පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නුවර සාමාන්‍ය සැඳෑවක් ගත කරමින් සිටි රාජා අහමද් කම්පනයෙන් සලිත වී ගියේ මහා පිපුරුම් ශබ්දයක් සමග කරකුට්ටම් වී ගිය මළ සිරුරක් ඔහුගේ මෝටර් රිය මත පතිත වීමත් සමග ය.
වහා කලබලයට පත් වූ ඔහු මෝටර් රථයෙන් එළියට පැන ගත්තේය. කඩා වැටුණු ගුවන් යානයේ හදිසි (ඉමර්ජන්සි) දොරටුවෙන් මිනිස් සිරුරක් එළියට පැමිණ තිබිණි.
‘‘ඔහු හිටියේ පණ පිටින්. ඔහු උදව් ඉල්ලලා කෑ ගැහුවා. බේරගන්න කියල කිව්වා… මම ඔහුව ඇදල එළියට ගන්න උත්සාහකළා. නමුත් ඔහුගෙ කකුල් ඉමර්ජන්සි දොර ඇතුළෙ හිර වෙලා..‘‘
ගුවන් යානයේ තටු, වහල පසාරුකරගෙන ගොස් තිබුණේ ඉන්ධන ටැංකි කෑලි වලට පත් කරමිනි. මේ අතර, පැතිර යමින් තිබූ ගින්න අසල නිවාස ද ගිනිබත් කරන්නට උත්සාහ කරමින් තිබුණේය.
ගළවා ගැනීමේ සේවකයන් වහාම එම ස්ථානයට පැමිණ, සුන්බුන් අතර දිවි බේරාගත් අය සිටියිදැයි සොයන්නට පටන් ගත්හ. එහි දුම් වළාවන් ය. මහා ගිනි ජාලාවන් ය. නිවසක වහලයක් ද ගින්නෙන් දැවෙන්නට පටන් ගත්තේය.
කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් වල මැද හරියට වන්නට තිබුණේ කැබින් කාමරයේ කොටස් සහ, ගුවන් මගීන්ගේ ගමන්මලු ය. ඒවායෙන් විසි වී ගිය කොටස්, නිවාස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථවාහන සහ යතුරුපැදිවල ද වැදී තිබිණි.
ගිනිනිවන භටයෙක් වන සර්ෆාර් අහ්මද් මෙසේ කියයි. ‘‘සමහරුන් සීට් බෙල්ට්ස් පැළඳගෙනම මිය ගොස් තිබුණා. තවත් සමහරුන් ඔක්සිජන් මාස්ක් පැළඳගෙන හිටියා..‘‘
පැය කිහිපයක් එක දිගට වැඩ කිරීමෙන් පසුව රාමසාන් අවසන් කරන වේලාවේදී යම් දෙයක් ආහාරයට ගැනීම සඳහා පිරිස මිනිත්තු කිහිපයකට වැඩ නතර කළහ. රාත්‍රිය උදා වත්ම දොඹකර ගෙන එනු ලැබිණි.
බේරාගත හැකි වූයේ 3 දෙනෙකු පමණි. ඒ අතර පාකිස්ථානයේ බංජාබ් සෆාර් නමැති බැංකුවේ සභාපතිවරයා ද විය. යානය කඩා වැටුණු ස්ථානයෙන් 66 දෙනෙකුගේ මළ සිරුරු හමුවිය. ගුවන් යානයේ ගමන් ගත් මුළු ගණන 107 කි. මළ සිරුරුවල සුන්බුන් සෙවීමේ මෙහෙයුම් තවම අවසන් නැත.
පාකිස්ථානයේ සුපිරි මෝස්තර නිරූපිකාවක වන සාරා අබිද් (Supermodel Zara Abid) ද ගුවන් යානය තුළ වූවාය.
අනතුර සිදුව තිබුණේ දෛවෝපගත දිනයක ය. සිකුරාදා දිනය පාකිස්තානයට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වූයේ රාමසාන් සමය නිසා ය. සිය ඥාතීන් බැහැ දැකීම පිණිස Airbus A320 වර්ගයේ මේ ගුවන් යානය ලාහෝරයේ සිට කරච්චි නුවර බලා පියාසර කරමින් තිබිණි. නමුත් කරච්චි නුවර ගුවන් තොටුපොළට ළඟා වීමට එයට කිසිදා හැකි වූයේ නැත. අලි ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපොළ පෙනෙන දුරින්, ගමනාන්තයට විනාඩි කිහිපයක් තිබියදී එන්ජිම ක්‍රියාවිරහිත වී තිබුණේ දෛවෝපගත ලෙස ය.
”Mayday, Mayday…!” ගුවන් යානයේ නියමුවා අවසන් වරට කෑ ගසා තිබුණේ එසේ ය. මේ අන්තර්ජාතික සංඥා යෙදුමෙන් කියැවෙන්නේ ගුවන් යානයක හෝ නෞකාවක අවසානය ළඟා වී ඇති බව ය. ජීවිත තර්ජනයක් මතුව ඇති බව එයින් අදහස් වේ. මේ ලෝකයේ ගුවන් නියමුවෙකු සිය වෘත්තීය ජීවිතය තුළ පැවසීමට අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන දෛවෝපගත සංඥා වැකිය එයයි.
‘‘කොවිඩ් වසංගතය නිසා අපට මේ සැරේ රාමසාන් නැහැ. නමුත් මේ විපත නිසා අපේ කණස්සල්ල දෙගුණ තෙගුණ වුණා. මේ රාමසාන් සමය අපට හැමදාම කඳුලින් ලියැවී මතක තියේවි..‘‘ යැයි කරච්චි නුවර වැසියෝ පවසති.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…