තාක්ෂණ

WordPress Gift Card Plugin දෝෂයක් නිසා වෙබ් අඩවි 50,000ක් අනතු​රේ

WordPress යනු Content Management System (CMS) එකක් වන අතර එමගින් වෙබ් අඩවි නිර්මාණය කිරීම හා ඒවායේ අන්තර්ගතයන් කළමණාකරණය කිරීම සඳහා ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයන් ප්‍රමාණයක් භාවිතා කරනු ලැබේ.

පසුගියදා ඇතිවූ සිද්ධි දාමයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම පුවත වාර්තා වීම සිදුවිය. මෙම WordPress වෙබ් අඩවි සඳහා පරිශීලකයන් හට විවිධ ආකාරයේ add-on භාවිතා කිරීම සිදුකළ හැකි අතර එලෙස භාවිතා කරන ලද Gift Card add-on එකක් හේතුවෙන් වෙබ් අඩවි 50,000කට අධික ප්‍රමාණයකට අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇත. එමගින් වෙනත් පාර්ශවයන් සඳහා සෘජුවම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය ඔවුන් යටතට ලබාගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව උදා වේ.

මෙම දෝෂය ලෙස වාර්තා වන්නේ WordPress වෙබ් අඩවි වල Gift Card ගොඩනැගීම සඳහා භාවිතා කරනු ලබන “YITH WooCommerce Gift Cards Premium” add-on එකෙහි ඇතිවූ දෝෂයකි. මෙම දෝෂය හේතුවෙන් වෙනත් පාර්ශවයන් සඳහා වෙබ් අඩවියේ පූර්ණ පාලනය ඔවුන් යටතට ලබාගැනීමට අවස්ථාව උදාවේ.

මෙම දෝෂය පර්යේෂකයන් විසින් ඉකුත් නොවැම්බර් මස හඳුනාගත් අතර එය මෙම add-on හි 3.19.0 දක්වා වූ සියලුම Versions සඳහා බලපානු ඇති බවට ප්‍රකාශ කළහ. එම හේතුව නිසා පර්යේෂකයන් සඳහන් කරනු ලබන්නේ පෙර සඳහන් කළ add-on භාවිතා කරන්නේ නම් එහි නවතම Versions වන 3.20.0 හෝ 3.21.0 භාවිතා කරන ලෙසයි.

මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ පරීක්ෂණාත්මක කටයුතු සිදුකරනු ලැබූවේ “Wordfence” නම් සයිබර් ආරක්ෂන සමාගමක් විසින් වන අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විටත් මේ හා සම්බන්ධ පාර්ශවයන් මෙම add-on හරහා පරිශීලකයන්ගේ දත්ත ලබාගනිමින් සිටින් බවයි.

පසුගිය දෙසැම්බර් මස 14 දින වනවිට මෙම දෝෂයේ උච්චතම අවස්ථාව වාර්තා වන අතර එහිදී IP address දෙකකින් (103.138.108.15 සහ 188.66.0.135) WordPress වෙබ් අඩවි 12,000 කට අධික ප්‍රමාණයක මෙවැනි දත්ත සොරාගැනීමේ සිද්ධීන් 20,000කට අධික ප්‍රමාණයක් වාර්තා වීම සිදුවිය.

Source: TechRadar

Share

Recent Posts

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

4 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

5 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

8 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

9 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

11 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

11 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

17 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

18 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

1 day ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago