පවතින උද්ධමනය හේතුවෙන් දේශීය මුදල්වල වටිනාකම දුර්වල වීමට සාපේක්ෂව ජූලි මස අගදී නීත්‍යානුකූල රන් කාසි නිකුත් කිරීම ආරම්භ කරන බව එහි මහ බැංකුව පවසා තිබේ. මහ බැංකුවේ අධිපති ජෝන් මංගුඩියා පැවසුවේ රන් කාසි වටිනාකම් එමඟින් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩු කරනු ඇති බවයි. රොයිටර් පුවත් සේවයට අනුව, මෙම කාසිවල රත්‍රන් ට්‍රෝයි අවුන්සයක් අඩංගු වන අතර ඒවා ෆිඩලිටි ගෝල්ඩ් පිරිපහදුව, ඕරෙක්ස් සහ දේශීය බැංකු විසින් අලෙවි කරනු ඇත.
උද්ධමන අනුපාතය පසුගිය මාසයේ 191% දක්වා දෙගුණයකට වඩා වැඩි අගයක් ගනු ලැබීය.
2008 දී – ඩොලර් බිලියන 100 ක නෝට්ටුවක් සංසරණය වූ වර්ෂය – සිම්බාබ්වේ ඩොලරය කඩා වැටීමෙන් සිම්බාබ්වේ වැසියන්ට විශ්‍රාම වැටුප් ඇතුළු ඉතිරි කිරීම් අහිමි විය.එකල බොහෝ සිම්බාබ්වේ වැසියන් බැංකුවට යනවා වෙනුවට තම නිවෙස්වල හෝ ඇඳන් යට මුදල් තබා ගැනීමට තීරණය කළේය. 2009 වන විට විදේශ මුදල්, බොහෝ දුරට එක්සත් ජනපද ඩොලරය භාවිතා කිරීමට තීරණය කළේය. රජය 2019 දී නැවත දේශීය මුදල් හඳුන්වා දුන් නමුත් එහි වටිනාකම නැවතත් සීඝ්‍රයෙන් අඩු වී ඇත.
රන් කාසි පවතින ජාත්‍යන්තර රත්‍රන් මිල සහ නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ මිලකට දේශීය මුදල් සහ එක්සත් ජනපද ඩොලර් සහ අනෙකුත් විදේශ මුදල් වර්ග දෙකෙන්ම මහජනයාට විකිණීමට ඇති බව රජයේ ආරංචි මාර්ග පනසා තිබේ. Mosi-oa-Tunya ලෙස නම් කර ඇති රන් කාසි මුදල් බවට පරිවර්තනය කර දේශීය හා ජාත්‍යන්තරව වෙළඳාම් කළ හැකිය.
“රත්‍රන් මිල අධිකයි. අපෙන් බොහෝ දෙනෙකුට කාසි මිලදී ගැනීමට හැකි වනු ඇතැයි මම නොසිතමි. බොහෝ අය තම මුදල් නිවසේ තබා ගනු ඇත. මේක ආණ්ඩුවේ තවත් අසාර්ථක පියවරක්.” ලෙස විදේශ මුදල් වෙළෙන්දකු සිය අදහස් දක්වා ඇත. ආර්ථික විද්‍යාඥ Prosper Chitambara පවසන පරිදි උද්ධමනය වැළැක්වීම සඳහා ජාත්‍යන්තරව ආයෝජකයින් විසින් රන් කාසි භාවිතා කරයි.ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ වටිනාකම් ගබඩාවක් ලෙස ක්‍රියා කිරීම පමණක් නොව ශක්‍ය ආයෝජන වත්කමක් ලෙස කටයුතු කිරීමයි. ගෝලීය ආර්ථිකය අවපාතයට ලක් වූ අවස්ථා වලදී රත්‍රන් වල වටිනාකම සෑම විටම වැඩි වෙමින් පවතින බැවින් මෙය සාර්ථක පියවරක් ලෙස විශ්වාස කෙරේ. මේ පිළිබඳ සිම්බාබ්වේ වැසියන්ට නම් ඇත්තේ මිශ්‍ර හැඟීමකි.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…