ඊයේ (06) උදෑසන ඇති වූ භූමිකම්පා හේතුවෙන් තුර්කියේ පුද්ගලයන් 2379ක් පමණ මියගොස් 14483 ක් පමණ තුවාල ලබා ඇති බව එරට ආපදා ඒජන්සිය වාර්තා කර තිබේ. සිරියානු රජය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් වලට අනුව අසල්වැසි සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 1,444 ක් මිය ගොස් ඇති බව අනාවරණය වේ.
කලාපයේ දශක කිහිපයකින් සිදු වූ දරුණුතම භූමිකම්පා ව්‍යසනය මෙය වන අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ පවුල් සිය ගණනක් සුන්බුන් අතර සිරවී ඇති බවත්, ඒ අනුව මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්ය. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මීට පෙර අනතුරු ඇඟවූයේ මරණ සංඛ්‍යාව අවසානයේ අට ගුණයකින් ඉහළ යා හැකි බවයි.
තුර්කියේ මිනිසුන් 33,000කට මරු කැඳවූ 1939 අර්සින්කාන් භූමිකම්පාවෙන් පසු ඊයේ දිනයේ ඇති වූ භූමි කම්පාව විශාලතම ව්‍යසනයක් ලෙස තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan හඳුන්වා තිබේ.
මුල්ම භූමි කම්පාව රිච්ටර් මාපකයේ 7.7 ලෙස සඳහන් වූ අතර එමඟින් ගිනිකොනදිග ප‍්‍රදේශයේ නගර කිහිපයක් කඩා වැටුණි. වසර ගණනාවක යුද්ධයෙන් අවතැන් වූ මිලියන සංඛ්‍යාත සිරියානුවන් ශීත ඍතුවේ පවතින ශීත කාලගුණය තුවාල ලැබූ හෝ නිවාස අහිමි වූ දහස් ගණනකගේ දුක්ඛිත තත්වයකට පත්ව ඇත.
සුන්බුන් වලින් තුවාල ලැබූවන් ගලවා ගැනීමට අරගල කරමින් සිටියදී, දෙවන භූමිකම්පාවද ඇති වූ අතර එය රික්ටර් පරිමාණයේ 7.6 ක විශාලත්වයකින් යුත් එකක් බව තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) පවසයි. කලාපය පුරා විශාල හානියක් කිරීමට සමත් විය.
තුර්කි උප ජනාධිපති Fuat Oktay ප්‍රකාශ කළේ කලාපයට අවම වශයෙන් පසු කම්පන 145ක් දැනුණු බවත්, තුනක් මැග්නිටියුඩ් 6ට වඩා ප්‍රබල වූ බවත් ය. සිරියාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක El Mostafa Benlamlih පැවසුවේ කලාපය පුරා යටිතල පහසුකම් බරපතල ලෙස හානි වී ඇති බවයි.
මේ වන විට කලාපය පුරා වැසි සහ හිම පතනය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් දුෂ්කර වී තිබේ. රුසියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය මියගිය හා අවතැන්වූන් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර ඊට අදළ සහයෝගය ලබා දීමට එකඟත්වයද ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.