අරුම පුදුම

ජිරාෆ්ලා 16 ක් තරම් උස- ඇල්ප්ස් කඳුකරයේ පිහිටි ලෝකයේ දිගම වැල් පාලම

ස්විට්සර්ලන්තයේ  චාල්ස් කුනොන් වැල් පාලම Charles Kuonen Suspension Bridge ගැන තමයි මේ කියන්න හදන්නෙ. 2017 අගෝස්තු මාසයේ මගීන්ට විවෘත කළ මේක තමයි, මිහිපිට තිබෙන, පයින් යන්නන් සඳහා තැනුණු දිගම වැල් පාලම, එහෙම නැතිනම් අත්වැල් පාලම. එල්ලෙන මගී පාලම කියලත් මේකට කියන්න පුළුවන්. (Longest pedestrian suspension bridge on the planet)

පින්තූරයක් තරම් ලස්සන ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය හරහා දිවෙන මේ වැල් පාලම හදල තියෙන්නෙ, පොළොව ඉඳන් මීටර 86ක්, එහෙම නැතිනම් අඩි 282 ක් උසින්. වෙනත් විදිහකට කිව්වොත්, ජිරාෆ්ලා 16 දෙනෙක් එකා පිට එකා බැගින් නැග්ගුවොත් මෙන්න මේ උස ඔබට ලැබෙයි!

චාල්ස් කුනොන් වැල් පාලම පිහිටල තියෙන්නෙ, ස්විට්සර්ලන්තයේ රාන්ඩා ප්‍රදේශයේයි.

මේ තරම් උසින් පිහිටියාට මොකද, මේ වැල් පාලම බොහොම පටුයි. කොහොමටත් වැල් පාලමක් එක්කෙනෙකුට එකවරකට යන්න පුළුවන් තරමට වඩා පළල් නැහැ. මේ පාලමේ පළල අඟල් 25.5 යි. ඒ කියන්නෙ සෙන්ටිමීටර 65 යි. එහෙමත් නැතිනම් අඩි 2 යි. හැබැයි පාලම අඩි 1620 ක්, එහෙමත් නැතිනම් මීටර 494 ක් දිගට විහිදෙනවා.

© Valentin Flauraud

Image: © Valentin Flauraud

Swissrope සහ Lauber cableways කියන සමාගම් දෙක එකතු වෙලා මේ වැල් පාලම හැදුවෙ සති 10 ක් වගේ කෙටි කාලයකින්.

ඔබට මතකද, 2016 අවුරුද්දෙ චීනයේ Zhangjiajie කැනියොම මතින් ඉදිවුණු, පතුලට වීදුරු දාපු වැල් පාලම. ඉතින් ලෝකයේ දිගම වැල් පාලම විදිහට ඒකට තිබුණු කීර්ති නාමය, දැන් අයිති සුන්දර ස්විට්සර්ලන්තයේ පිහිටලා තියෙන මේ චාල්ස් වැල් පාලමටයි. එකම වෙනස, මේකෙ පතුලට වීදුරු දාල නෑ.

චීනයේ වීදුරු පතුලක් සහිත වැල් පාලම | Trip Advisor

සාමාන්‍යයෙන් මේ වගේ දිග ප්‍රමාණයක් ඔස්සේ මේ වගේ උසකින් යද්දි මොකක්ද සිද්ධ වෙන්න පුළුවන්? ඔව්, ඔබ හරි! ලේසියෙන්ම ඔළුව කැරකිල්ල හැදෙන්න පුළුවන්.

කොහොමටත්, පාලම්වල යන්න සමහරු බයයි. වෛද්‍ය විද්‍යාවට අනුව නම් මේක බයක් නෙවෙයි, භීතිකාවක්. එහෙමත් නැතිනම් ෆෝබියාවක්. මේ ෆෝබියාවට ලස්සන නමක් තියෙනවා. ඒ තමයි, ජෙෆිරොෆෝබියා (Jephirophobia).

ඒ නිසා බැරි වෙලාවත් බිම බලන්න නම් එපා!

මේ වැල් පාලම දකිද්දි මතක් වෙන්නෙ, හුණු වටයේ කතාවෙ ගෘෘෂා,  පුතාට කිව්ව ‘වැල් පාලමේ ගීතය.‘

නාට්‍ය‍ය‍ – හු‍ණු ව‍ටයේ කතාව – හෙන්රි ජයසේන
ගායනය – මානෙල් ජයසේන

වැල් පාලමේ ගීතය

හෙල ගැඹුරුයි… පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්

අපට පුතේ මඟක් නැතේ
මේ මඟ මිස යමන් පුතේ

දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ

ඔව්, කිව්ව වගේම මේ වැල් පාලමේ යද්දි ඒ අයට හිතෙනවා, අපට පුතේ මගක් නැතේ! කියලා. මොකද, මේ පාලම ඇල්ප්ස් කඳුකරයේ රාන්ඩා නිම්නය යා කරන්නේ, බොහොම රළු ගිරි ශිඛරවලින් යුත් පොළොවක් මතින්. ඉතින් බැරි වෙලාවත් පය පැකිළුණොත් ‘දෙයියො රකී‘ තමයි!

© Valentin Flauraud

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

9 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

10 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

11 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

12 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

12 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago