පරිසර

චාල්ස් ඩාවින්ගේ පුතු පවා වළලා දැමූ පෘථිවියේ ඈත කොණේ මහා හිම සුසානය

ලෝකයේ එක් කොණක කිසිදා කිසිම වෙනසක් නොවූ තරමට සුපැහැදිලි ශිතල දිවයිනකි. දිය වන්නට කිසිසේත් අකමැති ශීතල හිමතට්ටු යට සැඟවුණ සිය ගණන් මළ සිරුරු වසර ගණනාවක් තිස්සේ හිම මෙන්ම ගුලි ගැසී කල් ගෙවයි… හිරු එළියෙන් මඳකුදු සැනසිල්ලක් නැති නිසාම ඒවා තවමත් ශීතලෙන් ගැහෙයි. ඒ සෑම මළ සිරුරක් වටාම සැඟවුණ දුක්බර කථාවක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. Unsung Heros of Frozen Continent

ශීතල ඇන්ටාක්ටිකාවේ තත්ත්වයන්ට මුහුණ දෙන තරමට අද මානවයා තාක්ෂණයෙන්ද දැනුමින්ද දියුණු වී සිටියද එදා එහි යන බොහෝ අයට ආපසු ගමනක් නැති තරම් විය. එහි උෂ්ණත්වය සාමාන්‍ය වශයෙන් සෙල්සියස් අංශක සෘණ අනූවක් හෙවත් ෆැරන්හයිට් සෘණ 130කි. සමහර තැන් වල සුළඟ පැයට කිලෝමීටර් 322ක වේගයක් ගනී. එහෙත් භයානක වන්නේ මේ අදහා ගත නොහැකි කාලගුණය පමණක්ම නොවේ.

මෙහි සැඟවුණ මළ සිරුරු බොහොමයක් අයිති වන්නේ විද්‍යාඥයින් , ගවේෂකයන් ආදීන්ටයි. එමෙන්ම ඒවා බොහොමයක් එහි ඇති බව අනාවරණය වන්නේ මිය ගොස් දශකයකට හෝ ශතවර්ෂයක කාලයක් ගත වුණ පසුවයි. සමහර විට ඒවා කිසිදා කිසිවෙක් විසින් සොයා නොගන්නා මළ සිරුරුය.

ඉතා ගැඹුරු අයිසි හෝ ග්ලැසියර් තට්ටු යට සැඟවුණු සමහර සිරුරු කිසිදා කිසිවෙකුට සොයා ගත නොහැකි වන බව ඒකාන්තය. එසේ නැත්නම් ඒවා ග්ලැසියර් සමගම මුහුදු පතුළ තෙක් ගලා බසින්නේය.

මෙම මරණ බෙහෝමයක් හා බැඳී ඇත්තේ අබිරහස් මෙන්ම විසඳාලිය නොහැකි බිහිසුණ අහම්බයන්ය. ඒ ශිත හිම යට මිදී ඇති සොහොන් කොත් ගැන ‘මිදුණු මහද්වීපය‘ Frozen Continent නමින් බී බී සී මාධ්‍ය ආයතනය විසින් සිදු කළ ගවේශණාත්මක වැඩසටහන විසින් අනාවරණය කර ගත් කරුණු රැසකි. මෙසේ මිනිස් වාසයට නුසුදුසුම දිවයිනක ජීවිත කථා කිහිපයක්ම ඔවුන් මෙම වැඩසටහන තුළදී වාර්තා කර තිබේ.

ජීවිතේ විතර ගැහැටක් තව කොහිද තියෙන්නේ…

1800 යුගයේ චිලී ඇටකටු

ඇන්ටාටිකා අර්ධද්වීපයේ දූපත් සිය ගණනක් වන දකුණු ෂෙට්ලන්ඩ් හි එක් දූපතකි, ලිවින්ග්ස්ටෝන් දූපත. වසර 175ක අතීතයකට අයත් මිනිස් හිස් කබලක් සහ උකුල් ඇටයක් හමුවූ අතර එය ඇන්ටාටිකාවේක් හමු වු‍ පැරණිතම අස්ථීන් විය.

මෙම ඇටකටු හමු වූණේ 1980 වසරේදීය. චිලී ජාතික පර්යේෂකයෝ සොයා ගත්තේ ඒවා අයිති කාන්තාවකට බවයි. ඇය මිය ගොස් තිබුණේ ඇයට වයස අවුරුදු 21දීය. ඇය දකුණු චිලියේ ආදි වාසී කාන්තාවකි. ඇය මිය ගොස් තිබුනේ ඇගේ මවු බිමෙන් කිලෝ මීටර් 1000ක් දුරින් පිහිටි ලිවින්ග්ස්ටෝන් දූපතේදීය.

ඇගේ අස්ථි කැබලි පිළිබඳව කළ විශ්ලේෂණවලදී අනාවරණය වුණේ ඇය මිය ගොස් ඇත්තේ 1819ත් 1825ත් අතර කාලයේදී බවයි. ඒ අනුව ඇන්ටාටිකාවේ ජීවිත ගත කළ මුල් කාලීන මිනිසුන් අතරට ඇයත් සිටි්නට ඇතැයි සැක කෙරේ.

නමුත් ගැටළුව වන්නේ ඇය චිලියේ සිට එහි ගියේ කුමන හේතුවකටදැයි යන්නයි. චිලී ඉතිහාසයේ පැවති සාම්ප්‍රදායික බෝට්ටු වලට ඈව එතරම් දිගු මුහුදු ගමනක් ගෙන යන්නට කෙසේවත් නොහැකිය. එමෙන්ම එම මුහුදද ඉතා දරුණු මෙන්ම රළු එකකි.

Chaostrophic

ශීතල හිම යට සැඟවුණ ඇන්ටාටිකාවේ මිදුණු සොහොන මත වැතිර සිටින ඇගේ සිරුර එහි ගිය අයුරු සැබවින්ම අදහා ගත නොහැකි මුත් විවිධ පර්යේෂණ සිදු කරමින් සිටින්නන්ගෙන් අනාවරණය වන්නේ විවිධ අදහස්ය . ඒ පපෘථවියේ එක් කොණක වැළලුණ මිනිස් වාසයට නොසුදුසු දිවයිනක තිබී හමු වූ හිස් කබලක එක් කථාවකි.

සමහර පර්යේෂකයන් සිතන්නේ ඈ එවතකට මුහුදු ගමනේ යෙදුණ පිරිස් සමග එහි ආ බවයි. නමුත් තවත් පර්යේෂකයන්ගේ අදහස් ඊට හාත්පසින්ම වෙනස්ය.

1912 දකුණු දිග ස්කොට්ලන්තයේ ගවේෂණ කණ්ඩායම

රොබට් ෆැල්කන් ස්කොට්ස් බිතාන්‍ය ගවේෂක කණ්ඩායමේ සාමාජිකයෙකි ඔහු සිය කණ්ඩායමත් සමග දක්ෂිණ ධ්‍රැවයට ළඟා වන්නේ 1912 ජනවාරි 17 වන දිනයි. ඒ එවැනිම නොවේජියාණු කණ්ඩායමක් එහි පැමිණ හරියටම සති තුනකට පසුවයි. තමන් එහි ළඟා වූ පළමු කණ්ඩායම නොවන බව රොබට් ෆැල්කන් ඇතුලු  බ්‍රිතාන්‍ය කණ්ඩායම දැන ගත්තේ එහි ළඟා වූ පසුවයි. ඒ හේතුවෙන් ඔවුන් ඉමහත් කැලඹීමට පත් වූයේ සිය බලාපොරොත්තු කඩ වීමත් සමගිනි.

එය එතරම් හොඳ දේශගුණයක් සහිත දිනයක් නොවීය. ගහක් කොළක් හෝ කිසිදු ස්වභාවික සම්පතක් සොයගෙැනීම අති දුෂ්කර වූ මේ පෙනෙන තෙක් මානයක හිමින් පමණක් වැසී ඇති භූමියේ කෙතරම් දුර ඇවිද ගියද හමු වන්නේ හිමම පමණක් මිස අන් කිසිවක් නොවේ . ඒ නිසාම සීතල ඇරෙන්න ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූ අති විශාලම ගැටළුව වුණේ කුස ගින්නයි.

ටෙරානෝවා ගවේෂකයෝ – රොබට් ෆැල්කන් සමග. චාල්ස් ඩාවින්ගේ  | Wikipedia

කණ්ඩායම 60 දෙනෙක්ගෙන් යුක්ත විය. රොබට් ෆැල්කන්ටත් සියල්ලන්ටමත් පීඩනය වැඩි වූයේ සිය දරු මල්ලන් තම සෘදයා එනතෙක් තබා ඇති බලා පෙරොත්තු මතක් වන විටයි. ඔවුහි දක්ෂීණ ධ්‍රැවය අග්ගිස්සෙහි හිඳ නැවතත් සිය ගම් බිම් බලා යමින් සිටියහ.

‘‘පටන් ගත් වැඩේ කරනවා- නැත්තම් මිය යනවා‘‘ ඔවුන් ගේ අදහස වී තිබුණේ එයයි. එසේ පැවසුවේ සුප්‍රසිද්ධ චාල්ස් ඩාවින් ගේ පුත් රාජකීය භූ විද්‍යා සංගමයේ සභාපති ලියනාඩෝ ඩාවින් ය.

අාක්ටික් සීතලේ හිඳ නැවත එමින් සිටි කකණ්ඩායමේ මුළින්ම මිය ගියේ එඩ්ගාර් එවන්ස්ය. ඉන්පසු ලෝරන්ස් ඔට්ස් ද මිය ගියේය ඔවුන් ගේ සිරුරු සොයා ගත නොහැකි විය. නමුත් මිය ගිය එඩ්වඩ් විල්සන්, සහ හෙන්රි බවර්ස් ගේ මළ සිරුරු කලකට පසුව සොයා ගන්නා ලදී ඔවුන් මිය ගොස් තිබුණේ 1912 වසරේ මාර්තු මස 30 වන දිනයි. ස්කොට්ස් ගේ දින පොතේ ලියා තිබූ පරිදි ඔවුන්ගේ සිරුරු වසා සිටියේ හිම කුට්ටිය.

‍‍”මම හිතන්නැහැ කිසිදු මිනිසෙක් අප පසු කල කාලය තරම් කාලයක් පසු කරමින් කර්කෂ සීතලේ දිගු ගමනක් ඇවිදීවි කියා … ස්කොට් ශීත හිම පමණක්ම පිරුණ ආක්ටික් භූමියේ සිය සඟයන් සහ තමන් මුහුණ දුන් සිදුවීම ගැන ලියූ දින පොතෙහි අවසන් පිටු අතර ලියා තැබූවේය.

ඔවුන්ගේ ආහාර සියල්ල අවසන් වී තිබුණී. මීළගට ආහාරයක් ලබා ගන්නටවම් කිලෝමීටර් 18ක් පයින් යා යුතුව තිබේ. නමුත් ශීත කුණාටු ඔවුන්ට කොහේවත් යාමට ඉඩ තබා නැත .. එන්න එන්නම ඔවුන්ගේ සිරුරු දුර්වල වන්නට පටන් ගත්තේය.

මම සිතන්නැහැ ඔවුන් මරණය බලා පොරොත්තු වුණා කියා නමුත් මරණය සැපයක් යැයි සිතන තරමට දරුණු ශීතල ඔවුන්ව දැඩි සේ අසරණ කර තිබුණා.

මැනුචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ විශේෂඥ මැක්ස් ජෝන්ස් සිය වාර්ථාවේ සේ සටහන් කර ඇත.

ශීතල හිම මත සිය ජීවිත වලින් සමු ගත් ස්කොට්ස් ඇතුළු කණ්ඩායමද පමණක් නොව 1965 ඔක්තොම්බර් මස 14 වන දින නැගෙනහිර ඇන්ටාටිකාවේ හිම මත සැඟව ගිය ජෙරමි බේලි ඩේවිඩ් වයිල්ඩ් සහ ජෝන් විල්සන්ද, 1982 අගෝස්තු මස ආක්ටික් ශීත සමයේ අතුරුදන් වූ ඇම්බ්‍රෝස් , කෙවින් ඔක්ලෙන්ටව් සහ ජෝන් කෝල් ද තවත් කිසි වකුට කිසිදා සොයා ගත නොහැකි පරිදි හිමි මත මිහිදන් වූ මිනිස් සිරුරු වලටද උරුම වූ කථා අපමණය.

ඔවුන්ගේ ජීවිත දායාදය වූයේ මරණයයි.

තමන්ගේ පවුල්වල සාමාජිකයන් පමණක් නොව ජීවිතයේ දුක සැප බෙදා ගත් හිත මිතුරන්ද එක් එක් අයුරුන් ජීවිතය හිම සහ පොර බදා ඇත. යහළුවන් මිය ගිය පසු හෝ අතුරුදන් වූ පසු ඔවුන්ට කළ හැකි එකම දේ වුණේ තම තමන්ගේ ආගමක් දහමකට අනුව ආගමික වතාවතක් කිරීමයි.

 ඒ අතුරුදහන් මිනිස් ආත්ම මේ මොහොතේදීත් ආක්ටික් භූමියේ ශීත හිම කුණාටු හා පාවෙමින් එකිනෙක කඳු මත ගැටෙමින් නොසිතූ ලෙසින් තමන්ට අහිමි වූ ජීවිත සොයමින් සිටිනු ඇත. නමුත් අප කිසිවකුත් ඔවුන් එහි මිය ගිය වගක්වත් නොදන්නවා නොවේද…?

Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

11 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

14 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

16 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

16 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

17 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

21 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

21 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

22 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago