පැයට කිලෝමීටර් 195ක වේගයකින් ගමන් ගන්නා ටයිෆූන් නෝරු සුළි කුණාටුව පිලිපීනය අසලට ළඟා වීමත් සමඟ පුපුරණසුළු ලෙස තීව්රව ඇත.
පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි අධික ජනාකීර්ණ ලුසොන් දූපත දෙසට ප්‍රබල සුළි කුණාටුවක් හමා යාමත් සමඟ වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බව පිලිපීනයේ ආපදා ඒජන්සිය විසින් නිවේදනය කර තිබේ. එය පසුගිය පැය 24තුළ පැයට කිලෝමීටර් 90කින් වේගය වැඩි වූ අතර මෙම සුළි කුණාටුව මැනිලා අගනුවරට ඇතුළු වීමෙන් නායයෑම්, හදිසි ගංවතුර සහ භයානක කුණාටු ඇතිවීමට හේතු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
මේ තත්වය සම්බන්ධයෙන් ජාතික පොලිස් ප්‍රධානී ජෙනරාල් රොඩොල්ෆෝ අසුරින් පැවසුවේ අවදානම් කලාපවල වෙසෙන පදිංචිකරුවන්ට ඉන් ඉවත් වීමට දැනුම් දුන් බවයි. මැනිලා නගරයට නැගෙනහිරින් පිහිටි Quezon පළාතේ ධීවරයින්ට මුහුදට යාම වළක්වා ඇති අතර ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බවටද වාර්තා වී තිබේ.
කෙසේ නමුත් පැසිෆික් සාගරයේ පිහිටි දූපත් 7,000කට වැඩි ප්‍රමාණයකින් යුත් දූපත් සමූහයක් වන පිලිපීනය නිරන්තරයෙන් කුණාටු වලින් විනාශයට පත් වන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකය උණුසුම් වන විට ස්වභාවික ව්‍යසනයන් ද බලවත් වන බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.
සශිකලා මධුෂාණී_
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…