අගමැතිට දඩගහලා අයියෝ… නෑ නෑ.. ඒ උන්දෑට නෙවෙයි.. එංගලන්තේ අගමැතිට දඩ ගහලා!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සෝෂල් මීඩියා ආතල් එකක් ගන්න ගිහින් වැඩ වරද්දගෙන.. තමා ගමන් ගත්තු Lancashire මොටර් රථයේ ඉඳන් සෝෂල් මීඩියාවලට නිකුත් කරන්න වීඩියෝවක් පටිගත කර කර ඉන්න අතරේ ආරක්ෂක පටි පැළඳ නොසිටීම නිසා ඔහුට දඩයක් ගහලා..
ඉතිං සුනාක් මහත්තයා තමන්ගේ අතින් වරදක් වුනු බව පිළිගෙන ඒකට සමාව ඉල්ලුව බවත් නො. 10 කාර්යාලය නිවේදනයකින් කියනවා.
එංගලන්තේ වාහනයක ගමන් කරන කෙනෙක් ආරක්ෂක පටි පළඳලා නැත්තම් දඩය පවුම් 100. තත්ත්වය අධිකරණය දක්වාම යන තරම් බරපතල නම් දඩය පවුම් 500 ක් දක්වා ඉහළ යා හැකියි.
ඒත් ඇයි අයියෝ.. ඇයි දඩ ගහන්නේ? ඇයි අනේ ආතල් එකක් ගන්නකොට දඩ ගහන්නේ? ඊටත් වඩා ඇයි අනේ සමාව ඉල්ලන්නේ?
දැකලා තියනවා ද අපේ උන්දෑලා ආතල් අරගෙන සමාව ඉල්ලනවා? පාර්ලිමේන්තුවේ අමු කණුහරුපෙන් බැනගන්නකොට ඒක ලයිව් දාලා ආතල් එකක් ගන්නවා. සත පහක සේවයක් රටට නොකර බදු මුදල් වලින් යැපෙන අතරේ සෙවන් ස්ටාර්ස් වල ඉඳන් සෙල්ෆි ගහලා ඉන්ස්ටග්‍රෑම් දාලා ආතල් එකක් ගන්නවා.. මහ පාර බදු අරන් වගේ වංගු සීයක් දාලා රෝංග් සයිඩ් කපලා පුළුවන් නම් අපිටත් මැදඟිල්ල දික්කරලා ආතල් එකක් ගන්නවා. අනේ අර පොලිස් අයියලා බලු කුක්කෝ වගේ ඔලුව පාත් කර ගන්නවා.
ඒ ගොල්ලන්ට දඩ ගහන්නේ නෑ නේ. ඇයි එංගලන්තේ දඩ ගහන්නේ? ඒකට හපන් අගමැති ට? ආතල් එකක් ගත්තාම මොකෝ? අගමැති නේ..
ඒ මදිවට මේ සුනාක් මහත්තයාට ආණ්ඩුවේ ඉඳිද්දී එහෙම දඩයක් වැදුනු දෙවෙනි වතාව ලු. ඇයි කලිං වතාවේ බොරිස් ජොන්සන් එක්ක කොවිඩ් කාලේ ආතල් එකක් අරන් තව දඩයක් වැදුනා නෙව.
ඒකට කොවඩ් කාලෙ මෙහෙ ගත්තු ආතල්.. මුට්ටි ගඟේ ගියා.. කාලි අම්මා ආවා.. ඉතිහාසයේ පළමු වතාවට කාලි අරූඪයෙන් කොවිඩ් සුවකරන්න රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුනා..
එතනිනුත් එහාට කඩා වැටෙන ආර්ථිකයයි දේශපාලන අස්ථාවරභාවයයි එක්ක වෙනසක් ඉල්ලලා පාරට බැහැපු කොල්ලෝ කෙල්ලන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඔලු පලලා කකුල් කඩලාත් ආතල් එකක් ගත්තා නෙව..
ඉතිං මාර්ග නීතියක් උල්ලංඝනය කරලා පොඩි ආතල් එකක් ගත්තු එකට එංගලන්තේ ඔච්චර සීරියස් වෙන්නේ ඇයි අනේ?
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. අපෙ කට්ටිය බෙල්ට් දාන්නෙ නෑ.. අපිට හැමදාම ආතල්..
පින්කෙත හෙල ලක් දෙරණේ එහෙම වෙන්නේ නෑ.. නෑ! නෑ!! නෑ!!!
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…