ඇෆ්ගනිස්තානය තලිබාන් පාලනයට නතුවූ දිනයේ පටන් දැඩි සමාජභාවී අසමානාත්මතාවයකින් යුතු පරිපාලනයක් එම රට පුරා ව්‍යාප්ත කළ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ හිමිකම් සහ වරප්‍රසාද දැඩි ලෙස සීමා වීම සිදුවිනි.
මෙම සීමා කිරීම රැකියා, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපෑ අතර, එමඟින් කාන්තා අයිතිවාසිකම් තුට්ටු දෙකට ගණන් නොගන්නා තත්ත්වයක් දැන් රට තුළ මතුව ඇත.
ඉකුත් දිනක ඇෆ්ගනිස්තානයේ තලිබාන් සංවිධානය නිවේදනය කළේ මානුෂීය කටයුතුවල නියැලීමේ සේවාව ද කාන්තාවට තහනම් කරන බවයි.
මීට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය සේවාවන් අංශයේ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆ්ත්ස් පවසා සිටියේ, තමා ඇෆ්ගනිස්තානය වෙත පැමිණ බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.
ඒ අනුව, ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින ග්‍රිෆ්ත්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමා ඇෆ්ගනිස්තානයට පැමිණ තලිබාන්-පාලනාධිකාරියේ ඉහළම නිලධාරීන් සමඟ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවය.
එමෙන්ම, රාජ්‍ය නොවන අංශයේ ඇතුළු මානුෂීය සේවාවල කාන්තා නියෝජනය තිබීම අනිවාර්ය කරුණක් විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
මෙලෙස මානුෂීය සේවාවල නියැලීම කාන්තාවන්ට තහනම් කිරීමත් සමඟ ඇෆ්ගනිස්තානය හා බැඳි එක්සත් ජාතීන්ගේ වැඩසටහන් කිහිපයක්ම මේ වන විට නවතා දැමීමට ද එක්සත් ජාතීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මානුෂීය සේවාවල නියැලීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය (UNOCHA) විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්: https://www.unocha.org/story/women%E2%80%99s-participation-aid-delivery-must-continue
ඡායාරූප: Aljazeera
සබැඳි ලිපි:
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…