එසැණ පුවත්

හොංකොං යළි කැළඹෙයි?

හොංකොං නගරයේ පසුගිය කාලයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය සමතයකට පත්වීමත් සමඟ වැඩි කලක් යන්නට මත්තෙන් එම නගරයේ මොනොරේල් දුම්රියපොළවල් (MRT) වලට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර එල්ල වීමට පටන් ගෙන ඇති බවට වාර්තා වේ. 

පසුගිය ඉරු දින (15) ඇතිවූ මෙම නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වන් චායි, අද්මිරාල්ටි සහ කොස්වේ බේ හි MRT දුම්රිය ස්ථාන වසා දැමීමට සිදුවිය. එමඟින් අවට ප්‍රදේශවාසීන් මෙන්ම මෙන්ම විරෝධතාකරුවන් ගේ කෝපය තවත් උත්සන්න වී ඇති බවට වාර්තා වේ. 

සඳු දින (16) උදෑසන වන විට දුම්රිය සේවා නැවත යථාතත්ත්වයට පත්වූවද, ඉරු දින සිදුවූ ප්‍රහාර මඟින් ඇතිවූ නොසන්සුන්කාරී ස්වභාවය පහව ගොස් නොතිබිණ. 

වන් චායි දුම්රියපළ අසල, කැරලිකරුවන් ගිනිතබා ප්‍රෙට්‍රල් බෝම්බ හෙලූ පිවිසුම් දෙකක බිමෙහි පිළිස්සුම් සලකුණු දක්නට ලැබිණි. ගොඩනැගිලි වලට අලාභහානි සිදුකොට බිඳී ගිය වීදුරු සුදු කැන්වස් රෙදි මඟින් ආවරණය කර තිබිණි. අලාභහානි සිදුවූ නිරීක්ෂණ කැමරා පද්ධති කළු පොලිතින් වලින් වසා තිබිණි. 


වන් චයි දුම්රියපළෙහි තොරතුරු හා ගාස්තු ප්‍රදර්ශනය කරන තිර විනාශ කර දමා ඇති අයුරු දැක ගන්නට තිබිණි. 

අද්මිරාල්ටි දුම්රියපළට ද දැඩි අලාභ හානි සිදුවී ඇති අතර එක් පිටවුම් මඟක පැවති යකඩ හා ප්ලාස්ටික් බාධාක කැරලිකරුවන් විසින් විනාශ කර දමා ඇති අයුරු දිස්විණි. නිරීක්ෂණ කැමරා කිහිපයක් විනාශ වී ඇති බවට ද වාර්තා විය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක MTR දුම්රියපළවල් වලට මේ අන්දමින් අලාභහානි සිදුකර ඇති බවට වාර්තා විය. 

කැරලිකරුවන් විසින් නැවත වරක් ප්‍රචණ්ඩත්වය ද්වේශ සහගත ක්‍රියා දියත් කිරීම මඟින් MTR දුම්රියපළ වල ගමන් ගත් මඟීන්ගේ පමණක් නොව කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ජීවිතද අනතුරේ හෙලූ බවට හොංකොං හි මොනොරේල් දුම්රිය සංස්ථාව ප්‍රකාශ කරන ලදී. 

මෙම නීතිය හා සාමය නොසලකා හරින ලද ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමින් පොලීසිය සඳුදා දින ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

නෝර්ත් පොයින්ට් සහ ෆෝට්‍රස් හිල් ප්‍රදේශයන් හි වීදි වල ද ප්‍රචණ්ඩ ගැටුම් මෙන්ම මගීන් ට පහරදීම් සහ වාචික හිංසනයන් සිදුවී ඇති බවට වාර්තා වූ අතර, ඇතැම් මාධ්‍යවේදීන් ප්‍රකාශ කර සිටියේ එම ගැටුම් ඔවුන් ඉලක්ක කරගෙන සිදුවූ ඒවා ද බවයි. 

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

6 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

10 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

14 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

15 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

16 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago