අසාමාන්‍ය ලෙස උණුසුම් කාළගුණය සහ ශීත සෘතුවේදී හා වසන්ත සෘතුවේ ලද අඩු වර්ෂාපතනය හේතුවෙන් උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉතාලියේ කෘෂි කාර්මික සංවිධානයක් වන Coldiretti විසින් BBC වෙත ප්‍රකාශ කර තිබුණේ පවතින නියඟය හේතුවෙන් ඉතාලියේ කෘෂිකාර්මික නිෂ්පාදනවලින් 30% කට බලපෑම් කර ඇති බවයි. ඉතාලියේ හදවත හෙවත් පෝ ගඟ මේ වන විට සිඳීමේ අවධානයට ලක්ව ඇත. දැනටමත් ලුණු සහිත මුහුදු ජලය මේ වන විට ගඟට කාන්දු වෙමින් වගාවන් විනාශ කරන බවයි පෝ ගංඟා මිටියාවතේ ගොවියන් පවසයි.
පසුගිය දා ඉතාලියේ ඩොලමයිට්ස් කඳුවැටියේ Marmolada ග්ලැසියරය කඩා වැටීමෙන් අවම පස් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන්ව ඇති බව නිවේදනය විය. ප්‍රදේශය පවතින අසාමාන්‍ය උෂ්ණත්වය හේතුවෙන් ග්ලැසිරය මෙලෙස දියවී යන්නට ඇතැයි හදිසි සේවා ප්‍රකාශිකා මිචෙලා කැනෝවා විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මේ හේතුවෙන් ඇති වඋ කුණාටු තත්වයට මැදිව අතුරුදන්වූ විදේශිකයින් සොයා තාප රූප සහිත ඩ්‍රෝන යානා යොදවා තිබේ.
පවතින ජල හිගය විසදීම සඳහා ඩොලර් මිලියන 38ක මුදලක් යෙදවීමට රජය සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.
සශිකලා මධූෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…