කාලීන

මුකේෂ් අම්බානි ද සිහසුනෙන් බිමට ඇද දැමූ ආසියාවේ “තනි වෘකයා” – සොන්ග් ෂන්ෂන්

ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස විරුදාවලි ලත් මුකේෂ් අම්බානි එම සිහසුනෙන් බිමට අද දැමූ තනි වෘකයකු පිලිබඳ පුවතක් වාර්තා වේ.

ඔහු නමින් සොන්ග් ශන්ෂන් ය.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය ට (Bloomberg Billionaires Index) අනුව, චීන ජාතික ෂන්ෂන් ගේ ආදායම ඇ.ඩො. බිලියන 77.8 කි.

2020 වර්ෂය තුළ පමණක් ෂන්ෂන් ඉපයූ ආදායම ඇ.ඩො. බිලියන 7 ලෙස වාර්තා වන අතර, තම ආදායම් වාර්තා තුළින් ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා යන ව්‍යාපාරිකයින් අභිබවා පැමිණීමට ෂන්ෂන් සමත් ව තිබේ.

ෂන්ෂන් තම ජීවිතය ආරම්භ කර තිබෙන්නේ මාධ්‍යවේදියකු, හතු වෙළෙන්දකු සහ සෞඛ්‍ය සේවකයකු ලෙසිනි. තනි වෘකයා (lone wolf) යනු ඔහුට පටබැඳි අන්වර්ත නාමයයි.

Photo: BBC

එම අන්වර්ත නාමය මනාව ගැළපෙන බවට ෂන්ෂන් සිය ක්‍රියාව තුළින් ඔප්පු කොට තිබේ.

Beijing Wantai Biological නම් එන්නත් නිශ්පාදන සමාගමේ හිමිකරු ෂන්ෂන් ය. ඔහු සිය ව්‍යාපාරයේ කොටස් පසුගිය අප්‍රෙල් මස චීන කොටස් වෙළඳපළ තුළට ඇතුළු කිරීමට සමත් වන ලදී.

Nongfu Spring නම් වතුර බෝතල් නිශ්පාදන සමාගමේ හිමිකරු ද ඔහු ය. චීන කොටස් වෙළඳපළ තුළ ෂන්ෂන් පෙන්වූ අද්විතීය හැකියාවෙන් තෙමසකට පසු හොංකොං වෙළඳපළට තම වතුර බෝතල් සමාගමේ කොටස් ඇතුළු කිරීමට ද ඔහු සමත් වේ.

මෙම සාර්ථකත්වය හමුවේ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ගේ ව්‍යාපාරය අභිබවා යාමට ෂන්ෂන් සමත් ව තිබේ.

Jack Ma | GETTY IMAGES

ජැක් මා යනු ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානි ට පෙර ආසියාවේ ධනවත් ම ව්‍යාපාරිකයා ලෙස විරුදාවලි ලැබූ පුද්ගලයා යි.

ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානි ගේ ආදායම ඇ.ඩො. බිලියන 18.3 සිට 76.9 දක්වා ඉහළ යාමෙන් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් ව තිබිණි. ඒ සිය Reliance Industries නම් සමාගම විද්‍යුත්-වාණිජ සහ තාක්ෂණික නිශ්පාදන සමාගමක් බවට පත් කිරීමත් සමඟ ය.

කෙසේ වෙතත්, ෂන්ෂන් ඉපයූ ඇ.ඩො. බිලියන 77.8 ද සමඟ අම්බානි ගේ වාර්තා ව බිඳ දැමීමට ෂන්ෂන් සමත් ව තිබේ.

Mukesh Ambani | Photo: indiatvnews

වර්තමානය වන විට ෂන්ෂන් ගේ එන්නත් සමාගම වන Beijing Wantai Biological හි කොටස් හොංකොං කොටස් වෙළඳපළේ 2000% කින් ඉහළ නංවා ගැනීමට ඔහු සමත් ව තිබේ.

එමෙන්ම කොවිඩ්-19 උවදුර හමුවේ එන්නතක් නිශ්පාදනය කරන සමාගම් අතරද Beijing Wantai Biological සිටියි.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

4 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

5 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

8 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

12 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

13 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

13 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

17 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago