දොළොස් වසරක සිර දඬුවමකට යටත්වී සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක්ගේ බිරිඳ වන රොස්මාහ් මැන්සෝර් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකාරිය වී තිබේ.
මේ මත ඈට වසර දහයක සිර දඬුවමක් නියම වී තිබේ.
70 හැවිරිදි රොස්මාහ් රජයේ කොන්ත්‍රාත්තු සඳහා අල්ලස් ලබා ගැනීමට අදාළව වරදකාරිය වී ඇති අතර, එමඟින් ඈට වසර 10 ක සිර දඬුවමක් නියම වී ඇත. පාසල්වලට සූර්ය බලශක්තිය ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට සමාගමකට උදව් කිරීම සඳහා අල්ලස් ඉල්ලීම, සහ එමඟින් රිංගිට් මිලියන 6.5 (ඇමරිකානු ඩොලර් මිලියන 1.4) ලබා ගැනීමේ චෝදනාවට ඈ වරදකාරිය වී ඇත.
එමෙන්ම එකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව මැලේසියානු මහාධිකරණය විසින් අද (01) දින විනිශ්චය කර ඇත.
මීට අමතරව, හිටපු මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ රිංගිට් මිලියන 970 ක දඩයකට ද යටත් වේ.
ආන්දෝලනාත්මක 1MDB වංචාවට හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් වරදකරු වූයේ ඉකුත් අගෝස්තු 23 වන දින ය. රාජ්‍ය ආයෝජන ඒජන්සියක් වන 1Malaysia Development Berhad (1MDB) සමාගමට සම්බන්ධ SRC ඉන්ටර්නැෂනල් නම් සමාගමෙන් RM42 මිලියන (ඇමරිකානු ඩොලර් බිලියන 10.6) ක මුදලක් නජීබ්ගේ බැංකු ගිණුමට බැර වූ ආකාරය මත, 2018 වසරේ මැලේසියානු දූෂණ විරෝධී කොමිසම (MACC) විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර, එහි දී ඔහුගේ දේපළ සෝදිසි කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 273ක් වටිනා විලාසිතා උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත. බලය අයුතු ලෙස පරිහරණය කිරීම, මුදල් විශුද්ධිකරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් චෝදනා කර වරදකරු කරනු ලැබූ අතර, එමඟින් වසර 12 ක සිර දඬුවමක් ඔහුට හිමිවිය.
දූෂණයට වරදකරු වූ පළමු මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා නජිබ් ය. ඔහුට නියම වූ දඩය රිංගිට් මිලියන 210 කි. නජිබ් දැනට මැලේසියාවේ කජාන්ග් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින අතර, ඔහුට රාජකීය සමාවක් හිමි නොවුනහොත්, 2022 සැප්තැම්බර් වන විට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ද අහෝසි වනු ඇත.
ඡායාරූප: ද ගාඩියන්
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!