ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන සටන්කාමී කණ්ඩායමක අණදෙන නිලධාරියකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් 55කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා රාත්‍රියේ දී Bassem Saadi අත්අඩංගුවට ගැනීමෙන් පසු ගාසා තීරයේ ප්‍රබලතම සටන්කාමී කණ්ඩායමක් වන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) විසින් මෙම මෙහෙයුම ක්ෂණික තර්ජනයක් අනුගමනය කළ බව ඊශ්‍රායල අගමැති පැවසීය.PIJ විසින් පෙරලා ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට රොකට් 100කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව වාර්තා වේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කියා සිටියේ සටන්කාමී ස්ථාන ඉලක්ක කර ගනිමින් සිකුරාදා අගභාගයේදී නැවත ප්‍රහාර ආරම්භ කළ බවයි. ඊශ්‍රායල අගමැති යායර් ලපිඩ් පැවසුවේ ඊශ්‍රායලයට එල්ල වූ ක්ෂණික තර්ජනයකට එරෙහිව නිශ්චිත ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.
මියගිය අය අතර ටේසීර් ජබාරි ඇතුළු PIJ සටන්කාමීන් හතර දෙනෙකු සහ පස් හැවිරිදි දැරියක් සිටින බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ IDF සටන්කාමීන් 15 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව උපකල්පනය කරන බවයි. PIJ මහලේකම් Ziyad al-Nakhala පැවසුවේ මෙම ආක්‍රමණයට අපි බලවත් ලෙස ප්‍රතිචාර දක්වනු ඇති අතර අපගේ ජනතාව ජයග්‍රහණය කරන සටනක් පවතිනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…