ජෝස් සිම්ස් යනු ඇමරිකාවේ කනෙටිකට් ප්‍රාන්තයේ නීතියේ රැහැනින් පලායන්නෙකි. මත්ද්‍රව්‍ය භාවිතය, බීමතින් රිය පැදවීම, ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම, සාමය කඩකිරීම හා සාවද්‍ය තොරතුරු ලබා දීම යනාදී කරුණු රැසකට එරෙහිව ඔහුට චෝදනා ගොණුකර තිබිණ. මීට අමතරව වරෙන්තු 4ක් මත අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම සම්බන්ධව පළමු මට්ටමේ වරදක් කර ඇති ජෝස් සිම්ස්, වරෙන්තු 3ක් මත අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම සම්බන්ධව දෙවන මට්ටමේ වරදක් ද සිදුකර ඇත.
කෙසේ වෙතත්, සිම්ස් මේ වන විට අරුම පුදුම ප්‍රකාශයක් සිදුකොට තිබේ. එනම් කනෙටිකට් නගරයේ ටොරිංටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිම්ස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති “වෝන්ටඩ්” (උවමනා වී තිබේ) පෝස්ටරය ජනප්‍රිය වී “ලයික්ස්” 15,000 ක් කරා ළඟා වන්නේ නම් තමා පොලිසියට භාර වීමට කැමති බවය.
ටොරිංටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ලුතිනන් බ්‍රෙට් ජෝන්සන් පවසන පරිදි, මත්ද්‍රව්‍ය, බීමතින් රිය පැදවීම, නීති කඩ කිරීම ආදී වරද රැසකට චෝදනා ලබා සිටින 29 හැවිරිදි සිම්ස් ෆේස්බුක් හරහා තමා හා සම්බන්ධ වූ බවත්, එහිදී තම නිල ෆේස්බුක් පිටුවේ පළ වූ වෝන්ටඩ් පෝස්ටරය පිළිබඳ අදහස් මැසෙන්ජර් යොමුව මඟින් තමා හට දැන්වූ බවත් සඳහන් කළේය.
සිම්ස් මුලදී ලුතිනන් ජොන්සන් හට ප්‍රකාශ කොට ඇත්තේ තම වොන්ටඩ් පෝස්ටරය ලයික්ස් 20,000ක් ලබා ගන්නේ නම් පොලිසියට භාර වීමට තමා කැමති බවය. කෙසේ වෙතත් මේ පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් ලයික් ප්‍රමාණය ඊට වඩා අඩු මට්ටමකට රැගෙන ඒමට ටොරිංටන් පොලිසියට සිදුවී ඇත.
ලුතිනන් ජොන්සන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සිම්ස් අල්ලා ගැනීම පොලිසියට ඉතා දුශ්කර කාර්යයක් වූ බවත්, මේ වන තෙක් ලැබුණු තොරතුරු මත ඔහු නිව්යෝර්ක් ප්‍රදේශයේ සිටින බව පොලිස් දෙපාර්තමේන්තුව විශ්වාස කරන බවත් ය. එබැවින් සිම්ස් ඉදිරිපත් කරන මෙම සයිබර් යෝජනාව අනුමත කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුවට අහිමි වීමට දෙයක් නොමැත්තේ යැයි ලුතිනන්වරයා සඳහන් කළේය.
“ඔහු පොලිසියට භාර වන්නේ නම්, අපගේ අරමුණ සාර්ථක වෙනවා, ඔහුගේ වෝන්ටඩ් පෝස්ටරය ලයික්ස් 10,000ක් ලබා ගනිමින් කිසියම් පුද්ගලයකුගේ ඔත්තුවක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ නම් ද අපගේ අරමුණ සාර්ථක වෙනවා. මේ ලයික්ස් ප්‍රමාණය මත පොලිසිය එකඟ වුණා යැයි කියන කතාව ඔහුව අල්ලා ගැනීම සඳහා භාවිතා කළ ප්‍රවේශයක් පමණයි. නමුත් එය මේ තරම් ව්‍යාකූල වෙයි කියා අප කීයටවත් සිතුවේ නැහැ,” ජොන්සන් පැවසීය.
ඉහත සඳහන් නිල ෆේස්බුක් පිටුවේ පළවූ වෝන්ටඩ් පෝස්ටය බ්‍රහස්පතින්දා (23) වන විට ලයික්ස් 19,000ක් ළඟා කර ගෙන තිබිණි.
කෙසේ වෙතත් සිම්ස් පොලිසියට භාර වීම සම්බන්ධයෙන් අදහසක් තවමත් ප්‍රකාශ කොට නැත!
“මිනිසුන් හිතන්නේ මෙය අපට පබ්ලිසිටි ගන්න ගහන ගේමක් කියලා. ඒත් එය වැරදියි. මෙම පෝස්ටය පළ කරලා ඊළඟ මිනිත්තු 15 ඇතුලත කවුරුන් හෝ සිම්ස් පදිංචි ස්ථානයේ ලිපිනය අපට ලබා දෙන්නේ නම් අප ඉතා කැමතියි. ඒත් එහෙම දෙයක් වුණෙත් නෑනේ! ” ලුතිනන්වරයා ප්‍රකාශ කළේය.
ලුතිනන් ජොන්සන්ට අනුව සිම්සි ඔවුනට මෙන්ම විවිධ “ප්‍රවෘත්ති සමාගම්” වෙත ප්‍රකාශ කර ඇත්තේ තමා “තමාගේ වචනයේ මිනිහකු” බවත්, තමා ඉල්ලන දෑ ලබා දෙන්නේ නම් පොලිසියට භාර වන බවත්ය.
“වගකීම භාරගෙන නිවැරදි තීරණය ඔහු ගනු ඇතිය කියා අප බලාපොරොත්තු වනවා, කෙසේවෙතත්, කාලය ගමන් කරනවා, ඔහු බලාපොරොත්තු වූ ලයික්ස් 15,000 ද ලැබී තිබෙනවා.. සිම්ස් තමා ගේ පොරොන්දුව ඉටු කරන බවක් පෙනෙන්නට නැහැ,” ජොන්සන් පැවසීය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…