ඒ අනුව ෂර්නොබිල් බලාගාරය හා රාජ්‍ය බල නියාමකය අතර සන්නිවේදන කටයුතු යළි යථා තත්ත්වයට පත්ව තිබේ.
මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම න්‍යෂ්ඨික බලාගාරය පිහිටි කලාපය අත්පත් කරගත් අතර, මේ වන විට රුසියානු හමුදා ඒකක එම කලාපයෙන් ඉවත් කර ගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පවසා සිටියේ මෙම ප්‍රගතිය ඉතාමත් හොඳ පුවතක් බවයි.
එමෙන්ම, එළඹෙන මාසය තුළ ෂර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යෙදවීමට තමා අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කර තිබේ.
ෂර්නොබිල් බලාගාරය නිශ්ක්‍රියව පවතින න්‍යෂ්ඨික බලාගාරයක් වන අතර, රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ එම කලාපය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා කටයුතු කර තිබිණි.
එහෙත් එම ස්ථානයෙන් රුසියානු හමුදා භටයන් මාර්තු 31 වන දින නැවත ඉවත් කරගෙන තිබිණි.
ෂර්නොබිල් බලාගාරය වඩාත් ප්‍රසිද්ධ වන්නේ 80 දශකයේ එහි හටගත් පිපිරීමත් සමඟ සිදුවූ මහා ජන සංහාරය නිසාවෙනි. මෙම සිදුවීමට වගකිව යුත්තේ එවකට පැවති සෝවියට් රජයයි. මේ ආශ්‍රිතව නිමවූ චිත්‍රපට හා වාර්තාමය වැඩසටහන් පවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…