ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට එරෙහි ගොනුකළ දෝෂාභියෝගය විභාගයට ගැනීම එක්සත් ජනපද සෙනට් සභාව තුළ පවත්වන මෙන්ද, එම නඩු විභාගය තුළ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩන් මහතා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටිනු දැකීමට අපේක්ෂාවෙන් ට්‍රම්ප් මහතා පසුවන බවද ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.
ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශකවරයකු ඊයේ (21) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එකී නඩු විභාගය සෙනට් සභාව තුළ පැවත්වීමෙන් නිසි සාධාරණ ක්‍රියාදාමයක් තුළ ඉදිරියට ගෙන යා හැකි බවයි.
ඒ අනුව සෙනට් සභාව තුළ වඩාත් සාධාරණ හා ව්‍යවස්ථානුකූලව නිසි ක්‍රියාදාමයක් තුළ නඩු විභාගය පැවැත්වෙනු ඇති බවට ට්‍රම්ප් මහතා විශ්වාස කරයි.
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක හෝගන් ගිඩ්ලි ට අනුව, ඇඩම් ෂිෆ්, ජෝ බිඩන්, හන්ටර් බිඩන් සහ ඊනියා බුද්ධි තොරතුරු සැපයුම්කරු වැනි සත්‍ය වශයෙන්ම සාක්ෂි දැරූ සහ දූෂණයට සම්බන්ධ වූ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් වනු දැකීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලාපොරොත්තුවෙන් සිටියි.
පසුගිය කලක සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන් මහතා ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය කඩාකප්පල් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යුක්‍රේන ජනපති ගෙන් සහය පැතූ බවට තොරතුරු සැලවීමත් සමඟ රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූ අතර, ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ට විරුද්ධව දෝෂාභියෝගයක් ද ගෙන ඒමට කටයුතු කරන ලදී. මෙකී දෝෂාභියෝගයට අදාල විමර්ශන කටයුතු සිදුකරන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බුද්ධි තොරතුරු පිළිබඳ පත්කරන ලද කමිටුවක් විසිනි. එම බුද්ධි තොරතුරු කමිටුවේ සභාපතිධූරය දරන්නේ ඇඩම් ෂිෆ් මහතා විසින් වන අතර, මේ පිළිබඳ රහසිගත බුද්ධි තොරතුරු සපයන්නකු (whistleblower) සම්බන්ධ කොට ගනිමින් ෂිෆ් මහතා සාවද්‍ය ප්‍රකාශ රාශියක් සිදුකොට ඇති බවට චෝදනා කරමින් පසුගිය කාලවකවානුව තුළ ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට විවිධ අන්දමේ මඩ ප්‍රහාර දියත් කළ අන්දමක් ද දක්නට ලැබිණි.
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මුල්ම වරට ප්‍රකාශයට පත්කරන ලද්දේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය විසිනි.
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…