Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ.
ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක් පැළඳ පැමිණ සිටියේ මේරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහල වෙතටයි.
රෝහලේ සිටියදී මුහුණු ආවරණයක් පැළඳ සිටීම සුදුසු දෙයක් බවටයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.
”මම හිතන්නේ ඔබ රෝහලේ සිටින විට අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටිය යුතුයි. එය මට මෙන්ම ඔබටත් අපහසුවක් නොවනු ඇති.”
මෙම වසංගතය ආරම්භයේ සිටම මෙලෙස මුහුණු ආවරණයක් පැළඳීම ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔහුගේ නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණේ ආරක්‍ෂිත පියවරක් ලෙස මුහුණු ආවරණයක් පළඳින ලෙසයි.
එය ඔහුගේ පාක්ෂිකයන්ද දිරිමත් කරන්නක් වන හෙයින් ට්‍රම්ප්ගේ නිලධාරීන් ඊට ඔහුව දිරි ගැන්වුවද ජනධිපතිවරයා එය කිසිදු සැලකිල්ලකට ගෙන තිබෙන බවක් පෙනෙන්නට නොතිබුණි.
වසංගත ව්‍යාප්තිය මැදම ඔහු මැතිවරණ ප්‍රචාරණය ද ආරම්භ කළ අතර සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවක් පෙනෙන්නට නොතිබුණ අතර ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වීම වැලැක්වීම සඳහා පරීක්ෂණ ද සීමා කරන ලෙසයි මේ ජනධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබුණේ.
කෙසේවෙතත් දැන් මේ ජනාධිපති ට්‍රම්ප් මට්ටු වෙලාද යන පැනය මතුව තිබේ. එහෙත් ඔහුගේ ස්වභාවය අනුව මේ ගැන හෙට දිනයේ කුමක් පවසාවිද යන්න දන්නේද ඔහු පමණි.
මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 3,225,721වාර්තා වී තිබෙන බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන්නේ.
මරණ 137,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවද දැක්වෙයි.
ASK – LNW
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…