එසැණ පුවත්

ඉන්දියාවේ විරැකියා අර්බුදය සරල නැත

10,000කට අධික සංඛ්‍යාවක් අතරින් ජිතේන්ද්‍ර මෞර්ය එක් අයෙකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වැඩි සුදුසුකම් ලැබූ අය වූහ – එක් වාර්තාවකට අනුව අපේක්ෂකයින්ට පශ්චාත් උපාධිධාරීන්, ඉංජිනේරුවන්, MBAs සහ විනිසුරුවරයෙකුගේ විභාගයට සූදානම් වන මෞර්යා වැනි අය ඇතුළත් විය.

කොවිඩ් වසංගතය ආසියාවේ තුන්වන විශාලතම රටේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කල අතර, එය දැනටමත් දිගුකාලීන මන්දගාමිත්වයකට ඇද දමා ඇත. ඉන්දියානු රජයේ වියදම් වැඩි වී ඇති අතර, රැකියා ඌණතාවය ඉහළ යමින් පවතී. the Centre for Monitoring Indian Economy (CMIE) ආයතනයට අනුව දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ විරැකියා අනුපාතය 8% දක්වා ඉහළ ගියේය. එය 2020 දී සහ 2021 දී 7% ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරන්නට විය.

කොවිඩ් හේතුවෙන් බොහෝ රටවල් 2020 දී රැකියා විරහිතභාවය ඉහළ යාමක් පෙන්නුම් කරන්නට විය. ඉන්දියාවේ ශ්‍රම බලකාය වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන්ගේ ප්‍රතිශතයකි. නමුත් ඉන්දියාවේ විරැකියාව ප්‍රධාන වශයෙන් යොමු වන්නේ විධිමත් ආර්ථික මට්ටමක් සොයන උගත් තරුණයින්ගේ දත්ත මතයි.

අවිධිමත් ආර්ථික ශ්‍රම බලකාය 90% ක් එරට සේවයේ යොදවා ඇති අතර එරටේ ආර්ථික නිමැවුමෙන් අඩක් ඔවුන් තුළින් ජනනය කරයි. දරිද්‍රතාවය හේතුවෙන් අධ්‍යාපනයට ප්‍රවේශය නැති දිලිඳු පිරිස් තමන්ට ලැබෙන ඕනෑම කාර්යයක් කිරීමට පසු බට නොවේ. ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් හතරෙන් තුනක් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොමැතිව ස්වයං රැකියාවල නියුතු අනියම් කම්කරුවන් වේ.

විශ්‍රාමික ඉතුරුම් යෝජනා ක්‍රමයක්, සෞඛ්‍ය සේවා, මාතෘ ප්‍රතිලාභ සහ වසර තුනකට වැඩි ලිඛිත කොන්ත්‍රාත්තුවක් සහිත සමාජ ආරක්ෂණයට ප්‍රවේශය සහිත සුරක්ෂිත වු විධිමත් රැකියාවන්පවතින්නේ ශ්‍රම බලකායෙන් 2%කට මඳක් වැඩි පිරිසකට පමණි.

ඉන්දීය සමාජ සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ සියලුම වැටුප් ලබන සේවකයින්ගෙන් 45% ක් මසකට ඉන්දීය රුපියල් 9,750කට අඩු මුදලක් උපයන බවයි. එය දිනකට රුපියල් 375 ට වඩා අඩුය. ඉහළ නිපුණතා සහිත සේවකයින් විසින් මෙහෙයවනු ලබන මෘදුකාංග සහ මූල්‍ය වැනි ඉහළ මට්ටමේ සේවාවන් මගින් ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය බලගන්වා ඇත. එය මධ්‍ය ආදායම් ආර්ථික රටාවකි.

රැකියා ජනනය කරන බවට පොරොන්දු වෙමින් 2014 දී බලයට පත් වූ අගමැති මෝඩි , එවකට ප්‍රධාන කර්මාන්ත සඳහා මූල්‍ය දිරිගැන්වීම් ලබා දුන් අතර දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සඳහා “මේක් ඉන් ඉන්ඩියා” ව්‍යාපාරයක් ආරම්භ කරන්නට විය. නමුත් මේ කිසිවක් මෙතෙක් එරට නිෂ්පාදන සහ රැකියා උත්පාදනයට හේතුවී නොමැත

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

7 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

8 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

22 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago