එසැණ පුවත්

ඉතාලිය අඩපණයි – දිනක් ඇතුළත 475 ක් මිය යයි

මේ අනුව මේ දක්වා ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 3000 ඉක්මවයි.

ඉතාලිය තුළ මේ වන විට කොරෝනා බවට තහවුරු කළ රෝගීන් 35,713 දෙනෙක් ඇති අතර, 4000 ක් දෙනා සුවය ලබා තිබේ.

ඉතාලියේ කොරෝනා වසංගතයට වැඩිවශයෙන්ම නිරාවරණය වී ඇති පළාත වන්නේ ලොම්බාඩි ය. එහි දිනකට මරණ 319 බැගින් මේ වන විට වාර්තා වේ.

ඉතාලිය මේ වන විට, වසංගතය හටගත් චීනයට පසු වසංගතයෙන් බැට කන ප්‍රධාන රට බවට පත්ව තිබේ. චීනයේ කොරෝනා හේතුවෙන් මිය ගිය ගණන 8,758 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොරෝනා රෝගයට ගොදුරු වූ ලෝකයේ ප්‍රධානම කලාපය බවට පත්ව තිබෙන්නේ යුරෝපය සහ බටහිර පැසිෆික් කලාපයයි. තහවුරු කර ගත් කොරෝනා ආසාදනයන් 200,000 කට අධික සංඛ්‍යාවක් අතරින් 80%ක්ම වාර්තා වන්නේ මෙම කලාපයෙනි.

ලොක්ඩවුන් කිරීම අසාර්ථකද?

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලිය දැනට සති 2 කට පමණ පෙර රට ලොක්ඩවුන් කළේය. ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති නමුත්, මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවක් එයින් නොපෙනේ.

ඉතාලියේ වැඩිහිටි ජනගහනය කොරෝනා වසංගතයේ ඉහළම අවදානම් කාණ්ඩය බවට පත් ව තිබේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගතය හිස ඔසවා දින 60 ක් ඇතුළත වැක්සීනයක් අත්හදා බැලීමට හැකි වීම ජයග්‍රහණයක් බව ය. කෙසේ වෙතත්, ඇමරිකාවේ කයිසර් පර්මනෙන්ටේ පර්යේෂණ සමාගම විසින් ආරම්භ කරන ලද මෙම සායනික පරීක්ෂාවල ප්‍රගතිය සම්බන්ධයෙන් තවම පැහැදිලි අදහසක් නැත.

යුරෝපයේ සමස්ත තත්වය

පහත දැක්වෙන්නේ යුරෝපයේ ඉතාලිය හැර සෙසු රටවල කොරෝනා වසංගතයේ තත්වයයි. (2020.03.18 දින වන විට)

ස්පාඤ්ඤය

598 ක් මිය ගොස් ඇති අතර, ආසාදිතයන් 13,716 ක් වාර්තා වේ. මැඩ්රිඩ් හි සාත්තු නිවාසයක 17 දෙනෙකු රෝගයෙන් මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ප්‍රංශය

අඟහරුවාදා දිනයේ තහවුරු කළ රෝගීන්ගේ සංඛ්‍යාව 16%කින් ඉහළ ගොස් 7,730 ලෙස වාර්තා විය. මරණ සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබේ. එයින් 7%ක් වයස අවුරුදු 65 ට අඩු අය ය.

එක්සත් රාජධානිය (UK)

කොරෝනා මරණ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් ඇත.

ජර්මනිය

මරණ ගණන 12 ක් වන අතර, රෝගීන් 8198 ක් ලෙස වාර්තා වේ. ‘‘ජර්මනිය එක්සත් වීමෙන් පසුව, ඇත්තෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පවා මෙතරම් අභියෝගයක් අපේ රටට ඇති වී නොමැත‘‘ යැයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පවසයි.

මොරොක්කෝව සහ ඊජිප්තුවේ සිරවී සිටින ජර්මානු ජාතික සංචාරකයන් දස දහසක් දෙනා නැවත මව් රට බලා රැගෙන ඒමේ කටයුතු තවම සිදු වේ.

බෙල්ජියම

මරණ ගණන 14 ක් වන අතර, රෝගීන් 1486 ක් වාර්තා වේ.

යුරෝපයේ දේශසීමා වසා දැමේ

යුරෝපා සංගමයෙන් බාහිර සංචාරකයන් ආපසු ඔවුන් පැමිණි ගුවන් තොටුපොළවල් වෙතටම හරවා යැවෙන අතර, යුරෝපා සංගමයට අයත් රටවල් 27 විසින් දින 30 ක කාලසීමාවක් සඳහා මෙම තහනම බලපවත්වනු ලබයි.

මෙම තහනම යුරෝපා සංගම් මව්රටවල් බලා යන අයට සහ දේශසීමාවන් හි සේවයේ නියුතු අයට අදාළ නොවේ.

යුරෝපා සංගමයේ සාමාජික රටවලට අමතරව ෂෙනගන් දේශසීමා රහිත කලාපයට ද අදාළ වේ. මේ අනුව අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ ලීෂෙස්ටයින් යන රාජ්‍යයන් ද මෙම තහනමට යටත් වේ.

Cover Photo: Bussiness Insider –  මළවුන් මිහිදන් කිරීමේ යෙදී සිටින ඉතාලි ජාතිකයන්

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

13 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

15 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

19 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

19 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

20 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

20 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

3 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago