කාලීන

වත්මන් පොප් සංගීත කර්මාන්තය ගීත රචකයන් රවටනු ලබනවා – ABBA ගීත කණ්ඩායමේ බියෝර්න්ගෙන් චෝදනාවක්!

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA දශක ගණනාවක් පුරා බාල මහලු කා අතරත් එක සේ ජනාදරය දිනූ පොප් කණ්ඩායමකි. ABBA ගීත කණ්ඩායම සංගීත ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරනු ලැබුවේ 1972 – 1982 යන දශකය තුළ පමණක් වූව ද ඔවුන් ඉතිරි කර ගිය ඒ ගීත එකතුව දශක ගණනාවක් පුරා සංගීත කලාවෙන් ද ඔබ්බට වේදිකා නාට්‍ය සහ සිනමාව දක්වා මුල් බැස ගෙන තිබිණි.

ABBA යනු ඉංග්‍රීසි බස කතා නොකරන රාජ්‍යයක (ස්වීඩනය) සිට පැමිණ බිල්බෝර්ඩ් ගීත දර්ශකය ඇතුළු ඉංග්‍රීසි සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළ ලොව පළමු ගීත කණ්ඩායමයි. ඉහළ පරාසයේ ඇසුවන් වසඟයට පත්කරන ඇග්නේතා ෆෝල්ස්කොග් ගේ කඩහඬ, පහළ පරාසයේ ගායන ශ්‍රේෂ්ඨත්වය විදහා පාන ඇනිෆ්‍රිඩ් ලින්ස්ටඩ් ගේ කඩහඬ ද සමඟ මුසුව බියෝර්න් උල්වේයස් ගේ මනරම් ගිටාර් වාදනයද, බෙනී ඇන්ඩර්සන් ගේ අසමසම කීබෝඩ් වාදනය ද සමඟ ඉදිරිපත් වන්නේ සංශුද්ධ ABBA සංගීතය බව ABBA සංගීතය අධ්‍යයනය කළ ඕනෑම ප්‍රේක්ෂකයකු සොඳින් දනී.

Björn Ulvaeus

ABBA ගීත කණ්ඩායමේ බියෝර්න් උල්වේයස් නැතහොත් ප්‍රධාන ගිටාර් වාදක ද ගාඩියන් පුවත්පත හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී බරපතල හෙළිදරව්වක් කර තිබේ.

ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් පොප් සංගීත ක්ෂේත්‍රය ගීත රචකයන් රවටනු ලබන බවත්, නූතන ඩිජිටල් තාක්ෂණය හරහා ගායක ගායිකාවන් ලබා ගන්නා ලද ජනප්‍රියත්වය හරහා ගීත රචකයන් හට ලැබී තිබුණ රාජකීය වටිනාකම ගිලිහෙමින් පවතින බවත් ය.

ABBA ගොලීය ජනාදරයට පාත්‍රවන්නේ 1974 වර්ෂයේ ගැයූ Waterloo නම් ගීතය යුරොවිෂන් සොන්ග් කොන්ටෙස්ට් නම් තරඟාවලියේදී ජයග්‍රහණය කිරීමත් සමඟය. ඒ ස්වීඩනය යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් නම් තරඟාවලිය ජයග්‍රහණය කළ ඉතිහාසයේ පළමු අවස්ථාවයි.

මෙම ඓතිහාසික සිදුවීම උදාහරණයට ගනිමින් බියෝන් ඉහත සම්මුඛ සාකච්ඡාවේදී නූතන පොප් සංගීත ක්ෂේත්‍රයට එල්ල කළ චෝදනාව පැහැදිලි කළේ මෙසේය.

“යුරොවිෂන් සෝනග් කොන්ටෙස්ට් තරඟාවලියට ඉදිරිපත් වීමට ආරාධනා ලැබුණු විට එම තරඟාවලියට ඉදිරිපත් කිරීමට හොඳම ගීතයක් අප සතුව තිබුණා. මෙම ගීතයේ නම Hasta Mañana. එය බැලඩ් වර්ගයේ ගීතයක්, එය ඉතාම අලංකාරයි, එය යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් වැනි තරඟාවලියකට සුදුසුම අන්දමේ ගීතයක් විය හැකිව තිබුණා. එම නිසාම අපි එම ගීතය ඉදිරිපත් කළේ නැහැ. අප ඒ වෙනුවට ඉදිරිපත් කළේ  Waterloo නම් ගීතයයි. ඊට හේතුව අපට අවශ්‍ය වූවා යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලිය පුරාවට කිසිදු දිනක අසා නොමැති අන්දමේ ගීතයක් ඉදිරිපත් කිරීමට.”

Waterloo නම් ගීතය පාදක වන්නේ Waterloo නගරයේ නෙපෝලියන් ආදිපාදවරයා යුධ වැදුණු සිදුවීම ඇසුරිණි. මෙම ගීතය 1974 වර්ෂයේ දී සිටි ජනතාවට අමුතුම අන්දමේ ගීතයක් වූ අතර, එම හේතුව නිසාම එය යුරොවිෂන් තරඟාවලිය ජයග්‍රහණය කළේය.

මෙමඟින් බියෝන් අදහස් කරනු ලැබුවේ ජනප්‍රියත්වය ලැබෙන්නේ හුදෙක් ගීතයක සංගීතමය සුන්දරත්වය ට වඩා එහි පවතින අසමසමභාවය මත බව සහ ජනතාව ආදරය කරනු ලබන සංගීත නාදය මත බවයි. ඒ අනුව, ගීත රචකයා සතු වටිනාකම කියා නිම කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

“අපට අවශ්‍ය වූයේ ස්වීඩනයෙන් ද පිට, ලෝකයේ වෙනත් රට වල ABBA සන්නාමය කිසිදු දිනක අසා නොමැති පුද්ගලයන් අතර පවා ජනප්‍රිය වන ගීතයක් ඉදිරිපත් කිරීමටයි. මෙම ගීතය ඉදිරිපත් කිරීම මඟින් අප විශාල අවදානමක් ගනු ලැබුවා. නමුත් එහි ප්‍රතිඵල අප භුක්ති විඳිනු ලැබුවා.”

නමුත් වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළ ගීත රචකයකු විසින් එවන් අවදානමක් ගැනීමට ශක්තියක් තිබෙනවා ද යන්න ප්‍රශ්ණ සහගත බව බියෝර්න් පෙන්වා දෙයි. ගීත රචනය කිරීමේ කලාව බෙහෙවින් වෙනස්ව ඇති බව පෙන්වා දෙන බියෝර්න් අවධාරණය කරනු ලැබුවේ වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළ ගීතයට අදාළ ගායකයා හෝ ගායිකාව ඇගයීමට ලක්වීම වැඩි බවත්, ගීතය රචනා කළ පුද්ගලයා හට ලබා දෙන පිළිගැනීම ගිලිහෙමින් පවතින බවත් ය.

“සංස්කෘතික, නිර්මාණාත්මක හා වාණිජමය වශයෙන් ගීත රචකයා වර්තමාන සංගීත ව්‍යාපාරයට ගැලපෙන්නේ කෙසේද යන්න පිළිබඳ සාක්ෂි පදනම් කරගත් දළ විශ්ලේෂණයක් සැපයීම සඳහා මම MIDiA Researchනම් ආයතනය සමඟ වාර්තාවක් පළ කරනු ලැබුවා. මා හට කාටවත් ඇඟිලි දිගු කිරීමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වූයේ සංගීත ක්ෂේත්‍රය සහ ලෝලීන් යන දෙපාර්ශවයම කියවන සුළු අර්ථාන්විත වාර්තාවක් ඉදිරිපත් කිරීමට,”

බියෝර්න් ද ගාඩියන් පුවත්පත ට පැවසීය.

මෙම පර්යේෂණය හරහා හෙලිදරව් වී තිබෙන්නේ වත්මන් ඩිජිටල් තාක්ෂණය තුළ ස්පොටිෆයි වැනි ජාල හරහා පුද්ගලයින් ගීත වලට සවන් දෙන විට අදාළ ගීතයේ නිර්මාණකරුවන් හට වඩා ගීතයට පමණක් ප්‍රමුඛතාවය ලබාදීමට රසිකයින් පෙළඹ ඇති බවයි.

“ගීත ආර්ථිකය යළි සමතුලිත කිරීමේදී ගීතය සෑම දෙයක් සඳහාම තීරණාත්මක සාධකය වී ඇති යුගයක අප ජීවත් වන බව පෙනී යනවා. මීට ඉහත මෙම ස්ථානය හිමිව තිබුණේ ගීත ඇල්බම සඳහා. නමුත් මෙම ප්‍රවාහයේ ප්‍රමුඛතම මුදල් ඒකකය බවට පත්ව තිබෙන්නේ තනි ගීතයි. දත්ත මගින් පෙන්නුම් කරන්නේ මිනිසුන් ස්පොටිෆයි වැනි වේදිකාවක් භාවිතා කරන විට, ඔවුන් කලාකරුවන්ට වඩා ගීත සඳහා අවධානය යොමු කර ඇති බවයි. එනම්, ගීත රචකයාගේ භූමිකාව අන් කවරදාටත් වඩා දැන් වැදගත්ව තිබෙනවා. නමුත්, ඔබ ගීත රචකයෙක් නම්, මෙම පද්ධතිය අක්‍රියයි.” 

ඒ අනුව, සංගීත ක්ෂේත්‍රයේ පැවැත්ම තිබෙන්නේ ඔබ ගායකයකු නම් පමණක් විය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි. රසිකයින් හුදෙක් ගීතයට අවධානය යොමුකිරීම මත එහි ආර්ථික වාසිය ලැබෙන්නේ අදාළ ගීතය ගායනා කළ පුද්ගලයාට වන සන්දර්භයක ගීත රචකයා හට පැවතී රාජකීය වටිනාකම ගිලිහෙමින් පවතින බව බියෝර්න් ගේ අදහසයි.

ගීත රචකයකු හට ගායකයකු මෙන් තම සන්නාමය ප්‍රවර්ධනය කර ගැනීමට වෙළඳ භාණ්ඩ, සංගීත සංදර්ශණ, තම සන්නාමය රැගත් ඇඳුම් පැළඳුම් නොමැති බවත්, ඔවුන්ගේ ආදායම නිර්මාණය වන්නේ හුදෙක් ගීතය නිර්මාණය කිරීමෙන් බවත් පෙන්වා දෙන ABBA කණ්ඩායමේ හිටපු ගිටාර් වාදක බියෝර්න් අවධාරණය කරන්නේ මෙම තත්ත්වය තුළ පොප් සංගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් විසින් ගීත රචකයින් හට යම් අසාධාරණයක් සිදුකරන බවයි. මුදල් ගෙවා ගීත ශ්‍රවණය කරන්නේ ඩිජිටල් වේදිකාව මත වීමත්, එම මුදල් ගලා යන්නේ අදාළ ගීතයේ ගායකයා හෝ ගායිකාව ට වීමත් මත මෙම තත්ත්වය තවත් උත්සන්න වී ඇති බව බියෝර්න් ද ගාඩියන් වෙත වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“ABBA කණ්ඩායම්ගත වීමට පෙර බෙනී සහ මම ගීත රචනය පිළිබඳ ආධුනික පුහුණුවක් දැරුවා, ස්වීඩනය තුළ දශකයකට ආසන්න කාලයක් එකට එක්ව සහ තනි තනිව ගීත රචනය කළා. ඒ තුළින් අපගේ හැකියාව වර්ධනය කර ගත්තා. ගීත රචනයේ රාජකීයත්වය නොමැතිව ඔබට එම කාලය වෙන්කර ගත නොහැකියි. ඒ නිර්මාණාත්මක නිදහස භුක්ති විඳිය නොහැකියි. ඔබට ඔබ වෙනුවෙන්ම උපයා ගන්නා මුදල ප්‍රමාණවත් නොමැති නම්, ඒ සඳහා වෙනත් රැකියාවක් කිරීමට සිදුවනවා, එයින් අදහස් වන්නේ ඔබ නියැලී සිටින හෝ ඔබ ආශා කරන දෙයට නිසි පරිදි අවධානය යොමුකිරීමට නොහැකි වනවා,”

තම සංගීත අතීතය ආවර්ජනය කරමින් බියෝර්න් පැවසීය.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

11 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

12 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

12 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

13 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago