එසැණ පුවත්

ඊයේ පළමු වරට බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 0 යි. කිරිබත් කන්න බෑ. තුන්වෙනි රැල්ල දැනටමත් පටන්ගෙන

මෙසේ කොවිඩ් මරණ සංඛ්‍යාව 0 ලෙස සටහන් වී තිබෙන්නේ එරට කොවිඩ් වසංගතය ආරම්භ වූවාට පසු පළමු වරට බව සඳහන් වේ.

ඊයේ දින ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 3165 දෙනෙකු වාර්තා වී තිබෙන අතර, එකදු මරණ සංඛ්‍යාවක් හෝ වාර්තා නොවී ඇති බවට ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා අවධාරණය කර සිටියේ ඊයේ දින තුළ එකදු කොවිඩ් මරණයක් හෝ වාර්තා නොවීම සතුටුදායක පුවතක් වූවද වසංගතයේ සේයාව තවමත් නිම නොවී ඇති බවයි.

වසංගතය නිසා බ්‍රිතාන්‍යයේ පළමු වරට රට වසා දැමීමට පෙර, එනම් 2020 මාර්තු 7 වෙනි දින කාලසීමාවේදී, එරට තුළ කිසිදු මරණයක් වාර්තා වී නොතිබුණු අතර, ඉන්පසු මරණ වාර්තා වීම ආරම්භ විය.

මේ දක්වා බ්‍රිතාන්‍යය තුළ වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 127,782 බව සඳහන් වේ. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා (4,490,438) තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 39,477,158 දෙනෙකු කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් පළමු මාත්‍රාව ලබා ගෙන තිබේ.

එමෙන්ම දෙවන මාත්‍රාව ද සහිතව පුද්ගලයින් 25,734,719 දෙනෙකු සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක්ව තිබේ.

මේ වන විට එංගලන්තයේ වයස අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයින්ට පමණක් තම පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ඉල්ලා තිබේ. ඒ තුළ දහස් සංඛ්‍යාත ජනයා එන්නත් ලබා ගැනීම සඳහා නිරිතදිග ලන්ඩනයේ පෝලිම් ගැසී සිටිනු දක්නට හැකිය.

නවතම වාර්තා අනුව, බ්‍රිතාන්‍යය තුළ තෙවන කොවිඩ් රැල්ලක සේයාවන් දැනටමත් මතුවී තිබේ. මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන වලට අනුකූලව දිගටම කටයුතු කළ යුතු බවත් මෙම මස අවසානයේ එංගලන්තයේ ලිහිල් කිරීමට නියමිත සංචරණ සීමා තවදුරටත් පවත්වා ගත යුතු බවත් විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද හටගැනීම තුළ දැනට ක්‍රියාත්මක වන එන්නත් වැඩපිළිවෙල කොපමණ දුරට සාර්ථක ද යන්න සොයා බැලිය යුතු බවට ඔවුහු අවධාරණය කරති.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

20 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

21 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

21 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

22 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago