මේ සමගම, චීනය ද 2018 වසරේ දෙසැම්බරයේදී රැඳවුම් භාරයට ගත් කැනඩා ජාතිකයන් දෙදෙනෙකු නිදහස් කළේ ඔවුන්ට කැනඩාව බලා යාමට ඉඩ දෙමිනි.
ඇමරිකාව, චීනය සහ කැනඩාව අතර වූ දීර්ඝ නීතිමය සහ භූ දේශපාලනික ඝට්ටනයක නිමාව ලෙස මෙය සැලකේ.
Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වූ මෙන්ග් වැන්ග්ෂු සහ මෙකී කැනඩා ජාතිකයන් දෙදෙනා නැවත සිය රට බලා ගියේ එකඟතාවක ප්‍රතිඵලයක් නිසා බව කියැවේ. ඒ, නඩු දැමීම ප්‍රමාද කිරීම හෝ අත්හිටුවීමේ එකඟතාවයක් මත ය. 2018 දෙසැම්බර් මාසයේදී මෙන්ග් වැන්ග්ෂු කැනඩාවේ වැන්කුවර් නගරයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
ඇය, Huawei සමාගමේ නිර්මාතෘවරයා වන රෙන් සෙන්ග්‍ෆෙයිගේ දියණිය ද විය.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව ඇයව පිටුවහල් කර ඇමරිකාවට ලබාගැනීමට වරෙන්තුවක් නිකුත් කළේ, ඉරානයට එරෙහි සම්බාධක උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙනි. නමුත් ඇයව දිගින් දිගටම කැනඩාව විසින් රඳවා තබා ගැනිණි.
චීනය, මෙම අත්අඩංගුවට ගැනීමට වහාම ප්‍රතිචාර දැක්වූයේ මයිකල් කොව්රිග් සහ මයිකල් ස්පැරොවර් නමැති කැනඩා ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගනිමිනි.
ඔවුන්ට විරුද්ධව ‘ඔත්තු බැලීමේ‘ චෝදනාව චීනය විසින් නගා තිබිණි.
මෙම සිදුවීම “hostage politics‘‘ හෙවත් ‘ප්‍රාණඇපකාර දේශපාලනය‘ විදහා දැක්වූ අවස්ථාවක් ලෙස දැක්විණි.
කෙසේ නමුත් මේ ‘හුවමාරු ඩීල් එක‘ සමග හුආවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියට එරෙහිව තිබූ වරෙන්තුව, 2022 දෙසැම්බර් වන විට ඉවත දමනු ඇත. ඒ අනුව වසර 4කට පසුව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට සිය වරෙන්තුව ඉවත් කර ගන්නට සිදුවනවා ඇත.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…