ලොව යන අත

ලොව දුප්පත්ම ජනපති ජොසේ මුජිකා


ඕනෑම රටක දේශපාලකයන්ව දෝෂාරෝපණය කිරීම හරිම සාමාන්‍ය දෙයක්. ලංකාවෙ වගේම වෙනත් රටවලත් ඒ මැසිවිලි නැඟීම් කිසිම අඩුවක් නැතිව කෙරෙනවා. ජනාධිපති වරුන් සම්බන්ධයෙන් නම් එම දෝෂාරෝපණ තවත් වැඩිපුර දැකගන්න ඇසෙන්න ලැබෙනවා.  ඒත් උරුගුවේ ජනාධිපතිටනම් ඒ කිසිම දෙයක් අදාළ වෙන්නෙ නැති හැඩයි. 


ඔබ පුංචි කාලයේදී අසා ඇති ෂර්වුඩ් වනයේ රොබින්හුඩ්ගේ කතන්දරය මතක් කරගන්න. මේ කතා කරන්න හදන්නෙ එවැනි වීරයෙක් ගැනය. ධනවතුන්ගෙන් හොරකම් කරගත් ධනය දුප්පතුන් අතර බෙදාදෙමින් ජන ප්‍රසාදය දිනාගත් ජන නායකයෙක් ගැනය. නමුත් මොහූ රොබින්හුඩ් මෙන් කාගෙවත් ධනය හොරකම් කරේ නැත. දුප්පත් මිනිසුන්ට බෙදාදුන්නේ ඔහූගේම ධනයයි.


“ජොසේ මුජිකා” අද දවසේ මගේ වීරයාය. බල ලෝභයෙන් ධන ලෝභයෙන් අන්ධ වූ රාජ්‍ය පාලකයන්ට ආදර්ශ සපයන විදේශික වීරයාය.  
1935. 05. 20 දින උපත ලැබූ ජොසේ ඇල්බර්ටෝ මුජිකා කෝර්ඩනෝ උරුගුවේ හි හතළිස් වන ජනාධිපතිවරයාය. ඔහූගේ පියා ගොවියෙකි. ජොසේට වයස අවුරුදු පහේදී ඔහූගේ පියා මියගිය අතර පියාගේ ගොවිපොල හොඳටම බංකොලොත් වී තිබුණි. එමනිසා ජොසේගේ පුංචි කාලය කිසිසේත්ම සුන්දර එකක් නොවීය. කටෝර ජීවිතය නිසාවෙන්ම ඔහූ තුළ සමාජවාදී ප්‍රතිපත්ති හා පරාර්ථකාමී උසස් ගුණධර්ම වැඩෙන්නට විය.


කියුබානු විප්ලවයත් සමඟින් පිබිදුණු වාමාංශික කණ්ඩායමක් වන Uruguayan Guerrilla Tupamaros හි 1960-70 දශකවදී ප්‍රබලම සාමාජිකයෙක් වූ ජොසේට හය වතාවක් වෙඩි වැදී ඇති අතර වසර 14ක් බන්ධනාගාර ගතව සිට තිබේ. 1985 දී උරුගුවේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඔහූව සිර භාරයෙන් නිදහස් කල අතර බන්ධනාගාරය තුළ ඔහූ ගෙවූ ජීවිතය බොහෝ අප්‍රසන්න හා හුදෙකලා එකක් විය. ඔහූ දේශපාලනයට පැමිණුනේ විප්ලවයෙන් ලද වටිනා සමාජ අත්දැකීම්ද බන්ධනාගරයෙන් ලද ජීවන අත්දැකීම්ද පාදක කරගනිමිනි.


ඔහූ 2009 වර්ෂයේදී ජනාධිපතිවරණයෙන් ජය ලබා වැඩ භාරගන්නාවිට වයස අවුරුදු 75ක් විය. ජනතා ප්‍රසාදය නොඅඩුව ලබමින් කීර්තිමත් පාලනයක් ගෙනගිය ජොසේ උරුගුවේ ජනතාව අතර ප්‍රසිද්ධව තිබෙන්නේ “පෙපේ” යන ගෞරවනීය නාමයෙනි. 2014 දී ඔහූ එම තනතුරින් විශ්‍රාම ගිය අතර ලොව දුප්පත්ම ජනපති ලෙස වාර්තාවක්ද  තබන්නට සමත් විය.


ලෝ පුරා සිටින රාජ්‍ය නායකයන් ජීවත්වන විසල් මන්දිර හා සසඳද්දී ඔහූගෙ නවාතැන බොහෝ අයට හාස්‍යය උපදවන්නකි. නමුත් ඔහූට ඒ ගැන ගානක්වත් නැත. ජොසේ ජීවත්වන්නේ මොන්ටෙවීදියෝ අගනුවරින් ඈත ගම්මානයක ඔහූගේ බිරිය සතු දුප්පත් ගොවිපොලකය. ඔහූගෙ රාජ්‍ය කාලය තුළදී කිසිම නිලනිවසක් භාවිතා නොකළ ජොසේ සිය බිරිඳගේ ගොවිපොළේ සිටම රාජකාරීන් සදහා පිටත්ව ආවෙ ගියේය.


එම ගොවිපොල නිවස කාමර දෙකකින් යුත් පුංචි එකකි. එයද දැන් බොහෝසෙයින් දිරාපත් වී තිබේ. නිවසින් පිටත ලණු ඇද, රෙදි වේලීම සදහා වැල් ගැට ගසා තිබෙන අතර රෙදි සේදීමටත්, වගා කටයුතුවලටත් අනෙක් ගේදොර අවශ්‍යතා සදහාත් වතුර ලබාගන්නේ ගොවිපොලේ පරණ ළිඳකිනි. 
 ඔහූගෙ ආරක්ෂාවට කොතෙක් ආරක්ෂක නිලධාරීන් ලබාගත හැකි වුවද ජොසේ ඔහූ වෙනුවෙන් ළඟ තබාගත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණි. එසේම ජොසේගේ හුරතලා වන කකුලක් අහිමි වූ “මැනුවේලා” නම් සුනඛයාද ළඟින්ම තබාගත්තේය. විශ්‍රාම ගිය ජොසේ දැන් ඔහූගේ දවසම වැය කරන්නේ ගොවිපොලේ මල් වැවීමේ කටයුතු සදහාය.
“මං ජීවිත කාලයේ වැඩිපුරම ජීවත් උනේ මේ විදිහට” ඔහූ එහෙම කියන්නෙ ඔහූගෙ මල් තවානේ මැද්දට වෙන්න තියෙන පරණ බංකුව උඩට වී පා තුනේ මැනුවේලා ද සමඟ නිදහසේ සිටින අතරතුරදීය. 


ජොසේ මුජිකා ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස දක්වන්නේ ඔහූගේ පැල්පත් නිවස නිසාවත් ජීවන රටාව නිසාවත් නොවේ. ජනාධිපති නිල කාලය පුරාම ඔහූ ලැබූ ඇ.ඩොලර් 12,000 (රුපියල් මිලියන 2කට ආසන්නයි) මාසික වේතනයෙන් 90%ක්ම සමාජ සුබසිද්ධිය උදෙසා පරිත්‍යාග කර තිබීමද ඊට හේතුවකි. ඔහූගේ රාජ්‍ය කාලය තුළ ඔහූ කිසිම ධනයක් එකතු කරගෙන හෝ ඉතිරි අරගෙන නැත. එසේම විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ලැබිය යුතු මාසික විශ්‍රාම වැටුපද ඔහූ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අදටත් ජොසේට කිසිම බැංකුවක ගිණුමක් හෝ නොමැත.
 උරුගුවේ වැසියන්ගේ සාමාන්‍ය දල මාසික ආදායම ඇ.ඩොලර් 1750 කි. නමුත් ආදායම් විෂමතාව අනුව රටේ වැඩිපුරම ජීවත් වන්නේ ඩොලර් 500 කටත් වඩා අඩු ආදායම් ලාභී පවුල්ය. ජොසේගේ වැටුපෙන් 90%ක්ම ආධාර කලේ එවැනි දුප්පත් රටවැසියන් වෙනුවෙනි. තවද කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් නගාසිටුවීමටය. ඔහූ ඒ තුළින් ලැබූ තෘප්තිය ගැන අදටත් පවසන්නේ ඉමහත් සතුටිනි.


ජොසේ පවසන පරිදි ලෝකය අවසාන වෙන්නේ කෙදිනද, සමහර දේශපාලකයන් එතෙක් තම නොනිත් ධන තණ්හාවෙන් ඒ පසුපසම හඹායන්නෝ වෙති. නමුත් ජොසේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් විය. දේශපාලනයට පිවිසීමට පෙරත් දුප්පතුන්  වෙනුවෙන් විප්ලව කළ ඔහූ ජනාධිපති වීමෙන් පසුද එම වැඩපිළිවෙළ අත්හලේ නැත. ධනය එකතු කිරීම වෙනුවට ධනය අත්හරින්නට ඔහූ ප්‍රගුණ කර තිබුණි.


ජොසේගේ නිවස වගේම ඔහූගේ වාහනයත් බොහොම පරණ එකක්. 1987 වර්ෂයේ නිපදවපු Volkswagen Beetle වර්ගයේ මෝටර් රථයක් තමයි ඔහූට තිබෙන්නේ. රාජ්‍ය නිල කාලය තුළදී නිවසක් ලබානොගත්තා සේ නිල වාහනයක් ද ඔහූ ලබාගත්තේ නැත. එනිසා ඔහූට කිසිදිනක පෞද්ගලික රියදුරන් සිටියේ නැත. රාජ්‍ය මන්ත්‍රණ සභාවට, අමාත්‍ය මණ්ඩල වෙත හෝ වෙනත් ඕනෑම රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට, රාජ්‍ය උත්සවයකට සහභාගිවීමේදී තමාගේ පරණ මොඩලයේ කාර් රථය තමා විසින්ම පදවාගෙන යාමට තරම් ජොසේ නිහතමානී පුද්ගලයෙක් විය.
2010 වර්ෂයේදී, රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරන්නන්ගේ වත්කම් ප්‍රකාශනය එළිදැක්වීමේදී නිලධාරීන් දැඩි ලෙස වික්ෂිප්ත වී සිටියේ ජනාධිපතිගේ වත්කම් ප්‍රකාශය කිරීමේදීය. එනම් ජොසේගේ වත්කම් ප්‍රකාශයේ සදහන් කිරීමට තිබුණු එකම වත්කම ඇ.ඩොලර් 1800 ක ක්ෂය වටිනාකමක් සහිත Volkswagen මෝටර් රථය පමණයි.

ජොසේ මුජිකා දේශපාලනයට අවතීර්ණ වීමේදී ඔහූ සතුව තිබූ එකම වත්කමත්, 2014 දී සමුගනිද්දී ඔහූ සතුව තිබූ එකම වත්කමත් එම මෝටර් රථය පමණයි. ඔහූ ජීවත්වන නිවසද ඔහූගේ බිරිඳට අයිති එකකි.


2014 වසරේදී ඔහූ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව අරාබිකරයේ ධනවත් ෂෙයික්වරයෙක්ගෙන් (සිටුවරයෙක්ගෙන්) ජොසේට අපූරු යෝජනාවක් ලැබුණේය. එනම් ඔහූ සතු වාහනය ඇ.ඩොලර් මිලියනයකට මිලදී ගැනීමට කැමති බවයි. එම රථය ජනපතිවරයෙකුගේ සමාජවාදී ජීවිතය පිළිඹිබු කරන්නක් බවයි එම තෙල් ව්‍යාපාරිකයා පවසා තිබුණේ. ඩොලර් 1600ක ක්ෂය අගයක් සහිත රථයක් ඩොලර් මිලියනයකට විකිණීමට ජොසේට කිසිම උවමනාවක් තිබුණේ නැත. ඔහූට මුදල් ගැන කිසිම ආශාවක් තිබුණේ නැත. නමුත් ඔහූ අවසානයේ තම රථය විකුණා දැමුවේය. එසේ ලද ඩොලර් මිලියනයක මුදල්ද ඔහූගේ ජනතාවට බෙදා දුන්නේ ඉමහත් සතුටකිනි. එක ඩොලරයක්වත් ඔහූගේ සුඛ විහරණය උදෙසා ළඟ තබාගත්තේ නැත.


වරෙක මාධ්‍යවේදියෙක් ජොසේගෙන් මෙසේ අසනවා “ඔබ ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස වාර්තාවෙනවා. ඒ ගැන මොකද හිතන්නෙ” කියලා
” මම දුප්පත්ම ජනාධිපති නෙවෙයි. දුප්පත් කියන්නෙ ජීවත්වෙන්න වැඩිපුරම ඕනි කෙනාට. මගේ ජීවිතය තුවාලවලින්ම සෑදුන එකක්. පුංචි අවධියේ සිට වසර ගානක්ම මං මෙට්ටයක් තිබීම ගැන විතරක් සතුටු වුන කෙනෙක්. ඉතින් මට ලැබී ඇති දේ ගැන මං සතුටුයි.”


ජොසේ කිසිම විටෙක ඔහූව දුප්පත් ලෙස හඳුන්වනවාට කැමති නැත. ලෝකයම ඔහූව එසේ හැඳින්වූවත් මටනම් සිතෙන්නේ මනුෂ්‍යත්වයෙන් පොහොසත්ම ජනපති ඔහූ බවයි. එවැනි මිනිසුන් අද ලෝකයේ අති විරලය. ඉතින් එවැන්නෙක් ගැන නොලියා කොහොමද.. 
පෙපේ.. ඔබට යහපත් නිරෝගී දිවියක්..
මූලාශ්‍ර – https://www.bbc.com/news/magazine-20243493 , Wikipedia 


|චතුර රුවන් වීරක්කොඩි ආරච්චි

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

1 hour ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

6 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

9 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

10 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

10 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

15 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago