එසැණ පුවත්

ඉන්දුනීසියානු මගී ගුවන් යානයක් අතුරුදහන් : සුන්බුන් හමු වේ

Sriwijaya ගුවන් සේවාවට අයත් SJ 182 නමැති මෙම ගුවන් යානය ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කරමින් සිටියේය. විනාඩියක් ඇතුළත එය අඩි 10,000 ක් පහළට කඩා වැටී ඇති අතර, ඉන්පසු සියලු සම්බන්ධතා ගිලිහී ගොස් තිබේ. මෙසේ සිදුවී තිබෙන්නේ යානය ගුවන් ගත කර විනාඩි 4කට පමණ පසුව ය.

මේ වන විට ගළවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, ජකර්තාව අවට තවුසන්ඩ් අයිලන්ඩ්ස් ආශ්‍රිත මුහුදෙන් ලෝහමය සුන්බුන් කැබලි හමු වෙමින් තිබේ. ඒවායේ අනන්‍යතාවය සනාථ කර නැතත්, විශ්වාස කෙරෙන්නේ ඒවා මෙම ගුවන් යානයේ කොටස් බවයි.

Sky News

මෙම යානයේ ගුවන් සේවකයන් ඇතුළු 62 දෙනෙකු සිටියෝය. එයින් දස දෙනෙක් දරුවන් වූ බව වාර්තා වේ.

ජකර්තාවේ සිට පොන්ටියානක් (බෝර්නියෝ දූපත්) වෙත ගමන් ගන්නා ගුවන් යානාවක් වැඩි වශයෙන්ම ගමන් ගත යුත්තේ ජාවා මුහුදට ඉහළිනි. එය විනාඩි 90 ක ගමනකි. සිරිවිජය ගුවන් සේවාව ඉන්දුනීසියාවේ බජට් ගුවන් සේවාවක් වන අතර, විශාල ඩිස්කවුන්ට් ලබාදෙන බවට ද ප්‍රකට ය. එය අන්තර්ජාතික ගමනාන්ත බලා ද පියාසර කරයි.

ඉන්දුනීසියාවේ ගුවන් අනතුරු

ලෝකයේ විශාලතම කොදෙව් රාජ්‍යය වන ඉන්දුනීසියාවේ ජීවත් වන මිලියන 260 ක ජනතාව අතරින් බොහෝ අය අභ්‍යන්තර ගමන් සඳහා ගුවන් යානා භාවිතා කරති.

සුමාත්‍රා දිවයින අසලදී 1997 වසරේදී ගරුඩා ගුවන් යානය කඩා වැටීම ඉන්දුනීසියාව මෙතෙක් මුහුණ දී ඇති විශාලතම ගුවන් අනතුර වන අතර, එහිදී 234 දෙනෙක් මරණයට පත් වූහ.

ඉන්දුනීසියාවෙන් මෑත භාගයේ ගුවන් යානා අනතුරු ගණනාවක් වාර්තා විය. වඩාත්ම මෑතකදී සිදුවූ ‘ලයන් එයා‘ වර්ගයේ Lion Air 737 MAX ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටුණේ ද මේ අන්දමින්ම ජකර්තාවෙන් අහසට නංවා විනාඩි කිහිපයක් ඇතුළත ය. එහිදී එහි ගමන් ගත් 189 දෙනාම මරණයට පත් වූහ. අනතුරුව බෝයිං මැක්ස් වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශාල කතාබහක් ඇති විය. මේ අතර, 2014 දෙසැම්බරයේදී සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ එයා ඒෂියා වර්ගයේ ගුවන් යානාවක් ද එහි ගමන් ගත් 162 දෙනා සමග කඩා වැටුණේය.

ප්‍රධාන ඡායාරූපය  – අතුරුදන් වූ SJ 182 යානය

Photos: Sky News

 

Share

Recent Posts

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

49 mins ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

3 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

21 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

24 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

3 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

3 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

3 days ago