කාලීන

නිල් කෙල්ලේ, ඔබට ස්තූතියි! ඉරාන-ඉරාක පාපන්දු තරගාවලිය නරඹන්නට ටෙහෙරාන් ක්‍රීඩාංගනයට කතුන් දෙදහසක්!

නමුත් ඉරානයේදී හෝ ඉරාකයේදී එසේ නොවේ. එනිසාම, ටෙහෙරාන් පිටියේදී ඉරාන-ඉරාක පාපන්දු තරගාවලිය පැවැත්වෙන විට කාන්තාවන් එහි සිටීම, මේ වන විට ජාත්‍යන්තර පුවත් මවමින් තිබේ.

ඒ, අරාබිකරයේ කාන්තාවන්ට පුරුෂාධිපත්‍යය විසින් පනවා තිබෙන දැඩි නීති රීති ගැන නැවත වරක් අවධානය යොමු කරවමිනි.

ටිකට්පත් දස දහසක් විකිණී තිබෙන විට එයින් 2000 ක් පමණම මිලදී ගෙන තිබුණේ කාන්තාවන් විසිනි.

වසර 3 කට පසු ඉරාන කතුන් පාපන්දු තරගයක් සියැසින් දකින ප්‍රථම අවස්ථාව මෙයයි.

”අසාදි පිටියේ පැවැත්වෙන මේ වගේ තරගයක් මම බලන්නෙ ජීවිතේ පළමු වතාවට.. මට හරි සතුටුයි..” එසේ පැවසුවේ 26 හැවිරිදි සිවිල් ඉංජිනේරුවරියකි. සිය නම හෙළි කිරීමට බිය වූ ඇය, තමන්ගේ නම මහ්යා බව පමණක් කීවාය. අළු පැහැති සාළුවක් හිස පැළඳ සිටි ඇය, අත මත ඉරානයේ ජාතික ධජය කොල, සුදු සහ රතු පැහැයෙන් ඇඳගෙන තිබිණි.

ඉරානය සහ ඉරාකය යන රටවල් 2 අතරින් 2022 ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග වදින්නේ කුමන රටදැයි තෝරාගන්නා තරගය මෙයයි.

අවසාන වතාවට ඉරාන කතුන්ට සිය ජාතික කණ්ඩායම සහභාගි වන පාපන්දු තරගාවලියක් නැරඹීමට අවසර ලැබුණේ 2019 ඔක්තෝබරයේ ය. අනතුරුව ආ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් වෙනදාටත් වඩා ඔවුන්ට සීමා පැනවිණි.

සුපුරුදු පරිදි මෙවරත් ඔවුන්ව ක්‍රීඩාංගනයට ඇතුල් කළේ ගැහැණු – පිරිමි වශයෙන් වෙන් කරමිනි. කාන්තාවන්ට පිටුපසින් ඉරාන පොලිස් කාන්තාවෝ සිටගෙන සිටියහ.

”මේ තරගය නරඹද්දි මගෙ ස්වාමි පුරුෂයාත් මා ළඟම හිටියා නම් හොඳයි..”

”අපේ මුළු පවුලටම එක තැන ඉඳන් මේක නරඹන්න තිබුණ නම්..”

මේ, විදෙස් මාධ්‍ය සමග ඇතැම් ඉරාන කතුන් පළ කළ අදහස් ය.

නමුත් ඔවුන්ගේ ජීවිතය පහසු නැත. ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව විසින් වසර 40 ක් මුළුල්ලේ කාන්තාවන්ට පාපන්දු ඇතුළු සෙසු ක්‍රීඩා තරග නැරඹීම තහනම් කර තිබිණි. ඉරාන සමාජයේ තීරණ ගන්නා සෑම ස්ථරයකම පාහේ වැජඹෙන්නේ ඉස්ලාමීය පූජකවරුන් ය. ඔවුන්ගේ තර්කය වන්නේ පුරුෂ පෙනුමින් යුක්ත (පුරුෂභාවී) පරිසරයෙන් (masculine atmosphere) කාන්තාවන් වසං කර තැබිය යුතු බව ය. එසේ කරන්නේ කාන්තාවන්ගේම ආරක්ෂාවට බවත් ඔවුහු කියති.

මේ අතර, වසර 40 ක සාපයක් නිමා කරමින් FIFA හෙවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය 2019 සැප්තැම්බර් මාසයේදී ඓතිහාසික තීරණයක් ලබාදුන්නේය. ඒ, කිසිදු සීමාවකින් තොරව කාන්තාවන් ට ද පාපන්දු ක්‍රීඩාංගනවලට පිවිසීමට අවසර ලබාදිය යුතුය බව ය.

පැමිණිය යුතු කාන්තාවන් ගණන තීරණය කළ යුතු වන්නේ ටිකට්පත් ගණන අනුව බව ද ඔවුහු පැවසූහ. ටෙහෙරානයේ අසාදි ක්‍රීඩාංගනයේ ඉරානය සහ කොලොම්බියාව අතර 2022 පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබී‌මේ තරගයක් එයින් මාසයකට පසුව පැවැත්විණි. එය, ඉරාන කතුන්ට සිය ජීවිතයේ පළමු වරට පාපන්දු තරගයක් සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව ලබාදුන්නේය.

‘නිල් යුවතියේ’ ඔබට ස්තූතියි!

මෙවැනි තීරණ කිසිවක් පහසුවෙන් පැමිණෙන්නේ නොවේ. එය පිටුපස තිබෙන්නේ නිර්භය නිල් යුවතියගේ කඳුළු කතාවයි.

සහාර් කෝඩයාරි නමැති තරුණ යුවතියක්, 2018 වසරේදී Esteghlal F.C නමැති ඉරාන පාපන්දු සමාජය සෙල්ලම් කරන තරගයක් දිවි පරදුවට තබා නැරඹීමට තීරණය කරගෙන සිටියාය.

කාන්තාවන්ට පාපන්දු පිටියට ඇතුල් වීමට අවසර නැති බව දන්නා නිසා ඇය තීරණය කර තිබුණේ කොල්ලෙකු මෙන් ඇඳුම් ඇඳ පාපන්දු ප්‍රේක්ෂකාගාරයට ඇතුල් වන්නට ය. කෙසේ හෝ ඇය අල්ලා ගැනිණි. සිරගත කෙරිණි. නඩු ඇසිණි. අවසානයේ මේ පීඩනය දරාගත නොහැකිව ඇය, උසාවි ශාලාවට පිටතදී තමන් හැඳ සිටි ඇඳුමට ගිනි තබාගෙන සිය දිවි හානි කර ගත්තාය.

ඇය නිල් පාට ඇඳුමකින් සැරසී සිටින ඡායාරූපයක් මාධ්‍යවල ප්‍රකට වූ අතර, ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඇය හැඳින්වූයේ ‘නිල් යුවතිය’ යනුවෙනි. FIFA විසින් අවසානයේ කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීමට ඉඩ දිය යුතු බවට නියෝගය පනවන්නේ, එසේ නොකරන්නේ නම්, ඉරානයේ FIFA සාමාජිකත්වය අහිමි කරවන බවට තර්ජනයක් ද සමගිනි.

අද දිනයේ භුක්ති විඳින මේ අහිංසක නිදහස සහ සතුට වෙනුවෙන් ඉරාන කතුන්, ඒ දිවි පිදූ නිල් යුවතියට සදා ණයගැති ය.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

8 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

8 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

22 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago