ලෝකය පුරා ආගම් දස දහසක් හා භාෂා හය දහස් හත්සීයයක් පමණ පවතියි. එය මානව පරිනාමණයේ විවිධත්වයේ ස්වභාවයයි. බහුතරයක් දෙනා තමා අදහන ආගම හා තමා අයත් ජන වර්ගය අන් සියල්ලට වඩා ශ්‍රේෂ්ට යැයි විශ්වාස කරනු ලබයි. එහෙත් සත්‍යනම් කිසිදු ආගමක් අනෙකට වඩා ශ්‍රේෂ්ඨ හෝ පරිපූර්ණ නැති බවයි. කිසිදු ජන වර්ගයක් අනෙකට වඩා උසස් හෝ පහත් නොවන බවයි. මානව ඉතිහාසයේ බොහෝ ගැටුමිවලට සෘජුව ම හා වක්‍ර ව ”ආගම” යන සංකල්පය මැදිහත් ව ඇත. සියලු ආගම්වල මූලික පදනම එහි නිර්මාතෘවරුන්ගේ අභාවයත් සමඟ මිහිදන්ව ඇත. වෛරයෙන් ගිනිගන්නා ලෝකය සුවපත් කිරීමට සියලු ආගම් අසමත්ව ඇත.
ඉන්දියාව ද බහුවිධ ආගමික ජාතික මෙන් ම භාෂාමය විවිධත්වයකින් යුත් සංකීර්ණ සමාජයක් සහිත රටකි. එහි සෑම විටම අළුයට රැඳුණු රුදුණු ගිණි පුපුරු ඇත. ඒවා අවස්ථාව ලද විගස සියල්ල දවාලීමට සමත්ය. පසුගිය දිනකද සිදු වූයේ එවැන්නකි.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) සාමාජිකයන් දෙදෙනෙකු විසින් මුස්ලිම් විරෝධී ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ඉන්දීයාව පුරා මුස්ලිම්වරුන්ගේ විරෝධතාවන් ඇති විය. ප්‍රදේශ කිහිපයක මුස්ලිම් හා හින්දූන් අතර ගැටුම් හටගත් අතර එමඟින් දෙදෙනෙකු මිය ගොස් ඇත. නොසන්සුන්තාවන් ඇති කිරීම සම්බන්ධයෙන් උත්තර් ප්‍රදේශ් පොලිසිය 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරීන් ද 14 දෙනෙකුට වැඩි පිරිසක් මෙහිදී තුවාල ලබා ඇත.
මුස්ලිම් විරෝධී අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ Nupur Sharma හා Naveen Kumar යන අයගේ වැඩ තහනම් කර ඇත. පොලීසිය ඔවුනට විරුද්ධව නඩු පවරා ඇති අතර රජය පවසා ඇත්තේ ඒමඟින් තම අදහස් පිළිබිඹු නොවූ බවයි. මෙහිදී මුස්ලිම් කණ්ඩායම් අන්තවාදී මතවාද ඉදිරිපත් කළ අය අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිටින අතර හින්ඳු කණ්ඩායම් ඔවුන් නිර්භීත දේශ හිතෛශීන් ලෙස ලේබල් ගසා තිබේ.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙහි අමාත්‍ය Yogi Adityanath විසින් කැරළි වලට සම්බන්ධ බවට සැක කරන මුස්ලිම් ජනයායේ නිවාස මෙන්ම ආයතන නීති විරෝධී බව පවසමින් කඩා බිඳ දමන ලෙස නිලධාරීන්ට නියෝග කළ බව, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත ප්‍රකාශක පැවසා ඇත. මීට අමතරව මුස්ලිම් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් හා ඇගේ දියණියගේ නිවස පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේම කඩා බිඳ දමා ඇත.
Yogi Adityanathගේ මාධ්‍ය උපදේශක වන Mrtyunjay Kumar විසින් බුල්ඩෝසරයකින් ගෙවල් කඩා බිඳ දමන ඡායාරූපයන් ටුවිට්හි ඵලකර ප්‍රකාශ කර ඇත්තේ නොහික්මුණු අංග සෑම සිකුරාදාවකම සෙනසුරාදාවක් එන බව මතක තබා ගතයුතු බවයි.
එමෙන්ම නැගෙනහිර හා බටහිර බෙංගාල ප්‍රාන්ත බලධාරීන් ජූනි 16 දක්වා මහජන රැස්වීම් තහනම් කරමින් හදිසි නීතියක් ක්‍රියාත්මක කර ඇත. විපක්ෂ නායකයන් විසින් විරෝධතා කරුවන් මැඩ පැවැත්වීමට ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයන් ගන්නා බවට චෝදනා කරමින් ඇත. මෙම වාර්ගික වශයෙන් ඇතිව තිබෙන නොසන්සුන්තාව පිළිබඳ අගමැති නරේන්ද්‍ර මෝදි මේ වන තෙක් කිසිදු අදහසක් දක්වා නැත.
මේ වන විට රට තුළ පවතින තත්වයන් හා අගමැති මෝදිගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවන්ගේ ද හොඳ හිත නැති වී ඇත. කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ඉරානය වැනි රටවල් රාජ්‍ය තාන්ත්‍රික විරෝධතාවයන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව CNN ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
”ආගම නම් පීඩිතයාගේ සුසුම්ය. කුරිරු ලෝකයේ මෘදු හදවතය. අචේතනික දෛවයේ කරුණා බර ආත්මයන්ය. මහජනතාවගේ අබිං ය.” -කාල් මාක්ස්.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…