වෙනකක් තබා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අන්තවාදී අදහස් ඇති නායකයෙකු ඇමරිකාවට ලැබෙන බව ද ඔවුන් කලින් කියා තිබිණි. දැන්, ඔවුන් කියූ තවත් අනාවැකියක් සත්‍ය වී තිබේ. ඒ, රිචඩ් බ්‍රැන්සන් උඩු ගුවනට යන බව ය.
මෙයට සති දෙකකට පමණ පෙර, සුප්‍රකට වර්ජින් ගැලැක්ටික් සමාගමේ හිමිකරු සහ කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්, සිය කාර්ය මණ්ඩලයත් සමග තමන්ගේම යානයක නැගී අභ්‍යවකාශයට ගියේය. එසේ ගියා පමණක් නොව, ඔහු එහි සිට පෘථිවිය දෙස බලමින්, ‘‘මේක මං පුංචි කාලෙ දැක්ක හීනයක්‘‘ යැයි ද කීවේය.
කෙසේ නමුත් බ්‍රැන්සන්, අභ්‍යවකාශ යානයක පාවෙමින් සිටීමට නියමිත බව කීවේ ‘The Simpsons’ලා ය. ඒ, බ්‍රැන්සන්ගේ ඇනිමේටඩ් වර්ෂන් එකක් එසේ පාවෙමින් සිටින බව කතාංගයට ඇතුළත් කිරීම මගිනි. බ්‍රැන්සන් ඒ අනුව මුලින්ම අභ්‍යවකාශයට ගියේ 2004 වසරේ නිකුත් වූ “The War of Art” කතා මාලාවේ 25 වැනි අදියරේ 15 වැනි එපිසෝඩයෙනි.
ඇත්තම කතාව නම්, තමන්ට කෙදිනක හෝ අජටාකාශයට යාමට අවශ්‍ය බව මෙම එපිසෝඩය නිකුත් වීමට පෙර බ්‍රැන්සන් කියා තිබේ. ඔහු, සංචාරකයන් උඩු ගුවනට ගෙන යාමට තමන් අදහස් කරන බව කීවේ 2004 වසරේදී ය. ඒ අනුව මෙය නම්, ‘නොත්‍රදාමුස්‘ වර්ගයේ අනාවැකියක් නොවේ.
නමුත් ‘The Simpsons’ රසිකයන් පසුබසින්නට සූදානම් නැත. ‘‘කොහොම වුණත් ‘The Simpsons’ලා අනාගතය කලින් දකිනවා‘‘ යැයි කියමින් ඔවුහු ට්වීට් කරන්නට පටන් ගත්හ.
මේ අනුව 19 වතාවකට නොඅඩු වාරයක් ‘The Simpsons’ නිර්මාණකරුවන් විසින් අනාගතය කලින් දැක තිබෙන බව කියැවේ. රිචඩ් බ්‍රැන්සන් සිද්ධිය දුර්වල එකක් වුණත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව ‘The Simpsons’ලා කියා තිබුණේ එයට අවුරුදු 19 කට පෙර ය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…