ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (29) දින ලෙබනන දේශපාලන නායකයින් අමතා වඩාත් කාර්‍යක්ෂම රජයක් පිහිටුවීමේ වැදගත්කම පහදා දී තිබේ.
ඒ, එරට අග්‍රාමාත්‍ය සාද් අල්-හරිරි තම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ය.
ලෙබනනය තුළ පැවති දේශපාලනික අස්ථාවරභාවය හා දූෂිත පාලන තන්ත්‍රය තුළ එරට දහස් සංඛ්‍යාත වැසියෝ වීදි බැස විරෝධතාවන් හි නිරත වූ අතර, හිනිපෙත්තට පනවා ඇති බදු කන්ද ඉවත් කොට ආර්ථික ප්‍රතිසංස්කරණ ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ. මෙම විරෝධතා එරට අග්‍රාමාත්‍යවරයා හට තම ධූරයෙන් ඉල්ලා අස්වන තැනට පත් විය.
ලෙබනනයේ පවතින ආර්ථික කඩාවැටීම අනේකවිධ බදුබරින් පීඩා විඳින ජනයා ගේ කෝපය සාධාරණ හා ඊට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව පවා පෙන්වා දී තිබිණි. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී විරෝධතාවයක් උදෙසා ලෙබනන වැසියන් හට පෙළගැසීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවට පසුගිය දිනක ඇමරිකානු රජය ද ප්‍රකාශ කොට තිබිණි. එමෙන්ම එකී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකරලීම සඳහා තම සහය පළ කිරීමට ද ඇමරිකාව කැමැත්ත පළ කර තිබිණි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වී තිබිණි:
“පසුගිය දින 13 තුළ සාමකාමී ලෙස පෙලපාලි යාම තුළින් ජාතික සමගිය ප්‍රකාශ කිරීම පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ. ලෙබනන් ජනතාවට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම හා ඵලදායි රජයක් හා දූෂණයෙන් තොර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි.”
ලෙබනනය යනු දැනට ලොව පවතින කඩා වැටුණු ආර්ථිකයන් ගෙන් ප්‍රමුඛ ස්ථානයේ පවතින රාජ්‍යයකි.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…