නොසිතූ මොහොතක සුවිසල් මන්දිර බිමට පතිතවෙද්දී මිනිස් ජීවිත මිය යනවා හැර වෙන දෙයක් සිතන්නටවත් ඉඩක් ඉතිරි නොවූ මොහොතක තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක මල් කැකුළක් බේරා ගැනීමට ඊයේ (12) මුදවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ පුවතක් අසන්නට ලැබුණි. එම බිළිඳාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමටත් හැකි විය.
එම බිළිදා සුන්බුන් අතරින් නිරුපද්‍රිත බේරා ගැනීමෙන් පසු, නාවා පිරිසිඳු කර ආහාර ලබා දීමෙන් අනතුරුව ඉතා සතුටින් සිටින බිළිඳාගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.එම වීඩියෝ දර්ශන ට්වීටර් ජාලය තුළ පමණක් මිලියන දෙකක පිරිසක් දර්ශනය නරඹා ඇත.
තුර්කිය සහ සිරියාව උඩුකුරු කළ මෙම කේදවාචකයෙන් මියගිය ගණන අද (13) 34000 ඉක්මවයි. මින් විශාලම හානිය සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 29605 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සතියකට පෙර හටගත් භූ කම්පනයයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි.
මෙහෙයුම් අතරින් දිවිබේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු, සය මසක ගැබිණියක, අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බව තුර්කි බලධාරීහු ප්‍රකාශ කළ අතර සුන්බුන් අතරින් දිවි බේරා ගැනීමේ කටයුතු දිගින් දිගටම සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෂිකා හෙන්නායක
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…