉග්නාස් සෙමෙල්වෙයිස්… නුඹ අද ද යුරෝපයේ කොහේ හෝ සිට ලක්ෂ ගණන් දෙනා කොවිඩ් ආසාදනයෙන් මිය යන අයුරු දැක ඔවුන්ට අත් සේදීම ගැන කියා දෙමින් සිටිනවා විය යුතුය!

ඇසුර – How a 19th Century medical mystery is saving lives today BBC Reel – video by Fernando Teixeira & Izabela Cardoso

Share

Recent Posts

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 mins ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

23 mins ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

21 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

22 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

22 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

23 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago