මෙය අතිශය වැදගත් හෙළිදරව්වක් වන්නේ යුරෝපයේ සහ ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් සහ මිය ගිය අයගෙන් අති බහුතරය වයස අවුරුදු 60 ට වැඩි එනම් වියපත් අය බවට පත්වීමත් සමග, මෙම රෝගයට ගොදුරු වන්නේ වියපත් අය බවට විශාල මතයක් ලෝකය පුරා පැතිර ගිය බැවිනි.
ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයේ දැකිය හැකි වැදගත් ලක්ෂණයක් වන්නේ ඔවුන් විසින් සාධනීය ලෙස තොරතුරු ප්‍රකාශයට පත් කිරීමයි. පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු මෙහිදී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරයි. මේ අනුව පසුගියදා ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වයස් කාණ්ඩ පිළිබඳ අතිශය වැදගත් ලේඛනයක් ප්‍රකාශයට පත් විය. වයස 40 ට අඩු අය වසංගතයට ගොදුරු වීමේ අධි අවදානමක් ඇති බව හඳුනා ගැනෙන්නේ ඒ අනුව ය.
මේ දක්වා ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇති අති බහුතරය පිරිමි අය ය. එම ප්‍රතිශතය 74%කි. මිය ගිය අය අතරින් ද 73%ක් පිරිමි පාර්ශවයයි. ඔවුන් දුම්පානයට ඇබ්බැහි වීම මෙයට හේතුව ලෙස හඳුනා ගැනේ.
තවද ඉන්දියාවේ වසංගතයෙන් මිය ගිය අය අතරින් 86%ක්ම රෝගී තත්වයන්ගෙන් පෙර සිට පෙළෙමින් සිටි අය ය. දියවැඩියාව, නිදන්ගත වකුගඩු ආබාධ සහ හෘදාශ්‍රිත රෝග ඒ අතරින් ප්‍රධාන වේ.
වසංගතයට ගොදුරු වී ඇති පිරිස, වයස් කාණ්ඩ අනුව මෙසේ ය.
47% – වයස 40ට අඩු
34% – වයස 40-60 අතර
19% – වයස 60 ට වැඩි
මේ අනුව කොරෝනා වෛරසයට ගොදුරු වන අයගෙන් අති බහුතරය වයස 60 ට වැඩි අය ය යන බටහිර මතය ඉන්දියාවේදී මිත්‍යාවක් බවට පත් වේ.
මේ සම්බන්ධයෙන් ලංකාවේ තත්වය කෙසේද? ලංකාවේ කොවිඩ්-19 වසංගතය කළමනාකරණයේදී දැකගත හැකි ඛේදනීය අංශයක් වන්නේ තොරතුරුවල හිඟතාවයයි. අවම වශයෙන් අපට ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් පාඩමක් ඉගෙන ගත හැකි නම්, ලංකාවේ කොවිඩ් වසංගත තත්වය පිළිබඳ මීට වඩා පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට හැකි වනු නිසැක ය.
මේ වන විට අලුත්ම සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවෙන් ආසාදිතයන් 6725 ක් ද මරණ 226 ක් ද වාර්තා වේ.
මැයි මස 15 වැනිදා දක්වා ඉන්දියාවේ පාසල් වසාතැබීමට ද නියමිත ය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!