පරිසර

දේශගුණික අර්බුදය: ඇමරිකාවේ ඇස් දැන්වත් ඇරෙයි ද?

දේශගුණික අර්බුදය කියන්නේ චීන උප්පරවැට්ටියක්.. එහෙම ප්‍රශ්නයක් ලෝකයට නැහැ.. එහෙම කිව්වේ ගතවූ පස්වසර තුළ ඇමරිකාව පාලනය කරපු නායකයා ට්‍රම්ප්.

ඒ හා සමාන කතා කියපු ලෝක නායකයෝ දෙතුන්දෙනෙක් ම පහුගිය කාලේ හිටියා. හැබැයි ගෝලීය අර්බුදයක් විදියට හඳුනාගෙන තිබෙන දේශගුණික අර්බුදයේ වැදගත්කම නිවැරදිව දැකපු ලෝක නායකයොත් හිටියා.

අර අරහෙම කීපු ඇමරිකාවේ ලොක්කා ව නම් දැන් මිනිස්සු ගෙදර යවලා ටිකක් කල්. දැන් ඉන්නේ වෙන එක්කෙනෙක්; බයිඩන්. එයා මොකද මේ ගැන කියන්නේ?

මේ මෑතකදී එක්සත් ජනපදයේ දේශගුණ කටයුතු සම්බන්ධ නියෝජිත ජෝන් කෙරී මහතා බීබීසී පුවත්සේවය ට කියා තිබෙනවා එළඹෙන නොවැම්බරයේ බ්‍රිතාන්‍යයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව ළඟ ළඟ පැමිණෙන මේ මහා දේශගුණ ව්‍යසනයෙන් ගැලවීමට අපට තිබෙන අවසාන අවස්ථාව කියා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ, නැත්නම් සීඕපී හි 26 වන සමුළුව එළඹෙන නොවැම්බරයේ ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ හි පැවැත්වීමට නියමිතයි.

ලොව වටා රාජ්‍ය නායකයින් රැසක් මීට සහභාගී වීමට නියමිතයි.

මතකද 2019 වසරේ පැවැත්වූ සමුළුව? ස්වීඩනයෙන් පැමිණි පුංචි ග්‍රේටා තුන්බර්ග් දියණිය කළ කතාව? ඈ මතුකළ කරුණු හමුවේ ලෝක නායකයින් පවා සුසුම් හෙලූ අවස්ථාව? ඒත් එකම එක නායකයෙක් විතරක් ඇගේ කතාව සමච්චලයට ලක්කළ විදිය?

මෙම වසරේ පැවැත්වීමට නියමිත සීඕපී සමුළුව ගැන අදහස් දක්වමින් කෙරී මහත්මයා පවසා තිබෙන්නේ නව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා දේශගුණ අර්බුදය ආමන්ත්‍රණය කිරීම සඳහා විධායක නියෝගයන් රැසක්ම අත්සන් කර තිබෙන බවයි.

එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දේශගුණය සම්බන්ධ පැරීසි ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණා. නමුත් ජෝ බයිඩන් මහතා නැවත ඇමරිකාව ගිවිසුමට ඇතුළත් කරන්න කටයුතු කර තිබුණා.

දේශගුණික අර්බුදය ගෝලීය ගැටළුවක් බවත්, ඒ සඳහා ඇමරිකාව නායකත්වය ගත යුතු බවත් බයිඩන් මහතා අවධාරණය කර තිබුණා.

.

මේ ව්‍යසනයෙන් අපට ගැලවීමට තිබෙන අවසාන අවස්ථාව

එළඹෙන ග්ලැස්ගෝ සම්මුතිය දේශගුණික අර්බුදයෙන් මිදීමට අපට තිබෙන අවසාන අවස්ථාව යැයි කියූ ජෝන් කෙරී මහත්මයා බීබීසී පුවත් සේවයට අවධාරණය කරේ ගෝලීය කාබන් විමෝචනයෙන් සියයට අනූවක් පමණම ඇමරිකානු දේශසීමාවෙන් එපිට පැමිණෙන වාතාවරණයක් තුළ පැරීසි ගිවිසුමට යළි ඇතුල් වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජනපති බයිඩන් මහතා විශ්වාස කරන බවයි.

හිටපු ජනපති ට්‍රම්ප් ඇමරිකාවේ පාරිසරික ප්‍රතිපත්තීන් බොහොමයක් ආපසු හරවා යවනු ලැබුවා එරට ෆොසිල ඉන්ධන නිශ්පාදනය ඉහළ නැංවීමට.

එතැනින් ද නොනැවතී අප තමයි ස්වාධීන රාජ්‍යයක් විදියට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා, පෙට්‍රොලියම් අපනයනයේ ප්‍රමුඛයා යැයි පුරසාරම් ද දෙඩුවා.

“අවුරුදු තුනකට කලිං අපට කියා තිබුණේ මෙහි ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අපට වසර 12 ඉතිරිව තිබෙන බව. ඒ අවුරුදු තුනත් අපිට නැතිවුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හින්දා, මොකද ඔහු ඒ කිසිවක් විශ්වාස කළේ නැහැ. විද්‍යාව අපිට කියන දේ විශ්වාස කරන්නට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අවුරුදු නවයක් පමණයි.”

එහෙම කිව්වේ කෙරී මහත්මයා.

එක්සත් ජනපදය විසින් අහිතකර වායු විමෝචනය 0% දක්වා ම තුරන් කළත් දේශගුණික අර්බුදයට එය විසඳුමක් නොවන බවයි කෙරී මහත්මයා අවධාරණය කරේ.

ජෝන් කෙරී | Photo: AP News

බයිඩන් මහත්තයා මොකද කියන්නේ?

ඇමරිකාව කියන දේ ලෝකය පිළිගනී ද කියන කරුණ ගැන සදාචාරාත්මක පැත්තෙන් ප්‍රශ්නයක් තිබෙන බව පෙනී යනවා. මොකද, අවුරුදු පහක් ම ලෝකේ බලවත් ම රාජ්‍යය වන ඇමරිකාව ට්‍රම්ප් පාලනය යටතේ පතුරු ඇරියේ දේශගුණික අර්බුදය මිත්‍යාවක් බව පවසමින්.

ඉතිං ඇමරිකාවට දැන් තිබෙන උනන්දුව ලෝකය පිළි ගනීද?

කොහොම උනත් වත්මන් ජනපති ජෝ බයිඩන් මහතා ට දේශගුණ අර්බුදය පිළිබඳ ලොකු උනන්දුවක් තිබෙන බව නම් පෙනී යනවා.

ඔහු මේ වන විට පොදු ඉඩම් වලට පැනවූ තෙල් හා ගෑස් බදු නිදහස් කිරීමටත්, 2030 වන විට මුහුදු කලාපයේ සුලං බලයෙන් විදුලිය නිශ්පාදනය කිරීම දෙගුණ කිරීමටත් විධායක නියෝග නිකුත් කර තිබෙනවා.

එළඹෙන නොවැම්බරයේ දේශගුණික සමුළුව පැවැත්වෙන කම් නොසිට දැන් පටන් ම බහුපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද බයිඩන් මහතා කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව බයිඩන් ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් මස පෘථිවි දිනයට සමගාමීව ඇමරිකාවේ විශේෂ සමුළුවක් පැවත්වීමට ද නියමිත බවයි වාර්තා වෙන්නේ.

බයිඩන් විසින් දේශගුණික අර්බුදයට අදාළ ව හඳුන්වා දුන් ප්‍රතිපත්ති මාලාවෙන් 2030 වන විට අවම 30% ක වත් රජය සතු ඉඩම් හා සාගර කලාප සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් උවදුරෙන් මිදීමට ජාතික මට්ටමේ ප්‍රතිචාරයක් දියත් කළ යුතු සේම, සර්ව ජාතික ප්‍රතිචාරයක් දේශගුණික විපර්යාස කෙරේ ද යොමුකළ යුතු බව ජෝ බයිඩන් මහතා අවධාරණය කරනවා.

.

බයිඩන් ගේ තීරණ වලින් වම දකුණ ගැටෙයි

කැනඩාවේ සිට එක්සත් ජනපදය හරහා තෙල් පරිවහනය කරන කීස්ටෝන් එක්ස්එල් බිම්නාල පද්ධතියේ ඉදිකිරීම් කටයුතු නතර කර දැමීමට බයිඩන් මහතා විධායක නියෝගයක් නිකුත් කර තිබුණා. මේ සමඟ ධවල මන්දිරයට එල්ල වුණු විවේචන අපමණයි.

ඒ, ඉදිකිරීම කටයුතු නතර කිරීමෙන් පුද්ගලයින් ට රැකියා අහිමි වන බව පවසමින්.

කෙසේ වෙතත්, බයිඩන් ඊට ප්‍රතිචාර දැක්වූවා. ඔහු පැවසුවේ ජනපදයේ ජල පද්ධතීන්, මාර්ග පද්ධතීන් හා බලශක්ති යටිතල පහසුකම් දියුණු කිරීමෙන් රැකියා උත්පාදනය මිලියන ගණනින් සිදුකළ හැකි බවයි. එමඟින් දේශගුණයට සිදුවන හානිය අවම කළ හැකි බවද ඔහු අවධාරණය කළා.

දේශගුණික විපර්යාස පිළිබඳ පසුගිය රජයට සාපේක්ෂව නව බයිඩන්-හැරිස් පරිපාලනය දක්වන උන්න්දුව අගය කළ යුතු වනවා. කෙසේවෙතත්, ධුරය ආරම්භයේදී බයිඩන් මහතා දක්වන උනන්දුව අවසානය දක්වාම පවත්වාගෙන යාවි ද යන්න පිළිබඳව ද මම නම් විමසිල්ලෙන් පසුවනවා.

ප්‍රමෝද් චින්තක පීරිස්

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

28 mins ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

9 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

10 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

24 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago