ලොව යන අත

2019 වසරේ වැඩියෙන්ම මිනිස් ව්‍යසන සිදුවන රාජ්‍යයන් හඳුනා ගැනේ.

ජාත්‍යන්තර මුදවා ගැනීමේ කොමිසමට (IRC) ට අනුව එළඹෙන වසර ලොව මිලියන ගණනින් මිනිසුන් යුද්ධය, නියග, දුර්භික්ෂ සහ විවිධ ව්‍යසනයන්ට ගොදුරු වන තවත් වසරකි.

ඒ අනුව ලබන වසරේ වැඩිම මිනිස් ව්‍යසනයන් ගණනාවක් සිදු වනු ඇතැයි සිතන රටවල් 10ක් IRC මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එම රටවල් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ යේමනය, කොංගෝ ජනරජය, දකුණු සුඩානය යන රටවල් ත්‍රිත්වයයි. ඉතිරි රටවල් 7 වන්නේ ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සිරියාව, නයිජීරියාව, ඉතියෝපියාව සහ සෝමාලියාවයි.

ජාත්‍යන්තර මුදවාගැනීමේ කොමිසම ට අනුව මෙම රටවල් මානව ක්‍රියාකරකම් එනම් යුද්ධ සහ ආර්ථික අර්බුද හේතුවෙන් මෙන්ම ස්වභාවිත ව්‍යසන එනම් දැඩි නියඟයන්, ගංවතුර සහ දේශ ගුණික විපර්යාසයේ අංගයන් හේතුවෙන් සිදු විය හැකිය.

ලෝකයේ මේ වන විටත් මිලියන 40කට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් අභ්‍යන්තරව අවතැන් බවට පත්ව ඇත. ඉන් මිලියන 22 ඉහත සඳහන් කළ රටවල් වල ජීවත් වූ පුද්ගලයන්ය. ලෝකයේ සමස්ථ සරණාගතයින් ප්‍රතිශතයක් ලෙස ගත් විට ඉන් 65%ක් ඉහත රටවල් වලින් බිහිවී ඇත. ආර්ථික අර්බුද හේතුවෙන් වෙනිසියුලාව හැර ගිය සංඛ්‍යාව මිලියන 3ක් වේ.

එක්සත් ජාතීන් ගේ සංවිධානයට අනුව 2019 වසර වන විට ලෝකයේ රටවල් 42 ක පුද්ගලයින් මිලියන 132කට ආරක්ෂාවද ඇතුළු මානුෂීය ආධාර අවශ්‍ය  වන්නේය.

පහත දැක්වෙන ඡායාරූප ජාත්‍යන්තර මුදා ගැනීමේ කොමිසම විසින් නිකුත් කළ වාර්තා සමග ඉදිරිපත් කර තිබේ.

කොංගෝ ජනරජය- ආහාර හිඟය ඉබෝලා වැනි සෞඛ්‍ය තත්ත්වයන් මත 2017 වසර වන විට එක්සත් ජාතීන්ට අනුව කොංගෝවේ අභ්‍යන්තර අවතැන් සංඛ්‍යාව මිලියන 4.5කි
නිදහස ලබා වසර දෙකකට පසු 2011 වසරේදී දකුණු සුඩානයේ නැවතත් ඇති වූ සිවිල් යුද්ධ හේතුවෙන් පුද්ගලයින් 1.96ක් අභ්‍යන්තරව උන්හිටි තැන් අහිමි වූ අතර, සරණාගතයින් සංඛ්‍යාව 2.47කි, මිලියන 6.1ක් අනාරක්ෂිතය.
2001 වසරේ සිට ඇතිවූ යුද්ධ සහ සිවිල් ගැටුම් නිසා ඇෆ්ගනිස්ථාන ජනතාව අනාරක්ෂිත බව සහ ආහාර හිඟය නිසා පීඩාවට පත් වෙමින් සිටී
වෙනිසියුලාව මේ වන විට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් තම ආහාර වේල හෝ සපුරා ගැනීමට එරට ජනාතාවට නොහැකි වී ඇත.
2013 වසරේ සිට මධ්‍යම අප්‍රිකාව තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් 550000 දෙනා ආහාර හිඟය නිසා පීඩාවට පත්ව ඇත
2011 වසරේ ජනපති අල් බෂාර් අල් අෂාඩ් ගේ රජයට විරුද්ධව ඇතිවූ ගැටුම් දුර දිග යෑමත් සමග සමස්ථ සෞඛ්‍ය , අධ්‍යාපන හා අනෙකුත් පද්ධතීන් සියල්ල බිඳ වැටිණි. මිලියන 6.2 අභ්‍යන්තර වශයෙන් උන්හිටි තැන් අහිමිව ඇත් අතර මිලියන 5.6ක් සරණාගතයින් බවට පත්ව ඇත‍.
2018 වසර අතර තුර නයිජීරියාවේ කොටසක් හමුදා කණ්ඩායම් වල සහ කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා පීඩාවට පත් විය. මෙමගින් මිලියන 2ක් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ අතර 230000 දෙනා සරණාගතයන් ලෙස අසල්වැසි රටවල පිහිට පතමින් සිටී.
2018 වසරේ ලොව වැඩිම අවතැන් පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්ථාවන ඉතියෝපියාව අභ්‍යන්තර දේශපාලන ගැටුම් මෙන්ම වාර්ගික අර්බුධය හේතුවෙන් පීඩා විඳින රාජ්‍ය්‍යකි.
සෝමාලියාව දශකයකට ආසන්න කාලයක් තිස්සේ යුද්ධය නිසා පීඩා විඳිමින් සිටින අතර ස්වභාවික ව්‍යසනයන්ටද මුහුණ දෙමින් සිටී. මිලියන 2.6ක් අභ්‍යන්තර වශයෙන් අවතැන්ව ඇති අතර 870000 දෙනා සරණාගතයින් බවට පත්ව ඇත.
Share

Recent Posts

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

4 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

6 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

6 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

6 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

10 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

11 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

11 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

1 day ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

1 day ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

1 day ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

1 day ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago