රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර දින 300 කට පසුව, යුද්ධය එහි වසරක සංවත්සරයට ළං වන විට යුක්රේන ජනාධිපති වැලැඩිමර් සෙලෙන්ස්කි අද(21)දින ඔහුගේ ඉහළම ජාත්‍යන්තර සහකරු හමුවීමට වොෂින්ටන් පැමිණ ඇති බව වාර්තා වේ.
යුක්රේන ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ දීර්ඝ සාකච්ඡාවන් පැවැත්වීමට නියමිත වන අතර, බයිඩන් විසින් සිය යුක්රේනය සගයා සතුටු කිරීමට නවීන ගුවන් ආරක්ෂක පද්ධතියක් ඇතුළුව ඩොලර් බිලියන 2 කට ආසන්න අමතර ආරක්ෂක ආධාරයක් ලබා දීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.
රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයේ දිගුකාලීන ඉල්ලීමක් වූ Patriotපදිධතිය ද ඇතුළත් වේ. මේවා බැලස්ටික් සහ කෲස් මිසයිලවලට මෙන්ම සමහර ගුවන් යානාවලට එරෙහිව දියත් කිරීමට හැකි උපරිම දිගු දුර ආයුධවලින් එකක් ලෙස සැලකේ. ඒ අනුව ඉදිරියේදී යුක්රේනයට ඔවුන්ගේ අපේක්ෂිත ඉලක්කවලට වඩා බොහෝ දුරින් ඇති රුසියානු මිසයිල සහ ගුවන් යානා වෙඩි තබා බිම හෙළීමට හැකියාව ලැබෙනු ඇත.
ජනාධිපතිවරුන් දෙදෙනා අද දිනයේදී බටහිර හවුල්කරුවන් යුක්රේනයට ලබා දෙන පුහුණුව සහ හැකියාවන්, රුසියාවට පනවා ඇති සම්බාධක සහ ආර්ථික හා බලශක්ති ආධාර මෙන්ම යුධ පිටියේ ඉදිරි ගමන පිළිබඳ ගැඹුරු උපායමාර්ගික සාකච්ඡාවක නිරතවනු ඇති බව ධවල මන්දිරය වාර්තා කර තිබේ.
අනාවරණය වන තොරතුරු වලට අනුව එක්සත් ජනපදයේ, රිපබ්ලිකානුවන් යුක්රේනය සඳහා දැවැන්ත නව ආධාර පැකේජ ඉක්මනින් අනුමත නොකරන බවට සංඥා කර ඇති හෙයින් සෙලෙන්ස්කි ප්‍රයිම් ටයිම් හි කැපිටල් හිල් හි කොන්ග්‍රස් සාමාජිකයින් ඇමතීමටද නියමිතය.
සංචාරයට පෙර ආරක්ෂක විධිවිධාන පිළිබඳ අමතර තොරතුරු සැපයීම එක්සත් ජනපද නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම සංචාරය පිළිබඳව ධවල මන්දිරය වාර්තා කර තිබුණේ, ඇමරිකන් ජනාධිපති හා ජනතාව සිය සහයෝගය යුක්රේනයට අවශ්‍යවනතාක් කල් ලබා දීමට සූදානම්ය යන පණිවුඩය බයිඩන් මෙහිදී ලෝකයට ලබා දෙනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…