පුවත්

කැපිටල් කෝලාහලය බලයේ රැදී සිටීමට ට්‍රම්ප්ට තිබූ ආත්මාර්ථකාමී ආශාවේ කැඩපතක් බව අනාවරණය වේ.

2021 ජනවාරි මස 6 වන දින සිදු වූ කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් පවතියි. පසුගිය (22) දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාවේ ග්‍රීෂ්ම සෘතුවේ අටවන නඩු විභාගය මඟින් අනාවරණය වූයේ ට්‍රම්ප් මහතා නීතිය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ජාතික ආරක්ෂක කාර්ය මණ්ඩලයට එක ඇමතුමක් ලබා දී තත්වය සමතයකට පත් කිරීමට කටයුතු නොකළ බවයි.

ට්‍රම්ප් මහතා ඔහුගේ ජ්‍යෙෂ්ඨතම කාර්ය මණ්ඩලය, සමීපතම උපදේශකයින් සහ පවුලේ සාමාජිකයන් කොලහාලය මැඩ පවත්වන ලෙස කරන ලද ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂප කර තිබිණ. “බලයේ රැඳී සිටීමේ ඔහුගේ ආත්මාර්ථකාමී ආශාව” මින් පිළිබිඹු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
කොංග්‍රසයේ නිල කටයුතුවලට බාධා කිරීම, ඇමරිකානු ජනතාව වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම හෝ සාක්ෂිකරුවන්ට හානි කිරීම වැනි චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතාට චෝදනා කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබිය හැකි බව කමිටුවේ සාමාජිකයින් තීරණය කර තිබේ.

මෙම අවස්ථාව පිළිබඳව රිපබ්ලිකානුවකු වන ඇඩම් කින්සින්ගර් පැවසුවේ ඔහු ක්‍රියා නොකිරීමට තීරණය කර සිටි බවයි. ප්‍රහාරය ආරම්භ වී පැය තුනයි මිනිත්තු හතකට පසු, ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ සිට පටිගත කරන ලද වීඩියෝවක් 16:17 ට නිකුත් කළේය, එහි ඔහු කැරලිකරුවන් “ඉතා විශේෂ” යැයි ප්‍රශංසා කළ නමුත් ඔවුන් විසුරුවා හරින ලෙස ඉල්ලා සිටියේය.

ට්‍රම්ප් මේ වන විට 2024 දී තමා නැවත ජනාධිපති ධුරයට තරඟ කළ හැකි බවට ඉඟි කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

16 mins ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 hour ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

5 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

8 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

9 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

9 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

14 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago