අද (ජූලි 04) එක්සත් ජනපදයේ නිදහස් දිනයයි. මෙම දිනය හඳුන්වන්නේ ‘ෆෝර්ත් ඔෆ් ජුලයි’ යනුවෙනි.
එදින එක්සත් ජනපදයේ රජයේ නිවාඩු දිනයක් වන අතර, 1776 වර්ෂයේ ජූලි 04 වන දින ඇමරිකාවට නිදහස ලැබීමට සමගාමීව මෙම දිනය සමරනු ලබයි.
මහාද්වීපික කොන්ග්‍රසය ප්‍රකාශ කර ඇති අන්දමට ඇමරිකානු ජනපද දහතුන තවදුරටත් බ්‍රිතාන්‍යයේ ඒකාධිපති රජතුමා වූ III වන ජෝර්ජ් රජුට යටත් නොවන බවත්, ඇමරිකාව නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්වීමත් ඉන් සනිටුහන් කරනු ලබයි.
ඇමරිකාවේ නිදහස තහවුරු කිරීමට ජූලි 02 දින කොන්ග්‍රසය විසින් ඡන්දය ප්‍රකාශ කර තිබුණද, නිල වශයෙන් නිදහස ප්‍රකාශ කරනු ලැබුවේ ඊට දින දෙකකට පසුවයි.
ඇමරිකාවේ නිදහස් දිනය සාමාන්‍යයෙන් ගිනිකෙළි, පෙළපාළි, බාබකියු දැමීම, සැණකෙළි පැවැත්වීම, ප්‍රදර්ශන, විනෝද චාරිකා, ප්‍රසංග, බේස්බෝල් ක්‍රීඩා, පවුලේ සාමාජිකයන් නැවත එක්වීම්, දේශපාලන සාකච්ඡා සහ උත්සව ආදී කටයුතු ඔස්සේ සමරනු ලබයි.
ඊට අමතරව ඉතිහාසය, රජය සහ සම්ප්‍රදායන් ආමන්ත්‍රණය කරමින් විවිධ රාජ්‍ය හා පෞද්ගලික උත්සව එක්සත් ජනපදය තුළ පවත්වනු ලබයි.
ඇමරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය බිරිඳ මෙලෙනියා ට්‍රම්ප් අද දින නිදහස් දින සැමරීම සඳහා මවුන්ට් රශ්මෝර් වෙත පැමිණ තිබේ.
මෙම උත්සවය ආරම්භ වූයේ එක්සත් ජනපද නාවික හමුදාවේ බ්ලූ ඒන්ජල්ස්ගේ ප්‍රසංගයකින් වන අතර එහි නායකත්වය දරනු ලබන්නේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු වන මේරි හාර්ට් විසිනි.
මෙහිදී ට්‍රම්ප් මහතා “සංස්කෘතිය අවලංගු කිරීමට” එරෙහිව හඬ නගනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. නූතන ඇමරිකාව රොබට් ඊ. ලී හෝ හිටපු එක්සත් ජනපද ජනාධිපති වුඩ්‍රෝ විල්සන් වැනි පුද්ගලයන්ගේ ස්මාරක ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ පසුවන්නේ එම පුද්ගලයන් වර්ගවාදී අදහස් දැරි බැවිනි.
මීට කලකට ඉහත මිනියපොලිස් හීදී කළු ජාතික තරුණයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ලෙස පොලිස් වධහිංසනයෙන් ඝාතනයට ලක්වීමේ සිදුවීමත් සමඟ වර්ගවාදය ඇවිලවීම ට එරෙහි කතිකාව දැඩි අන්දමින් යලි කරලියට පැමිණ තිබේ.
මෙහිදී ට්‍රම්ප් මහතා ට එල්ල වූ ප්‍රභලතම චෝදනාව වුයේ වර්ගවාදීන් ට විරෝධය පළ කල පුද්ගලයින් මර්දනය කිරීමට කටයුතු කිරීම හරහා වර්ගවාදී රැල්ල පෝෂණය කිරීමයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…