වැග්නර් බලකායේ ප්‍රධානි යෙව්ගනි ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින් මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා පියාසර කරමින් සිටියදී මොස්කව් හි වයඹ දෙසින් ට්වර් ප්‍රදේශයට කඩා වැටි අනතුරට ලක්ව ඇතිබව රුසියාවේ ගුවන් සේවා ඒජන්සිය තහවුරු කර තිබේ.
අනතුරින් ගුවන් යානයේ සිටි සියලුම දෙන මියගොස් ඇති අතර මගී ලැයිස්තුවේ ප්‍රිගොෂින්ගේ නමද ඇති බව රුසියාවේ ගුවන් සේවා ඒජන්සිය තහවුරු කර ඇති අතර Prigozhin සහ ඔහුගේ දකුණු අත නායකයා Dmitry Utkin, Sergei Propustin, Yevgeny Makaryan, Alexander Totmin, Valery Chekalov සහ Nikolai Matuseyev යානයේ සිටි බව වාර්තා වේ.
රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රධාන සගයෙකු වූ යෙව්ගනි ප්‍රිගොෂින් පසුගිය ජුනි මාසයේදී රුසියානු හමුදා නායකයින්ට එරෙහිව අසාර්ථක කැරැල්ලක් දියත් කළ අතර ඔහුගේ කුලී හේවායන් ප්‍රධාන රුසියානු නගරයක් අල්ලාගෙන මොස්කව් වෙත පවා ගමන් කළහ. කැරැල්ල අවසන් වූ පසු, බොහෝ දෙනෙක් සිතුවේ Prigozhin ගේ දින ගණන් කර ඇති බවයි.
බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ, මෙම කැරැල්ල ක්‍රෙම්ලිනයට සැලකිය යුතු නින්දාවක් වූ අතර ජනාධිපති පුටින් සමාව දීමට සහ අමතක කිරීමට තරම් මිනිසෙක් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ අණ පරිදි රුසියාවේ අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය වන FSB විසින් යානය බිම හෙළා ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක මූලාශ්‍ර විශ්වාස කරන බවයි.
සශිකලා මධුෂාණි
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.